(යොහාන් භාසුර)

සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා පිටත්ව යෑමට කළ උත්සහයන් තුනක් වළක්වා පුද්ගලයින් 23 ක් පසුගිය දින තුළදී හරවා යැවූ බවත් මැලේසියාව බලා පිටත්ව යන පුද්ගලයන් පිළිබඳව ගුවන්තොටුපොලේදී කරන විමර්ශන දැඩි කර ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.

පසුගිය 2 වැනිදා මැලේසියාවේ සංචාරය සඳහා යන බව හගවා මැලේසියාවේ රැකියා සඳහා යාමට පැමිණි 9 දෙනෙකුගේ ගමන නතර කළ බවත් එම පිරිසට කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙක් ඇතුළත් වූ බවත් 3 වැනිදා සංචාරක වීසා මගින් රැකියා සඳහා මැලේසියාවට යාමට උත්සහ කළ කාන්තාවන් පස් දෙනෙක් ද, 4 වැනිදා සංචාරක වීසා මගින් මැලේසියානු රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් හත්දෙනෙක් නතර කළ බවත් එම කාර්යංශයේ තොටුපොල ඒකකයේ කාර්යාංශ නිලධාරී සඳහන් කරයි.