(ජයන්ත සමරකෝන්)
සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තීයේ යෙදී සිටි බව කියන තරුණ විදේශීය කාන්තාවන් 8 දෙනෙකු අද (11) දහවල් බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තරුණ කාන්තාවන් අතර ගණිකා වෘත්තීය මෙහෙයවූ චීන ජාතික කාන්තාවක් ද සිටින බව එම දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර චීන 2, තායිලන්ත 3, පිලිපීන 3 ක් වෙති. වැඩිදුර පරීක්ෂණ සඳහා මොවුන් සියලුම දෙනා මිරිහාන රැඳවුම් නිවාසය වෙත ගෙන ගොස් ඇති අතර පරීක්ෂණ වලින් පසු රටින් පිටුවහල් කිරිමට පියවර ගන්නා බවද වැටලීම් නිලධාරීහු පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කර්මාන්තයේ දේශීය කෝටිපති ව්‍යාපාරිකයෝ රැකගන්න පිටින් ඇවිත් ඒකපුද්ගල ව්‍යාපාර කරන අය අල්ලන්න ඕනේ.
චීනෙන් කිව්වහම ඉල්ලන සැනින් විසා දෙනවා ඇති අපේ ආගමන බලධාරීන්. ඉස්සර චීන කාන්තාවෝ අහුවුනේ ඒ ජොබ් එක කෙරුවටයි. දැන් මෙන්න මැඩම් කෙනෙකුත් අහුවෙලා. සුබ අනාගතයක් පහල වීගෙන එනවා වගෙයි.
චීන්නු එහෙත් කාලා මෙහෙත් කනවා