ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක සහ හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහන් සචින් තෙන්ඩුල්කාර් සහ මුත්තයියා මුරලිදරන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද ඇරැඹූහ.
තෙන්ඩුල්කාර් සඳහන් කර සිටියේ කොළඹ හැමදාමත් තම මතකයේ රැඳෙන ස්ථානයක් බවයි.
එසේම පාචනය වැළඳීමෙන් දිනකට දරුවන් 1600 මියයන බව දැන ගැනීමෙන් තමා අතිශය කම්පාවට පත්වූ බවත් එබැවින් හොඳ සෞඛ්‍ය පුරුදු කුඩා ළමුන්ට හුරු කරවීමේ අවශ්‍යතාවය තදින්ම පවතින්නේ යැයි ද තෙන්ඩුල්කාර් මහතා කීය.හොඳ සෞඛ්‍ය පුරුදු ළමයින්ට ඉගැන්වීමේදී පවුලක මවට වැඩි කාර්ය භාර්යයක් පැවරෙන බව ද හෙතෙම කීය.
මුත්තයි මුරලිදරන් මහතා කියා සිටියේ තමන් ක්‍රිකට් තරුවක් බවට පත්වූයේ මහජනතාව නිසා හෙයින් ඔවුන් වෙනුවෙන් පෙරළා යමක් කළ යුතු බවයි. විශේෂයෙන්ම මෙරට සිටින දුගී ජනතාව වෙනුවෙන් කළ හැකි හොඳම පියවර හොඳ සෞඛ්‍ය පුරුදු ඉගැන්වීම බවද ඔහු කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)
වැඩේ නම් හොඳයි. හැබැයි ඉතින් තෙන්ඩුල්කාර්ට නම් මේක පටන්ගන්න තිබුණේ බොම්බායෙන්ම තමයි (නි)
කොළඹ තරුපහේ හෝටලයක සිට අඩු වරප්‍රසාදලාභී ජනතාවට හොඳ පුරුදු උගන්වන්න නම් ටිකක් අමාරුයි (නි)
මමත් හිතන්නේ නයන කියන දේ ප්‍රායෝගිකයි (නි)
එහෙමම කියන්න එපා නයන. මේකේ පොඩි හරි හොඳ දෙයක් තියනවානේ. (නි)
ලංකාවේ ඔය කියන විදිහට දවසකට ළමයි 1600 ක් පාචනයෙන් නම් මියයනවා කියන එක නම් මට පිළිගන්න අමාරුයි. ඔය දත්ත අවුරුදු බර ගානකට පෙර නම් ඇත්ත වෙන්න පුලුවන් ඇති. අනික අපේ රටේ ඉන්න දෙමව්පියෝ දැන් හුඟක් දැනුවත් (නි)
යුනිසෙෆ් වැඩසටහන් ගැන අපිට හොඳ අවබෝදයක් ඇත. එම නිසා නිසැකවම මෙවැනි වැඩසටහන් සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. (නි)
කොළඹ තරුපහේ හෝටලයක සිට කතාකරන්න කලින් මුරලි වැනි ගම දන්නා වූ සහෘදයින්ට අපි කියන්නේ අපේ ආදරණිය සචින් සමග රට තොට ගම්මාන කරා ඇවිද බලන්න. ඔබලාගේ දක්ෂකම් වලින් උපයාගත් දැනුම සම්පුර්ණයෙන් සහ මුදල් වලින් කොටසක් හෝ වැය කර පිනක් කර ගන්න. ඔබලාට බුදු සරණයි.! (ර)
ඔබදෙපලට බොහොම ස්තුතියි. අපේ රටේ සෞඛ්‍ය බලන්න කොළඹ ඇවිත් මේ ගැන කතා කරන්න හිතපු සචින්, මම නම් කියන්නේ ඔබගේ රටේ නම් මේ ලෙඩ රෝග ගැන හොයන්න ඔබට විශාල ඉන්දියාවේ ගම්මාන කරා යන්න ඔබගේ ජිවිතේ පුරාමත් බැරි වේවි. මම නම් ඇසින් දැකපු සත්‍ය ඉන්දියාවේ ගම්බද සෞඛ්‍ය තමයි මුලින්ම සචින් දුටුව යුතුව තිබුනේ. එය ඉතාම අයහපත් මට්ටමක තියෙන්නේ. අපේ රට නම් තවමත් 90% ක් හොඳයි. (ර)
දවසකට 1600 ක්? මොන ඛේදවාචකයක්ද මේ? (නි)
ඉන්දියාවෙන් ඕක පටන්ගත්තොත් නරකද ?(ම)
පුදුමය කියන්නේ වැසිකිළි කැසිකිළිවත් නැති ඉන්දියාවෙන් ඕක පටන්ගත්තේ නැති එක (නි)
හොද සුසංයෝගයක් (නි)
දවසට 1600 නම් අවුරුද්දට 584,000ක්? (නි)
මෙම ගණන ලොව තෝරාගත් රටවල් ගණනින් බෙදා හදාගත් පොදු අගයකි.ඒ අනුව ඉන්දියාවේ දිනකට පාචනයෙන් මියයන්නේද 1600ක් වැනි සංඛ්‍යාවකි. (නි)
මම හිතන්නේ දවසකට 1600 ක් කියන්නේ මුළු ලෝකෙන්ම වෙන්න ඕනි. (ස)
කරුණාකර ලයිෆ් බෝයි විකුනන්න එවිට සුවපුරුදු රැකෙයි (අ)
හොඳ වැඩක්. සාර්ථක වේවා! (නි)
ඔව්, ඉන්දියාවෙන් පටන්ගෙන ආවානම් හොඳයි. ඔය ගැටලුව දරුණු ලෙස තියෙන්නේ ඉන්දියාවේ නිසා. (ස)