
(නිමන්ති රණසිංහ)
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ෂන පොලිස් ඒකකය අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
සැකකරු ඇප මතමුදාහැරිය හොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමේ ඇති හැකියාව හේතුවෙන් ඇප පනතේ 14 (1)(2) වගන්ති ප්‍රකාරව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරුගේ හඬ පරීක්ෂාවක් සඳහා ලබන 13 වැනිදා පෙරවරු 9.00ට රජයේ රස පරික්ෂකවරයා වෙත සැකකරු ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ වින්දිත ක්‍රිඩකයින් දෙදෙනාට විදෙස් ජාතිකයන් දෙදෙනකු යැයි කියන ‘ෂර්බි’ සහ ‘ශ්ලේඩ්’ යන අයවලුන් දෙදෙනකු වට්ස්අප් මගින් අමතා ඇති අතර, එම නම් දෙකකින් කතා කර ඇත්තේ ‘ජාත්‍යන්තර බුකීකරුවකු’ බවට හඳුනාගෙන ඇති බවත් මෙම සැකකරු ඔවුන්ගේ ‘ශ්‍රී ලාංකික නියෝජිතයා’ බවත් පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම තරඟ පාවාදීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට මේ රටේ නමගිය තවත් ප්‍රබල පුද්ගලයන් රාශියක් සම්බන්ධව ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බවත්, ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයේදී තොරතුරු හෙලිකරනු ලබන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සචිත්‍ර රිමාන්ඩ්
Bunny Preena Thursday, 07 September 2023 01:39 PM
අධික තන්හාව ශෝකය සහ නින්දාව ගෙන දෙයි