තුන් ඉරියව් ක‍්‍රීඩක සචිත් පතිරණ (140* සහ උමේෂ් කරුණාරත්න (168) හයවැනි කඩුල්ල සඳහා පැවැත්වු ලකුණු 248 ක සම්බන්‍ධතාව නිසා මුවර්ස් ක‍්‍රීඩා සමාජයට එරෙහිව කොල්ට්ස් පිටියේදී පැවැත්වෙන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමුවැනි කොටසේ අවසන් පුර්ව තරගයේ දෙවැනි දිනය අවසානයේ හලාවත මේරියන්ස් පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 410 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවුහ. මුවර්ස් කී‍්‍රඩා සමාජය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 133 ක් ලැබීය. සචිත් පතිරණ හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 140 ලබා ගත්තේය. උමේෂ් ගේ ශතකය හතරේ පහර අටකින් සහ හයේ පහර 9 කින් වර්ණවත්විය. අද (18) තරගයේ අවසන් දිනයයි. මුවර්ස් ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 133 (කසුන් මධුෂංක 36, මධුෂාන් ඒකනායක 45/6, මධුක ලියනපතිරණ 39/4) හලාවත මේරියන්ස් කඩුලූ 9 ක් දැවී 410 (සචිත් පතිරණ 140, සනත් සිල්වා 30, සඳුන් වීරක්කොඩි 22, උමේෂ් කරුණාරත්න නොදැවී 168), ලිලාන් ප‍්‍රනාන්දු 66/4, නවීන් කවිකාර 53/3)
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සචිත් (140)- උමේෂ් (168) ශතක ලබති