තුන් ඉරියව් ක‍්‍රීඩක සචිත් පතිරණ (140* සහ උමේෂ් කරුණාරත්න (168) හයවැනි කඩුල්ල සඳහා පැවැත්වු ලකුණු 248 ක සම්බන්‍ධතාව නිසා මුවර්ස් ක‍්‍රීඩා සමාජයට එරෙහිව කොල්ට්ස් පිටියේදී පැවැත්වෙන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමුවැනි කොටසේ අවසන් පුර්ව තරගයේ දෙවැනි දිනය අවසානයේ හලාවත මේරියන්ස් පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 410 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවුහ. මුවර්ස් කී‍්‍රඩා සමාජය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 133 ක් ලැබීය. සචිත් පතිරණ හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 140 ලබා ගත්තේය. උමේෂ් ගේ ශතකය හතරේ පහර අටකින් සහ හයේ පහර 9 කින් වර්ණවත්විය. අද (18) තරගයේ අවසන් දිනයයි. මුවර්ස් ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 133 (කසුන් මධුෂංක 36, මධුෂාන් ඒකනායක 45/6, මධුක ලියනපතිරණ 39/4) හලාවත මේරියන්ස් කඩුලූ 9 ක් දැවී 410 (සචිත් පතිරණ 140, සනත් සිල්වා 30, සඳුන් වීරක්කොඩි 22, උමේෂ් කරුණාරත්න නොදැවී 168), ලිලාන් ප‍්‍රනාන්දු 66/4, නවීන් කවිකාර 53/3)