රථවාහන වරදක් ගොඩින් බේරා දීමට රුපියල් දෙදෙහසක අල්ලසක් ගත් බව කිය සෙවනගල උප පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඩී.ඩී.අබේසේකරකට ලබන මස 20 වැනි දා අධීකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතිසී නිකුත් කළේය.
රථවාහන වරදක් ගොඩින් බේරා දීමට රුපියල් දෙදෙහසක අල්ලසක් ගත් බව කිය සෙවනගල උප පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඩී.ඩී.අබේසේකරකට ලබන මස 20 වැනි දා අධීකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතිසී නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කරනකොට ලොකු පොඩිකම් නැහැ. වරද වරදමයි. නමුත් කරුමෙට අපේ රටේ අහුවෙන්නේ මෙවැනි වැරදි විතරයි. නමුත් හැම එකම හදාගෙන මේවා හදනවා කියලා හිතුවොත් කවදාවත් මේවා හදන්න බැරි නිසා අහුවුණ තැන දඬුවම් කරන එක ඉතා හොඳයි. (නි)
බුදුනු තුන්වරක් වැඩි මේ පින්කෙතේ පගාවක් නොදි කරගන්න පුළුවන් වැඩේ මොකක්ද? ඉස්පිරිතාලෙකට ගියොත් සුළු සේවකයට පවා සල්ලි දෙන්න ඕනෑ. ආණ්ඩුවෙ තැනකට වැඩක් කරගන්න ගියොත් කාකාස පටන් ඉහළම ලොක්කා දක්වා පගාව දෙන්න ඕනෑ. දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න ගියොත් සල්ලි ලක්ෂ ගණනින් ගෙවන්න ඕනෑ. අනේ අපේ රටේ පගාවෙන් තොරව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ කවදාද? (නි)
වරදක් කළ අය සමාජයට හඳුන්වා දියයුතුයි. අනෙක් මිනිසුන්ට අඩුගානේ ඒ අයගෙන් මින් මතුවට බේරිලා ඉන්නවත්. (නි)
සමහරකෙුට හිතෙනවා ඇති දෙදාහ මොකක්ද මේ නිලධාරියා පව් කියලා. නමුත් ඇත්ත් ඒක නෙමෙයි. මේ නිලධාරියා මේ වගේ දෙදාහෙ ඒවා කීයක් ගන්නවා ඇද්ද? පගාව අරන් පුරුදු කෙනාගෙන් බේරිලා යන්න සක්කරයාටවත් බැහැ. බොරු දඩ ගහලා අහිංසකයින්ගෙනුත් පගාව ගන්නවා ඇති. මාසික පගා ආදායම මෙයාගේ සෑහෙන ගානක් ඇති. බලනකොට මේක පොඩි නැහැ මහත්තයෝ. (නි)
දෙදාහත් සොච්චමක් නම් 'වන්වේ' හරහා පන්සීයක් ගෙවලා අනිත් පැත්තට යන එකට මොකක්ද කියන්නේ? (ර)
අපේ රටේ පගාව නැති තැනක් කියන්න. හේතුව අද මුදල් පිටුපස යන ලෝකයක් තියෙන්නේ. එකිනෙකා පරයා යන්න තමයි කවුරුත් දඟලන්නේ. පුළුවන් නම් හිත හදාගෙන කවුරු කවුරුත් තමන්ට පුළුවන් විදියට කටයුතු කළොත් ඔය පගාව ගන්න ඕනෑ නැහැනේ. (නි)
අනේ එස්.අයි. මහත්තයෝ, සෙනග ගැවසෙන තැනක බිම වාඩිවෙලා ලේන්සුවක් එලාගෙන හිටියනම් ඔයිට වැඩිය ගානක් හොයාගන්න තිබුන නම්බු ඇතුව නීතියෙනුත් බේරිලා.(කෞ)
පොඩි බඩගින්නට බිස්කට් කෑවා වගේ වැඩක්. (ර)
අපරාදේ; නම කැත කරගන්න ඇයි ඒ සොච්චමවත් ගත්තේ ? පොලිසිය තියෙන්නේ වැරදිකරුවන් , සැකකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්න නේ ? නමත් එක්කම නේ මේ පුවත පත්තරවල වැටෙන්නේ. මේවා ඉතින් කාට කාටත් පාඩම්. (කෞ)
ගත්ත පගාව වගේ කී ගුණයක දඩයක් ගෙවන්න වේවිද? සමහරවිට පොලිස් නීති යටතේ, පිත්තල බොත්තම් අල්ලපු කබාය එහෙම පොලිසියට ආපසු බාරදෙන්න වෙයිද දන්නෙත් නැහැ. (නි)