IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සඟරුවන පිඬු සිඟා වඩිති

නාත්තන්ඩිය-ගල්අමුණ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ මහා සංඝරත්නය අද පිඩු සිඟා වැඩියහ.

පසුගිය 27 වැනිදා ගල්අමුණ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට වැඩම කළ භික්ෂූහු ගල් අමුණ සහ අවට ගම්මාවනවල  පිණ්ඩපාතයේ වැඩම කළහ.

විහාරවාසී නාවලපිටියේ ඛේමානන්ද හිමියන්ගේ අනුග්‍රහය අනුව මේ පිංකම් සංවිධානය කර තිබිණි.




අදහස් (0)

සඟරුවන පිඬු සිඟා වඩිති

නීල් Monday, 27 May 2013 03:50 PM

බුදුන් දේශනාකළ පරිදි භික්ෂුන් වහන්සේ දෛනිකව කළ යුත්තේ පිණ්ඩපාතයේ වැඩම කරමින් මිනිසුන් අතරට ගොස් ඔවුන් ධර්මයෙහි පිහිටුවා දවසේ ඉතිරිය බණ භාවනා කොට නිවන් මගට පිවිසීමයි. පන්සලට වී දන් වැළඳීමෙන් බොහෝ සංඝයා වහන්සේ රෝගී වී තිබෙනවා. (නි)

:       0       0

අමාලි සිල්වා Monday, 27 May 2013 04:26 PM

දකින්න දුලබ දර්ශනයක්. මට සිතට නැගෙනවා ඉස්සර බුදුහාමුදුරුවන් ඉන්න කාලේ. මර්සි කිවුවා වගේ මෙන්න මේවා තමා උදාහරණ . බෙන්ස් කාර් වලින් පාර්ලිමේන්තු ගිහින් බුදු දහම විනාශ කරන හිමිවරුන්ට වඩා මේ සිල්වත් හිමිවරු උතුම්ය. හිමිවරුනි, ඔබේ දෙපා ළඟ නමස්කාර කරමි (නි)

:       0       0

සම්පත් Monday, 27 May 2013 04:35 PM

අනේ මර්සි, මර්සිය දාන්න එපා. හාමුදුරුවරු කාටවත් කරදරයක් කරලා නැහැ. රට වෙනුවෙන් කතාකරන එක කොහොමද කාටවත් කරදරයක් වෙන්නේ? හාමුදුරුවරු නැත්නම් අපිට ඉන්න ලංකාවක්‌ නැතිවෙයි. (නි)

:       0       0

මර්සි ලංකා Monday, 27 May 2013 05:51 PM

සම්පත්, හාමුදුරුවරු නැති රටවල් තිබෙනවා ලෝකයේ. කිසිම කරදයක් නැති ප්‍රශ්න නැති ලෝකය ගැන අවබෝදයක් නැති කමට කරන්න දෙයක් නැහැ. ඔය බුදුදහම ලංකාවට එන්න කලින් ලංකාවේ මිනිස්සු ඉඳලා නැද්ද ? ලිඳේ ඉන්න ගෙම්බා දන්නා තරම තමා. අනික් එක හාමුදුරුවරු වරු ඉන්නේ බන දේශනා කරලා වැරදි කරන මිනිසුන් යහ මගට ගන්න. දේශපාලනය කරන්න නෙමේ. එහෙත් රාජ්‍ය නායකයන්ට අවවාද අනුසාසනා දිය හැකියි.(නදී)

:       0       0

පෙරුමාල් Monday, 27 May 2013 06:22 PM

කොහොමත් මේක අපි ආදර්ශයට ගන්න ඕනා. අපි හැමෝටම ඕක තමයි කරන්න වෙන්නෙ (දේශපාලනඥයන් හැර).(නදී)

:       0       0

චානක Tuesday, 28 May 2013 12:46 AM

සම්පත්, ඔයා ඉස්සෙල්ලම බුදුන් භික්ෂුවට දෙසා තිබෙන විනය පිටකය කියවලා පසුව ලියන දෙයක් ලියන්න. සමහර භික්ෂුන් හැසිරෙන ආකාරයට මෙම භික්ෂුන්ගේ දර්ශනය හිතට ප්‍රිය දසුනක්. (නි)

:       0       0

සජිත් Monday, 27 May 2013 01:41 PM

සාධු....සාධු....සාධු....

:       0       0

මර්සි ලංකා Monday, 27 May 2013 01:57 PM

මෙන්න උදාහරණ ගන්න අපේ හිමිවරුන් . දේශපාලනයෙන් තොරව ජාති බේදයකින් තොරව. පාරේ බැහැල කැ ගහන්නේ නැතුව, මිනිසුන්ට කරදර නොකර සිල්වත් හිමිවරු පිණ්ඩපාතයේ පයින් ගමන් කර , දානය සපයා ගන්න හැටි. බුදුරදුන් සිටි කාලයේ වගේ. දකින්න ලස්සන දර්ශනයක් . සාදු සාදු සාදු!(නදී)

:       0       0

සරත් Tuesday, 28 May 2013 07:12 AM

පිණ්ඩපාතය යෑම හොද දෙයක් ඒක භික්ෂුන් වහන්සේලාට ප්‍රතිපත්තියට හොදයි. ඒත් පිණ්ඩපාතයෙන්ම වැලදිය යුතුයි කියල නීතියක් නැහැ. අනෙක අද පිණ්ඩපාතය කියන්නේ සංවිධානය කරපු දෙයක්. සංවිධානය කරලා පිණ්ඩපාතයේ යෑම කෘතිම දෙයක්. ඒ නිසා පිණ්ඩපාතයේ තියෙන ගෞරවණීය බව නැතිවෙලා ගිහින්. (නි)

:       0       0

නිල්මිණි Monday, 27 May 2013 02:26 PM

මෙන්න නියම හිමිවරු. ඔබ වැන්නන් දහස් ගණන් බිහි වේවා! ශාසනය රැක දෙත්වා! (නි)

:       0       0

පයිසාර් Monday, 27 May 2013 02:27 PM

බුදුන්ගේ පිලිවෙත් රකින නියම බෞද්ධ භික්ෂූන් වහන්සේලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site