IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සඟරුවනේ එකමුතු වැඩ පිළිවෙළක්

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාවේ නිළවරණය පසුගියදාලේච්වර්ත් ධම්ම නිකේතන විහාරස්තානයෙදී පැවැත්විණි.

එංගලන්තයේ ශ්‍රීලංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලම නියෝජනය කරමින් මහා සංඝරත්නය රැස්වීමසඳහා වැඩමකර සිටියහ.

ලන්ඩන්බෞද්ධ විහාරාධිපතිව වැඩවිසූ අපවත්වීවදාළ  මැදගම වජිරඥාන මහනාහිමියන්ගේ මුලිකත්වයෙන් 1991දී පිහිටුවන ලද මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාසංඝ සභාව පසුකලෙක ලන්ඩන් බෞද්ධ විහාරයේ වත්මන් විහාරාධිපති තැන්පත්  බෝගොඩ සීලවිමල නාහිමියන් යටතේ පවත්වාගෙන යයි.

බ්‍රිතාන්‍යයේශ්‍රී ලංකික මහා සංඝරත්නය එකමුතුකිරීමත් අවශ්‍ය අවස්ථාවල අදාළ ගුරු උපදෙස්ලබාදීමත් සංඝ සභාව තුලින් ඉටුවෙන වැදගත් කාර්යයකි.

අද බ්‍රිතාන්‍යයේ පවතින බහු ආගමික සහ බහුසංස්කෘතික සමාජ වාතාවරණයට අනුකුලව අනෙකුත් ආගම් සහ සංවිධානයන් හා එකමුතුවක්‍රියාකිරීම සඳහා සංඝ සභාව අවශ්‍ය පියවර ගෙන ඇත. විශේෂයෙන් බ්‍රිතාන්‍යයේජාතික උත්සව සහ සැමරුම් වලදී බෞද්ධ ජන කොටස් නියෝජනය කිරීමේ වැදගත් වගකීමපැවරෙන්නේ ශ්‍රී ලංකා සංඝ සභාවටය.

බ්‍රිතාන්‍යයේඇති සියලුම ආගම් සමඟ සහසම්බන්ධ තාවයක් මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධතාවයක් ඇතිකරගෙන පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා සංඝ සභාව මඟින් සුවිසේශී වැඩකොටසක් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාවේ විවිධ හැල හැප්පිලි පැවතී හැම අවස්ථාවකම ඒ පිළිබඳව යුරෝපයේ ඇතිවන වැරදි ප්‍රචාරයන් නිවැරදි කිරීම සඳහාත් ශ්‍රීලංකා සංඝ සභාව මඟින් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ඕනෑ එපාකම්පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීමටත් අවශ්‍ය අවස්තාවලදී උදව් උපකාර අවශ්‍ය අයවෙත සපයාදීමටත් ශ්‍රී ලංකා සංඝ සභාව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා සංඝ සභාවේ රැස්වීමේදී ඉදිරි වසර තුන සඳහා නව නිලධාරී මඩුල්ල මෙසේය.අනුසාසක කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ඝමහා පණ්ඩිත  ගලයායේ පියදස්සි නාහිමි සභාපති,ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමි,උප සභාපති ධුරයටබර්මින්හැම් බෞද්ධ විහාරාධිපති මාකුරේ මංගල හිමිලේකම් තනතුර සඳහා ලේච්වර්ත්ධම්මනිකෙතනාධිපති  අකුරල සමිත හිමි, උප ලේකම් තනතුර සඳහාබඹරකොටුවේ ආනන්ද මංගල හිමි,භාණ්ඩාගාරික ලන්ඩන් බෞද්ධ විහාරවාසීතවලම බන්දුල හිමි , කාරක සභාව ප්ලස්ටෝ බුද්ධවිහාරාධිපති ආචාර්ය කබලැවේ සිරිසුමන හිමි, දෙදියවෙල විමලහිමි, ගුන්නැපානේ සුමනාරාම හිමි, කහතේවෙල චන්ද්‍රජෝති හිමි සහ  කොන්වැවේ අරියරතන හිමියන් තේරි පත්විය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ"සුඛ සංඝස්ස සාමග්ගී" යනුවෙන් අනුදැන වදාළ පරිදි මහා සංඝයා වහන්සේ අතර සමාදානය ඇතිකිරීම බුද්ධෝත්පත්තිය සහ පරමෝත්කෘෂ්ට ධර්මයට සවන්දීමට ලැබීම ලඟට ඇති ඇති උත්තම භාග්‍යයවන බව අවධාරණය කළ  බෝගොඩ සීලවිමල නාහිමියන් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා සංඝ සභාව තුලින් අවශ්‍ය උපදෙස් සහ අනුශාසනා ලබාගැනීමට එංගලන්තයේජීවත්වන ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන් සියලුම දෙනාහටම අවකාශය ඇතිබවත්  පැවසුවේය. ලබන්නාවූ වෙසක් පිංකම  පිළිබඳවද සිහිපත් කරදුන්උන්වහන්සේ තිවිධ රත්නයේ ආශීර්වාදය සියලුම දෙනාහට ලැබේවායැයිද ප්‍රාර්ථනා  කළහ.

 



අදහස් (0)

සඟරුවනේ එකමුතු වැඩ පිළිවෙළක්

නීල් Thursday, 23 May 2013 12:43 PM

ලන්ඩනයේ ඉඳන් බ්‍රිතාන්‍ය තුල සිදුකරන බෞද්ධ කටයුතුවලට ගුරුහරුකම් දුන්නට කමක් නැහැ. හැබැයි ලංකාවේ සංඝ රත්නය එංගලන්තයේ ඉඳන් පාලනය කරන්න හදන්න එපා, අර එක එක සේනා හදාගෙන. (නි)

:       0       0

රාණි Thursday, 23 May 2013 02:02 PM

නිල වාරණයක් කිවේ ඡන්දයක්ද?. පන්සල් වලට පින්නවල ඉන්න අලි පැටවූ දේශපාලන බලපෑම් හරහා බෙදාදීම්, සඟ නායක පදවි පිරි නැමිම් වැනි විවිද ඝනයේ අල්ලස් හරහා කරන ඡන්දයක් නොවේවා.(නදි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site