කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ් .සී ක්‍රීඩාංගනයේ ඉකුත් දා පැවති ලෝ ප්‍රකට ගායක ශිල්පී එන්රිකේ ඉග්ලීෂියස් ගේ ප්‍රසංගය නැරඹීමට වී.අයි.පී ටිකට්පත් වලට හිමි කිසිදු වරප්‍රසාදයක් නොදීමෙන් සිදුවූ මානසික හා ශාරීරික පීඩාව වෙනුවෙන් රුපියල් දෙකෝටි විසිලක්ෂයක් වන්දියක් වශයෙන් ලබා දෙන්නැයි ඉල්ලා පැවරූ පැමිණිලි දෙක සම්බන්ධයෙන් ලබන අප්‍රේල් 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (02) එම ප්‍රසංගය සංවිධානය කල සමාගමට නොතීසි නිකුත් කළේය.
මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර එම සමාගයේ සම අධ්‍යක්ෂකවරුන්ය.
කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ මෙම පැමිණිල්ල කැඳැවිණි.
නීතීඥ හිෂාන් ප්‍රේමරත්න මහතා සහ ඔහුගේ බිරිඳ එම ප්‍රසංගය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට් අයතනයට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කළහ.
ඔවුන් ඉකුත් දෙසැම්බර් 20වැනි දා පැවත්වු එම ප්‍රසංගය නැරඹීමට රුපියල් 35000 වි.අයි.පී ටිකට් පත් මිලදී ගත් බවත්,නමුත් ගිවිස ගත් පරිදි එම තමා මිලදී ගත් ටිකට් පතට කිසිදු පහසුකමක් නොලැබු බවත් කියා සිටි.එහිදි යම් යම් අශෝබන සිද්ධී වූ බවත් ඉන් තමන්දැඩි අසහනයට පත් වූ බවද පැමිණිලිකරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ, අසරණ මිනිස්සු බඩගින්නේ, මේ අය මෙච්චර ගණන් දීලා සංදර්ශන බලන්න යනවා . මොන වී ඊ පි සැලකිලිද? (ර)
ගොම මුට්ටියට කිරි බින්දුවක් වත් වැටිලා නැහැ වගේ.(කෞ)
විහිලු (බ)
කතාව ඇත්ත. ලොකු සල්ලියක් ගත්තනම් ඒ පොරොන්දු පහසුකම් දෙන්න ඕනි. (බ)
කලණි, කිරි කළයට ගොම බින්දුවක් කිව්වනම් නේද හරි.....(අ)
කියක් හරි හම්බ කර ගන්න තියන වෙලාවනේ . ඔය නඩු දාපු අයගෙන් කාටවත් කිසිම් පීඩනයක් වෙන්නේ නැතුව ඇති. (අ)
රටට අාදර්ශමත් වියයුතු ජනප්‍රිය පුද්ගලයන් මෙිවැනි විකෘති සංදර්ශන පෙන්වා පින්බිමෙි ජනතාව නොමග යැවිම පිලිකුල් සහගත ක්‍රියාවකි මොවුනට දඩුවමි දිය යුතුය. (බ)
35000 රුපියල් දෙකෝටි විසිලක්ෂයක් වන්දියක් ... නරක නැහැ. (ර)
තිබෙන ජනප්‍රියතාව මදිද ? එක එක බහුභූත කරන්නේ ? දැන් විශ්‍රාම ගිය එකේ , ලංකාවේ වැටිලා තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව නග්ගල ගන්න කටයුතු කලොත් අපි ඔබලාට මල් තබා වඳිනවා. (ර)
සුමිත්‍රා බස්නායක ඔබට කලණි විතානගේ උපහාසය තේරුම් ගන්නට තරම් බුද්ධියක් නැද්ද. ඉතින් කොහොමද ඔබ මේවගේ පුවත් පතකට අදහස් ලියන්නේ. (බ)
අනේ මන්දා 35000 ක ටිකට්පතක් ගන්න තරම් මේ අයගේ වත්කම කොහොම වෙන්න ඇත්ද? එහෙම බැලුවොත් රටේ ඇති නැති පරතරය අහසට පොලොව වගේ නේද? (ර)