උතුරේ යතුරු පැදිවලින් සැරි සරන කල්ලිය හමුදා බුද්ධි අංශ බවට ජනතාව එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කරද්දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා ඊට පිළිතුරු නොදී නැගිට ගියේය.
යාපනය විශ්ව විද්‍යාලයීය සිසුන් දෙදෙනකු මිය යෑමේ සිදුවීම ගැන පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න ඇසීය.
යාපනයේ අපරාධ කරන යතුරුපැදි කල්ලියක් ක්‍රියාත්මක වන බවත්, මේ නිසා සිද්ධි වූ දා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවත්, සිසුන්ගේ යතුරු පැදි දෙක මාර්ග බාධකයේ නොනවත්වා ගමන් කර ඉදිරියේ තිබූ ජංගම රථයේ සිටි පිරිස දෙසට පැමිණ ඇති බවත්, ඒ නිසා වෙඩි තබා ඇති බවත්, ඒ මොහොතේ නිලධාරීන්ගේ තත්ත්වයද තේරුම් ගත යුතු බවත් සාගල රත්නායක ඇමැතිවරයා කීවේය. පොලිසිය බේරීමට අහසට වෙඩි තැබූ බව කියන බව ද ඇමැති පැවසීය.
මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත්, මෙය කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු කීවේය.
මෙම සිදුවීම අළලාගෙන ප්‍රශ්න ඇති කිරීමට හැකි නිසා ප්‍රශ්න අවම වන ආකාරයෙන් කටයුතු කළ යුතු යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
ප්‍රශ්නය - මෙම සිදුවීමට තොරතුරු වසන් කිරීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඊට පහළ නිලධාරීන් පිරිසක්. පොලිසිය මුලින් ප්‍රකාශ කළේ මාරක රිය අනතුරක් කියලයි. මාරක රිය අනතුරකදී සහකාර පොලිස් අධිකාරී සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකත් ගොස් පරීක්ෂා කළ බැලිය යුතුයි. එවිට මෙය අපරාධයක් බව ඔවුන්ට පැහැදි වෙනවා. නමුත් ඇයි සිද්ධිය වසන් කිරීමට උසස් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගත්තේ?
පිළිතුර - පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.
ප්‍රශ්නය - පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ තිබෙනවා පිටුපස සිටි සිසුවා මිය ගියේ හිසට බරපතල හානි සිදුවෙලා කියා. නමුත් ඔහුගේ පැළඳ සිටි හෙල්මටයට හානියක් වෙලා නෑ. එය විසි වෙලත් නෑ. ගලවා තිබූ ආකාරයට ඒ ළඟම තිබෙනවා. කොහෙමද එහෙම වෙන්නේ?
පිළිතුර - පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. මට පිළිතුරු දිය හැක්කේ සමහර දේවලට පමණයි.
ප්‍රශ්නය - මේ සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකුගේ පපුවට සහ උකුලට වෙඩි වැදී තිබෙනවා . ඔබ කියනවා අහසට වෙඩි තැබූ බව. අහසට වෙඩි තිබ්බා නම් කොහොමද පපුවට වෙඩි වදින්නේ?
පිළිතුර - පටිපස්සෙනුයි වෙඩි තබා තිබෙන්නේ. පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. කිසිවක් වහන්න අපට අවශ්‍ය නෑ.
ප්‍රශ්නය - ඔබ කියනවා මෝටර් බයිසකල් ගැන්සියක් උතුරේ ක්‍රියාත්මක වන බව. හැබැයි ජනතාව කියන්නේ ඒ මෝටර් සයිකල් ගැන්සිය හමුදා බුද්ධි අංශයේ බවයි. මේ චෝදනාව ගැන මොකද කියන්නේ?
එම ප්‍රශ්න අසද්දී ඇමැතිවරයා ඊට පිළිතුරක් නොදී නැගී සිටියේය.
ප්‍රශ්න - ඔබතුමා නිශ්ෂබ්දව සිටීමෙන් අපි ඊට පිළිතුර ඔව් කියා ද ගන්න ඕනා? එහෙම නැතිනම් නෑ කියාද?
ඇමැතිවරයා නැගිට යමින් ගමන් කීවේ ඊට පිළිතුරක් දිය නොහැකි බවයි.
මේ සිදුවීමේ සැක මුසු තැන් ගැන ඇසීමට තවත් ප්‍රශ්න ගණනාවක් ඇති බව මාධ්‍යවේදීන් කීවත් ඒවාට අසන්නට අවස්ථාව නොලැබිණි. ඇමැතිවරයා පිටවී ගියේය.
(වීඩියෝ ශිහාර් අනීස්)
වීඩියෝ - ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම නමුත් සාගල ඇමතිතුමා හොඳ ආදර්ශයක් දුන්නා (නි)
හැබැයි සමහර කට්ටිය හිතාගෙන ඉන්නේ ඔවුන් සියල්ලදත් කියලා (නි)
අර යාපනේ විශ්ව විද්‍යාලේ ළමයින්ගේ ඔලු පලනකොට ඇයි දන්නේ නැහැ ප්‍රශ්න නොකළේ? ඔහොම යමු මල්ලිලා තව ටික කාලයක්. ඊටපස්සේ බලමු නේද? (නි)
ත්‍රස්තවාදයක් නැති වුණත් ත්‍රස්තවාදීන් ලෙස නීතියට පිටුපා හැසිරෙනකොට ඔය වැනි දේවල් සිදුවීම් සම්බන්ධව අනවශ්‍ය ලෙස ප්‍රශ්න කිරීමටවත් සුදුසු නැහැ. (බ)
නිකන් කොටවලා ප්‍රශ්නයක් ඇතිකරන්න එපා සමහරු මෝඩ ප්‍රශ්න අහනවා (බ)
මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇසීමේදී වගකීමකින් යුතුවයි ප්‍රශ්න ඇසිය යුත්තේ. එසේ නොමැතිව නිකම් වැඩක් නැති ප්‍රශ්න ඇසීම මෝඩ කමකි. (බ)
ලිච්ඡවී රජදරුවෝ දුවනවා. (බ)
දැන් මාධ්‍ය වලට පුදුම පණක් ඇවිල්ල තියෙන්නේ... කලිනුත් ඔහොම වුණා නම්... සුදු..... තමයි (ම)
බයිසිකලේක ගෙදර යන මනුස්සයෙක් හප්පලා මරපු ඇමති පුතා ගැන කවුරුවත් අහන්නේ නැත්තේ ඇයි. (බ)
අර සුදු කොඩි කතාවක් නිර්මාණය වුනෙත් මේ වගේ අනවශ්‍ය ආකාරයේ ප්‍රශ්ණ කිරීම් හරහායි (බ)
පරීක්ෂණයක් පවත්වන දෙයක් ගැන කොහොමද කලින් උත්තර දෙන්නේ . ලංකාවේ සමහර පැතිවල හෙල්මෙට් තියෙන්නේ අතේ ගෙන යන්න කියල පෙන්වන ඕන තරම් ෆොටෝ මුහුණු පොතේ පලවෙන්නේ (උතුරු නැගෙනහිර ) තමන් නිවරදි නම් ඇයි වාහනේ නතර කරන්න බැරි වුණේ.(අ)
මාධ්‍ය කස්ටිය දැන් චන්ඩි වගේ (අ)
මෝඩ ප්‍රශ්න නිසා අනවශ්‍ය ප්‍රශ්නවලට ඉඩ පාදා දෙනවා .අර සුදු කොඩි කතාව ඇදිච්ච නිසා කියන්නේ . එකට සියයට සියයක් වග කියන්න ඕන පුද්ගලයා තමා එදා හිටපු මාධ්‍ය ඇමති අනුර ප්‍රිය දර්ශන යාපා. එදා දේශපාලන වාසි ගන්න කොරපු කතාව මහා විනාසයක් රටට ගෙන දුන්නා. (අ)
මාධ්‍යවලට හොඳ ප්‍රශ්න ඇවිළෙන තරමට මිසක් නිවෙන තරමට නෙමෙයි. සමහරවිට රටේ අංක එකේ ප්‍රශ්නය එය වියහැකියි. (නි)
සමහර සිද්ධීන් වලදී සිද්ධිය මුලටම යා යුතුයි. මේ සිද්ධියට මුලාරම්භය පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කිරීමයි. එ්ත් වෙඩි තැබීම නොකළයුතුව තිබුනා වගේම, පොලිසිය නිහඬව සිට ඒ අයට ඔය දේ වුණා නම් තත්වය කුමක්ද? (නි)