සීගිරියේ ඉඳිගස් වැව පාරම්පරික කුඹුරුවලට දියවර සපයන වැව් 13ක ජලය ගලා යන ඇළ මාර්ග ගොඩ කර ඇතැයි ගොවියෝ පිරිසක් අද උද්ඝෝෂණය කළහ.
සීගිරි හා පිදුරංගල පර්වත පෙනෙන තෙක් මානයේ ඇති කුඹුරු යායක ඉදිකිරීම්වලින් අද තම ඇළ මාර්ග අවහිර වී ඇතැයි ගොවියෝ කියති.
මෙම ඇළ මාර්ගවල සිටි ඉදිබුවන් ද අසළ කැලෑවල සිටි දඬුලේනුන් ද මරා දමා ඇතැයි ගැමියෝ කියති.
මරා දැමුණු ඉදිබුවන්ගේ කටු තැන තැන දමා ඇති බව ද ඔවුහු පවසති.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය හොදට අදහස් දාල තියෙනවා. නියමයි. ලබන පාරත් චන්දෙ දීලා තණකොළ කමු. (අ)
මේකේ සංවර්දනය බාර හැම දෙනාම මර නින්දේද? (දී)
සීගිරිය අවට කි.මී. 20ක ප්‍රමාණයක් පමණක් සංචාරක කර්මාන්තය සඳහා යොදවමු (නි)
මේවා නම් වැරදියි තමයි (නි)
සීගිරියේ කළු ගල්වල වටිනාකම තවම තක්සේරු කරලා නැතුව ඇති. නැත්නම් ඉතින් ඒකටත් බුදු සරණයි තමයි (නි)
අපේ නායක හාමුදුරුවෝ කිවුවේ මෙන්න මේ ටික තමයි. (නි)
මේවා වෙනවා නුසුදුස්සන් පත්කරගත්තහම (නි)
ඔහොම තමයි ඉතින්. ආශ්චර්යට යනකොට බතුත් කන්න නැතිවෙනවා. එතකොට කේක් කන්න පුලුවන්නේ... (නි)
ලංකාව තව දුරටත් කෘෂිකාර්මික රටක් නොවෙයි. ජනතාව එක අනිවාර්යෙන්ම තේරුම්ගන්න ඕනෑ. (නි)
ලංකාව විනාශ කරන තිරිසන් යුගය පහලවෙලා. අහිංසක මිනිසුන්, ගහකොළ, සතා- සීපාවා කාලකන්න්නියන්ගෙන් බේරාගත යුතු කාලය එළඹිලා (නදී)
පින්තුර ටික දැක්කම පෙනේව කරලා තියන විනාශය. ඉදිකිරීම් වැඩේට සංවර්දනය මුවාවෙන් අඩුගානේ පලා බබෙක් වත් සම්බන්ධ ඇති. සාමාන්‍ය පුද්ගලයෙකුට මේවගේ වැඩ කරන්න බැහැ. අපි මයි පත් කලේ ලබන සැරෙත් පත් කරමු. කන්න වෙන්නේ පස් තමයි. (නදී)
රුපවති කියනවිදිහට කරන්න කලින් සාකච්චා කරන්න මේ අයට පරිසරය ගැන මොන දැනුමක් වත් නැහැ.අනිත් එක මොනවා විනාස වුනත් පාලකයින්ට කොමිස් ලැබෙනවානම් ඒ ගොල්ලන්ට රටින් පරිසරයෙන් වැඩක් නැහැ ,පරිසරය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය තමයි පාලනය කරන්නේ ,ඉතින් කවර කතාද.(අ)
කවුද මේ අපරාධය කරන්න ඇත්තේ ? (නදී)
අනිවාර්යයෙන්ම මෙම කාර්ය පිටුපස බලවත් දේශපාලඥයෙක් හෝ දේශපාලකයින්ට සම්බන්ධ බලවතෙක් සිටිනවා ඇති.(අ)
සේනක සිරිවර්ධන ඔබ හරි.(අ)
ගහ කොළ සතා සිව් පාවුන්ට සහ බත් කන හරක්ට මේ තරම් විනාශයක් ගෙන දුන්න කාල පරිච්ඡේදයක් ලංකාවේ ඉතිහාසයේ කෙදිනකවත් මමනම් දැකල නැහැ. (අ)
එදා වෙලා හම්බ කරන් කන අසරණ මිනිසුන්ට "රාජ්‍ය අනුගහය ලබන ගස් ගල්" එක්ක හැප්පෙන්න බැහැ.ඇහෙම වුණොත් පේනවනේ සිද්ද වෙන දේ.මේවා ලෝක පාලක දෙවියන්ටම පෙනිලා ඔවුන්ට සාපයක්ම වෙන්න ඕනේ .අසරණ මිනිසුන්ගේ සාපය හුනියමක් වෙලා මේවා කරන්න ඉඩ දෙන අයට පරිසන් දෙන්න ඕනේ .(අ)
මේ යන ක්‍රමයට සීගිරි ගලත් නොවිකුණුවොත් තමයි අපි පුදුම වෙන්න ඕනේ.(අ)
ඇත්තටම අපේ රටට මොකක්ද සිද්ද වෙන්න යන්නේ? (අ)
රට ජාතිය බේර ගන්න වීරවරු බිහි වෙන්න ඕනේ කාලයක් මේක. (අ)
"මෝඩයන් වටා බලය ඒකරාසී කිරීමේ වරදට ජනතාව සහ අනාගත දරු පරම්පරාව දඩුවම් විදිය යුතුමය" (අ)
කාලකන්නි දේශපාලනය තියෙනතාක්කල් මේ උතුම් රට විනාශයට පත්වීම වලක්වන්න බෑ. හරිම සෝචනීයයි. (ස)
අනේ ලංකාවේ මිනිස්සු විදින දුකක්,සංවර්දනය කරලා තියනවලු කියනවා කොහෙද දන්නේ නැහැ.වරායවල් ගුවන් තොටු පොළවල් වලින් මේ මිනිස්සුන්ට වැඩක් නැහැ ඕන වතුර විතරයි. (දී)
ලංකාව විනාශය කරා ගමන් කරන කාලය දැන් නොඅඩුව සිදුවෙනවා.මේ සම්බන්ධයෙන් කටක් අරින්න කිසිම කෙනෙක් නැහැ.වැවු හින්දවල නිධන් අරගෙන වැවු පිටිය ගොඩකරලා හොටෙල් හදනවා තවත් කට්ටියක්.අනේ කාලේ වනේ වාසේ.(අ)
මේවා කාටද කියන්නේ (දී)
අහිංසකයෝ පව් (දී)
දුෂ්කර ඔය පලාත්වල ගොවිතැන කෙසේ වෙතත් ඉන්නවාට සහනාධාර දිය යුතුයි. ගොඩ හා මඩ ගොවිතැනින් ජීවත්වෙන අසරණ පවුල් වලට කරන මේ අවහිරය නම් අන්තිම කැතයි ! (දී)
විමල්, දිමුතු යන උදවිය මේ දේවල් වලට සම්මාදම් කරන අය විය යුතුයි. පරිසරය ගැන කිසි තක්සේරුවක් නොමැතිව මෙවන් දේ කිරීමට අනුමැතිය දුන් උදවිය කොහෙද? දේශපාලුවෙක් සම්බන්ධ ඇති මේ දේවල් වලට නිසැකවම. මේ දකින දේ ගැන ඉතා කණගාටුයි. අපිම ඡන්දෙ දීලා පත්කරපු අය අද මෙහෙමයි වැඩ. නැවත වරක් පත් කිරීම ගැන සිතාබලන්න . (අ)
සිගිරිය වටේට ඉදිකොට සංචාරක හෝටල් සහ ඊට සම්බන්ද කර්මාන්තයන්ට යොදවමු, මේ වෙසෙන ජනයාට වන්දි ගෙවා අලුත් නගරයක් පදිංචි කරමු. දඹුල්ල ට තට්ටු නිවාස ක්‍රමයක් හදන්ඩ. (දී)
මෙවැනි දේවල් කරන්න පෙර වගකිවයුතෝ සාකාච්ච කන්නේ නැද්ද? ඉන් පරිසරයට වන හානිය ...ඉන් ජනතාවට අත් වෙන ප්‍රති විපාක..? කොටසක් මේ වගේ ව්‍යාපාර පටන්ගන්න හරිම දක්ෂයි ..මොකද ඒ සදහා වෙකරන මුදලෙන් බාගයක්ම ගසාකන්න පුළුවන් ..රටට ජනතාවට හෙන ගැහුවත් සතාසීපාවා සදහටම අතු ගෑවිලා ගියත් එයාලට පාඩු නැහැ ..? ඒත් දුප්පත් මිනිසුන් ගොවි තැනක් කරගෙන එදා වේල හරි ගස්සා ගත්තේ ඒ ඇළ දොලෙන් ගලා ගිය වතුර පොදෙන් බව ඔය මහජන මුදල් ගසාකන අයට බුවල්ලක් අතට අරන් පිටි පස්සෙන් පන්න ගෙන ගිල්ල කියල දෙන්න ඕන ..? (දී)
මගේ රටට දළදා හිමි පිහිටයි (දී)