සිගිරි සිතුවම් ඉහළින් ඉපැරණි බදාම කුට්ටියක් වැනි දෙයක් කඩා වැටේ
සිගිරිය බිතු සිතුවම් ලෙනේ ඉහළ කොටසේ අඩි එකහමාරක පමණ ඉපැරණි බදාම තට්ටුවක් 28 දින අලුයම කඩා වැටි ඇතැයි දැන ගන්නට ඇත.
මෙම බදාම තට්ටුව කඩා වැටීම මාධ්‍යයෙන් සැඟවීමට බලධාරීහු අලුයම කාලයේ දැඩි උත්සාහයක් ගත්හ. බිති සිතුවම් ගුහාව බාර ආරක්ෂක නිලධාරින් සහ ස්ථාන බාර නිලධාරිනියන් ගෙන් මේ පිළිබඳව අප විමසීමේදී ඔවුන් කිවේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් කොළඹට කතා කොට විස්තර දැනගන්නා ලෙසද ඔවූහු කීහ. මේ දින වල සීගිරියට මහ වැසි පවතී. බොහෝ පිරිස් ද සීගිරි එති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරිය කියන්නේ අපේ උරුමය ලොවට පෙන්වන්න තියෙන හොදම සහ පෞරාණික ම සම්පතක්. බලධාරීන්ගේ අවධානය මෙයට වඩා යොමු විය යුතුයි (බ)
ඒ කාලෙ නම් ආචාර්ය ලුසියානෝ මරන්සි නමැති ඉතාලි ජාතික ප්‍රවීණයෙක් පැමිණ තීන්ත ගා විනාශ කළ සිතුවම් අපට නැවත ලබාදුන්නා. අනේ! ඒත් ඉතින් අපේ ඉදිරි පරම්පරා වලට මේවා දකින්න ලැබෙන එකක් නැහැ. (නි)
මහාචාර්ය එච්. සී. පී. බෙල් මහත්මයා සිටියා නම් බදාම ටික කඩා වැටෙන්න කලින් එයට සුදුසු පිළියමක් කරනවා (නි)
පෞද්ගලික ව්‍යවසායට අයිතිකාරයෙක් ඉන්නවා. නමුත් රාජ්‍ය ව්‍යවසායට අයිතිකාරයෙක් නැහැ. ප්‍රගතිය පිළිබඳ පෙර විමසුම් සහ පසු විමසුම් ඍණ අගයන් මත පිහිටා ඇත. මේ එහි එක් ඍණ පස සරල උදාහරණයකි. අහෝ! සීගිරි කසුම් නම් ලෝක පුජිත කලා කරුවා ට කෙරෙන අපහාසයක තරම. (ම)
සියලු දේ අනිත්‍යයයි (අ)
මම හිතන්නේ "එන්රික්ගේ" බ්රෙසියර් කේස් එකෙන් පස්සේ ජනාධිපති තුමා කියපු "මඩු වලිග" කතාව ඉතිහාසේටම ගිහිල්ල වගේ. එතන ඉඳලම ඔක්කොම වහගෙන එන්ටයි හදන්නේ. (කෞ)
ස්වභාවික වැස්ස නිසා සිදු වූ දෙයක්නේ... (ර)
වැස්ස ලැබුනේ මේ වසරේ විතරද? අවුරුදු 1500 විතර වැසි වලට නිරාවරණය උනා නේද? මොනවා හරි අපේම අයගේ වැඩ නිසා වෙන්න ඇති (කෞ)