IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සීගිරියේ සුදු රිලවෙක්

සීගිරිය ලෝක උරුම භූමියේ රිලා පවුලක සුදු රිලා පැටවෙක්  සිටියි තවමත් කිරි බොන මේ පැටවා ඇලි සතකු බව පරිසරවේදීන් පවසයි. යම් සතකුගේ සාමාන්‍ය වර්ණයට හේතුවන ජානය නිලීන වීම හෙවත් ප‍්‍රමුඛ නොවීම හේතුවෙන් මෙවැනි සුදු පැහැති සතුන් බිහිවේ. දුඹුරු පැහැති සිය මව සම`ග සිටින මෙම ඇලි රිලා පැටවාගේ ලොම් ලා කහ පැහැය මිශ‍්‍රිත බවක් දක්නට ලැබේ. තද දුඹුරු පැහැති ඇස් වෙනුවට මේ රිලා පැටවාගේ ඇස් සුදුය. සාමාන්‍ය රිලවකුගේ කන් තද කළු පාට වුව ද ඇලි රිලා පැටවාගේ දෙකන් රෝස පැහැතිය. එමෙන්ම රිලවකුගේ මුහුණ රතු පැහැයට හුරු වුවද මේ පැටවාගේ මුහුණ ද ඇගිලි සහ නියපොතු ද රෝස පාටය. මවගේ තද දුඹුරු පැහැති ඇස් යුගලය ද මේ රිලා පැටවාට පිහිටා නැත. පැටවාගේ සුදු පැහැති ඇස් මධ්‍යයේ කළු ඉ`ගිරියාව පැහැදිලිව දක්නට ලැබේ. මිනිසාගේ පූර්වජයන්ගෙන් පැවත එන පැරණි ලොව වානර විශේෂයක් වන වියළි කලාපයේ දක්නට ලැබෙන මෙම රිලවුන් ශී‍්‍ර ලංකාවට ආවේණික උප විශේෂයකි.  මාකාකා සිනිකා සිනිකා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මෙම රිලා විශේෂය ව`දවී යාමේ දැඩි අවදානමකට මුහුණ දී ඇති බව ලෝක සංරක්ෂණ සංගමය කියයි.



අදහස් (0)

සීගිරියේ සුදු රිලවෙක්

සම්පත්- කුමුදු - තනූජා - ජගත් Thursday, 03 November 2011 11:20 AM

දුර්ලභ සිදුවිමක් දකින්න ලැබිම සතුටක්

:       0       0

r.k.a.l.padmasiri Wednesday, 02 November 2011 08:28 PM

දැක ගැනීමෙ‍ රැචියක් පහල විය

:       0       0

චරිත Wednesday, 02 November 2011 08:17 PM

හරි ලස්සනයනේ

:       0       0

boni Thursday, 03 November 2011 09:13 AM

හරිම ලස්සනයි මේ සතුන් රැකගැනීම මිනිසා සතු වගකීමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site