සීගිරිය ලෝක උරුම භූමියේ රිලා පවුලක සුදු රිලා පැටවෙක් සිටියි තවමත් කිරි බොන මේ පැටවා ඇලි සතකු බව පරිසරවේදීන් පවසයි. යම් සතකුගේ සාමාන්‍ය වර්ණයට හේතුවන ජානය නිලීන වීම හෙවත් ප‍්‍රමුඛ නොවීම හේතුවෙන් මෙවැනි සුදු පැහැති සතුන් බිහිවේ. දුඹුරු පැහැති සිය මව සම`ග සිටින මෙම ඇලි රිලා පැටවාගේ ලොම් ලා කහ පැහැය මිශ‍්‍රිත බවක් දක්නට ලැබේ. තද දුඹුරු පැහැති ඇස් වෙනුවට මේ රිලා පැටවාගේ ඇස් සුදුය. සාමාන්‍ය රිලවකුගේ කන් තද කළු පාට වුව ද ඇලි රිලා පැටවාගේ දෙකන් රෝස පැහැතිය. එමෙන්ම රිලවකුගේ මුහුණ රතු පැහැයට හුරු වුවද මේ පැටවාගේ මුහුණ ද ඇගිලි සහ නියපොතු ද රෝස පාටය. මවගේ තද දුඹුරු පැහැති ඇස් යුගලය ද මේ රිලා පැටවාට පිහිටා නැත. පැටවාගේ සුදු පැහැති ඇස් මධ්‍යයේ කළු ඉ`ගිරියාව පැහැදිලිව දක්නට ලැබේ. මිනිසාගේ පූර්වජයන්ගෙන් පැවත එන පැරණි ලොව වානර විශේෂයක් වන වියළි කලාපයේ දක්නට ලැබෙන මෙම රිලවුන් ශී‍්‍ර ලංකාවට ආවේණික උප විශේෂයකි. මාකාකා සිනිකා සිනිකා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මෙම රිලා විශේෂය ව`දවී යාමේ දැඩි අවදානමකට මුහුණ දී ඇති බව ලෝක සංරක්ෂණ සංගමය කියයි.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර්ලභ සිදුවිමක් දකින්න ලැබිම සතුටක්
දැක ගැනීමෙ රැචියක් පහල විය
හරි ලස්සනයනේ
හරිම ලස්සනයි මේ සතුන් රැකගැනීම මිනිසා සතු වගකීමයි