සීගිරිය පිවිසුම් දොරටුව අවට සහ ආරක්ෂක නිවස්නය අසල අලංකාර වැට ඉදිකිරීමට අවශ්‍ය ලී දඬු ලබා ගැනීමට සීගිරිය ආසන්න අභය භූමියේ ගස් අවසරයකින් තොරව කපාදමා ඇතැයි වනජීවී නිලධාරී ධම්මික පෙරේරා මහතා කියයි.
සීගිරිය පාලනය කරනු ලබන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි
සීගිරිය අභය භූමිය තුල හොඳින් වැඩුණු කඵ මැදිරිය,කනු මැල්ල,සේරු,ඇට්ටේරියා ගස් විශාල වශයෙන් කපාදමා තිබෙනු දක්නට ඇත.
මේ පිළිඹඳව සජිත් විජේසුරිය උද්‍යාන භාර නිලධාරීගෙන් ගස් කැපීම ගැන අපකල විමසීමේදී ඔහු පැවසුවේ වනජීවී අවසරය ගෙන ගස් කැපූ බවයි.
එම අවස්ථාවේ වනජීවී නිලධාරී ධම්මික පෙරේරා මහතා කියා සිටියේ වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව අභයභූමියේ ගසක පොත්තකට හෝ හානී කිරීම නීති විරෝධී බවයි.
වනය වනසා වැට ගැසීම පිළිඹඳව මධ්‍යම අරමුදල සීගිරි කාරයාලයේ ව්‍යාපෘති නිලධාරි උපුල් නිශාන්ත මහතාගේ අපකල විමසීමේදී ඹහු කියා සිටියේ වැටගැසීම තමාගේ නිල කාලයට පෙර සිට සිදු කෙරෙන බවත් වීර ගස්වල අතුවලින් වැටවල් ගැසූ බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අටුවා කඩා පුටුව හදන අශීලාචාර නොහික්මුණු අසංවර රටක් ලංකාව. පෙර සහ වත්මන් පාලකයෝ තම තමන්ගේ බලය ගැන විතරක් හිතනකොට ඊට පහළ ගන්න දෙයක් නැතිවෙනවා. දැන් අපේ රට කුණුවෙච්ච රටක්. හොඳින් බැලුවොත් පෙනේවි. (නි)
සිංගප්පුරු වැසියන් ඔවුන් විසින් කෘතිමව පෝෂණය කරන ලද ගස් ආදරයෙන් රකිති. අපි අපගේ ස්වභාව ධර්මය විසින් ලබාදුන් දායාදයන් අතරින් වටිනාම හරිත සම්පත විනාශ කිරීමට ඒවා බලාගන්න මුරකරුවන්ටම අවසර දෙමුද. මේවා පරිසරය රකිනවා යයි කියන බලධාරීන්ගේ අවධානයට යොමු නොවේද. මිටපෙරද අවුරුදු සිය ගණනක් පැරණි වටිනා ගසක් පරාක්‍රම සමුද්‍ර බිමෙන් කපා දැමුවා, බලධාරින්ගේ අවසරයද ගෙන හෝ නොගෙන.. (නි)
විෂ්ණු කතරගම කඩවර ගම්බාර අස්න උණුවෙලා බල සක් ඇස් හැර... ගස්ම කප කපා යන උන් අත්නොහැර... භෂ්ම කර දමනු මැන දී කස පහර... (නි)
පරිසර ඇමති, වන සංරක්ෂණ ඇමති, වනජීවී ඇමති, සංස්කෘත ඇමති, ආදී එකී මෙකී නොකී ඇමතිවරු කප්පරක් හිටියත් රටට වැඩක් නැති බව නේද පෙනෙන්න තියෙන ඇත්ත. (ර)