‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 12 වැනිදා සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ තරග රියැදුරන්ගේ සහ යතුරු පැදි තරගකරුවන්ගේ සංගමය (SLADA) සමග එක්ව 5 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා මේ වන විටත් රියදුරන් සහ යතුරු පැදි තරගකරුවන් 200 කට ආසන්න පිරිසක් තම සහභාගීත්වය තහවුරු කර තිබේ.
තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය මහජන බැංකුව විසින් දරනු ලබන අතර සම අනුග‍්‍රාහකත්වය සඳහා ලංකා බැංකුව සහ සියැට් ආයතනය ඉදිරිපත්වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd