සීගිරියේ බඹරු ඇණීමෙන් 18 දෙනකු තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. මේ අතර විදෙස් සංචාරකයන් තිදෙනකු ද සිටින බව දැනගන්නට ඇත. සිංහපාදය අසළ දී බඹරුන් අවිස්සී ඇති අතර සීගිරි ගල මුදුනට ගිය සංචාරකයෝ එහි හිරවී සිටිති. ඔවුන් බේරාගැනීමට මෙහෙයුමක් දියත් කැර ඇති බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එදා ඉඳලාම තියෙන ප්‍රශ්නයක්. විසඳුමක් සොයාගත යුතුයි. සත්තු ඉන්නත් ඕනෑ. මිනිස්සු මේ තැන්වලට යන්නත් ඕනෑ. සත්තු මරන්නත් බැහැ. මිනිස්සු මේ තැන්වලට යාම වළක්වන්නත් බැහැ. කවුරුහරි පරාජය භාරගන්න වෙනවා. මිනිස් කරුණාවට වඩා සත්ව කරුණාවට ලංකාව ප්‍රසිද්ධයි. (නි)
හේවාවිතාරණ සීගිරි ගලේ ඉන්න බඹරු ගලේම හිටපු අය මිසක් කැලේ එලිකරපු නිසා ආව අය නෙයෙි. අර ඉසුරන්දි කිවා වගේ කොල්ලෙක් ගලක් ගැහුවද දන්නේ නෑ. (ස)
ඊයේ නේද මහා "දිනකට සීගිරියේ ආදායම ලක්ෂ පනහයි" කියලා දාලා තිබුනේ. ආදායම ගැන කියනවා මිසක් ඒ ආදායම් මාර්ගය දිගටම තියාගන්න මොනවාහරි කරන්න තරම් ලොකු ලොක්කෝ / දේශපාලකයෝ නැති එකයි කණගාටුව. (නි)
සුළං පහර සැර වැඩියි සවස 3.30 විතර වෙන කොට., දෙබරු ඇවිස්සෙනවා......දෙබර කූඩුත් වැඩියි දැන් (නදී)
සමාවෙන්න,දෙබරු නෙමෙයි බඹරු (නදී)
පිටරට ඉන්න අයගේ සාමාන්‍ය දැනුම නම් තවම මදි වගේ (නි)
කොලු ඇම්බැට්ටයෙක් ගලක්වත් ගැහැව්වද ? (නදී)
වනාන්තර විනාශ කරන විට බඹරු එළිමහනට එන බව උගත්තු දන්නේ නැද්ද ? (දී)