පීතෘ ඝාතක කාශ්‍යප රජු සිය බළකොටුව හා අගනගරය කැරගත් සීගිරියේ ඉදිකිරීම් මුලින්ම කළැයි පිළිගත් මතය බැහැර කරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් ද සිල්වා පවසනුයේ ඔහුගේ පියා වන ධාතුසේන රජතුමා (කි‍්‍රස්තු වර්ෂ 477-95) එහි ඉදිකිරීම් කළ බවට නවතම පුරාවිද්‍යා සාක්කි ලැබී ඇති බවයි. සීගිරියේ මුල් අදියර ධාතුසේන රජු ද දෙවැනි අදියර කාශ්‍යප රජු ද කළ බවට සාධක ඇතැයි මහාචාර්යවරයා කියයි. කාශ්‍යප රජු කරන්නට ඇත්තේ මුල් කාලයේ ඉදිකිරීම්වල අඩුව සැපීරිම බවත් හත් වසරක දී ඔහු එහි වැඩ නිම කරන්නට ඇති බවත් මහාචාර්යවරයා කියයි. ධාතුසේන රජු කලාවැව තැනු කාලය ද සීගිරියේ මුල් ඉදිකිරීමේ කාලය ද සමාන බව ද ඔහු සඳහන් කරයි.
මීටර 370ක් උසැති සීගිරිය ලොව අටවැනි ලෝක උරුමය වශයෙන් ද ලොව අටවැනි ලෝක පුදුමය වශයෙන් ද එක්සත් ජාතීන්ගේ යුනෙක්කෝවෙන් ප‍්‍රකාශයට පත් කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරියෙ මුල්ම පදින්චිකරයො අපේ යක්ශ ගොත්ත්‍රික මුතුන්මිත්තො ..... කසුප් රජතුමා විතරක් නෙමේ පුරාවිද්යාවෙනුත් එ ඇත්ත සගවන්න හදනවා