IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිගරැට් රාජ සන්තකයි

රුපියල් ලක්ෂ දහසයක් වටිනා විදේශීය සිගරැට්  කාටුන් හාරසීයක්  ගමන් මළුවල සගවාගෙන මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර සිට මෙරටට රැගෙන ආ ඉන්දිය ජාතිකයෝ තිදෙනෙකුට රැපියල්  හැත්තෑ දහසක දඩ නියම කළ රේගුව එම සිගරැට් තොගය රාජසන්තක කළේය.

මේ පිළිබඳ රේගු පරීක්ෂනය  නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත බෝපේ ආරච්චි මහතා විසින් අද සිදු කළේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ මොවුන් වයස 26,23 සහ 28 වියේ පසුවන නිතර නිතර ශ‍්‍රී ලංකාවට යන එන පුද්ගලයන් බවයි.

මොවුන් තිදෙනා ඊයේ මධ්‍යම රාත්‍රියේ  මෙරටට පැමිණ භාන්ඩ කිසිවක් රේගුවට ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන් තොටුපොළෙන් පිටවීමට උත්සහ ගනිද්දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් සිරිබද්දන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන අචල චන්ද්‍රසේකර, සරෝජ් චන්ද්‍රසේන සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ. සෝමසිරි, ඒ.එන්.ආර් සමන්ජිත්, ටී.වයි.පී.එස්.අයි කුමාරවිට සහ ඩබ්ලිව්.එන්.පී.ඞී වජේසේකර යන  නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

සිගරැට් රාජ සන්තකයි

ආනන්ද දොඩන්ගොඩ Monday, 13 January 2014 12:05 AM

ලංකාවේ රේගු නිලදාරීන්ගේ කාර්යක්ෂම සේවය අගය කල යුතුයි. (නදී)

:       0       0

පද්මපානි Monday, 13 January 2014 12:20 AM

අර මිලියනයක් වූ සංචාරකයින්ගේ පැමිණීමේ සංඛ්‍යා වලට මේ තිදෙනා සිය වරක් පමණ පැමිණීමත් ඇතුලත් වෙනවා. නිකම් නොවෙයි හොර බඩුත් එක්ක. අසුවීමේ ප්‍රතිශතය 1% යි. (නදී)

:       0       0

ධම්ම Sunday, 12 January 2014 01:04 PM

කුඩු උරණ අය එහෙන් හිරවෙලා මදිවට දැන් මේ 'බ්‍රෑන්ඩ්' එක පාවිච්චිකරණ අයත් හරි අමාරුවක වැටේවි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 12 January 2014 01:36 PM

මේ හොර ඉන්දියනුවන්ට නම් නැවත මේ රටට නොඑන්නම දඬුවම් කරන්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site