සීගිරිගල පෙනෙන සේ අභය භූමියේ වැව් රක්ෂිතයේ ගස් කොළන් ඩෝසර් කළ ව්‍යාපාරිකයකුට හා සේවකයන් දෙදෙනකුට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යසිරි රුපියල් එක්ලක්ෂ පහළොස් දහසක දඩ නියම කළේය.
ඒ ඒ චමින්ද රෝෂාන් අමරසිංහට හා වයි ඒ ප්‍රසන්න මංජුල වික්‍රමසිංහට රුපියල් පනස්දහස බැගින්ද ජී බී සේනක කුමාරසිරිට රුපියල් පහළොස් දහස් තුන්සියක්ද දඩ නියම විය.
තම හෝටලයට සීගිරි ගල පෙනෙන පරිදි මොවුන් රක්ෂිතයේ ගස් කොළන් කපා ඇතැයි පොලීසිය අධීකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පුද්ගලයින්ට දඩ නියම කරලා මදි . එම ප්‍රාථමික විශේෂ නැවත හැදෙන්නේ නැහැනේ. එම නිසා පැවති විශේෂ ප්‍රතිරෝපනයට බල කරමින් නීති පනවන්න ඕනේ. (ස)
අක්කරයක් කපල ලක්ෂයයි!! ඔය ගාන ගස් දෙකකින් හොයා ගනියි.මේ චුදිතයන්ට ඔය වගේ සුළු සුළු දඩුවම් දීම නිසා තමයි ලංකාවේ අපරාධ වැඩිවෙලා, වැහි වැහිලා තියෙන්නේ.මෙයාල වගේ අයට දැඩි දඩුවම් දීමෙන් පරිසරයත් ආරක්ෂා කරගත හැකියි. (ස)
ව්‍යාපාරිකයෙකුට ඔය දඩුවම හරියට "කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගසා ගෙන ගියා වගේයි" (ස)
ලංකාවේ අද කොයි තරම් පරිසර විනාශයක් සිද්ධ වෙනවද? ආණ්ඩුවේ මේ ගැන තියයෙ අවධානය සහ මහජනතාවගේ මේ ගැන තියෙන අවබෝධය ප්‍රමාණවත් මදි. කාන්තාර රටවල් සල්ලි වියදම් කරල ගස් කොළන් වවන කොට, සිංගප්පූරුව වගේ රටවල ඉඩ තියෙන හැම අඟලක්ම වවන අතරේ ස්වභාවයෙන්ම පුදුමාකාර ජෛව විව්ධත්වයක් තියෙන ලංකාවේ අපි ඒවා විනාස වෙන්න ඉඩ අරිනවා. තව කාලයක් යනකොට ලංකාව කාන්තාරයක් වේවි. (ස)
සිගිරි ගල බලන්න ගස් ටික කපුවා නම්, පිදුරුතලා ගල බලන්න මිනිත් මරයි. (ස)
කසුප් රජ්ජුරුවෝ හිටියා නම් මේකව එල්ලලා මරනවා ඒකාන්තයි.දඩුවම සැර මදි (නි)
ගස් ගෙනියන්න අවසර දුන්නේ කවුද? විකුණපු සල්ලි ආපහු ගන්න ඕනෑ උසාවියෙන් නේද? අපිටත් බැරිද ඔහොම ගිහින් ගස් කපාගෙන ලක්ෂයක් දඩ ගෙවලා හරි ලාබනේ. උතුර වේගෙන් දියුණු වෙයි, හොර නැතුව. ඒත් ආණ්ඩුව සැණකෙළි වල. හැමතැනම ඕනෑ විදියට වැඩ කෙරෙනවා. ආණ්ඩුකාරවරු මෙහෙට නැද්ද? ඇමතිතුමා කවුද? පොලිසියට පුළුවන් නේද උසාවියට ආපහු යන්න? කවුරුත් නැද්ද සාධාරණ දඬුවම් දෙන්න? මේක නරක ආදර්ශයක්. (නි)
කැපු අය හට ලක්ෂයක් දඩ ගසති. මෙහෙයවූ අය දශ ලක්ෂයක් උපයා ගනිති.මොකටද ඉතින් අපි කාටද බය අසති. (නි)
කපපු ගස් ටික විකුණලා, ඔය දඩය ගෙවලා, තවත් මුදල් ඉතුරු කරාලු. (ස)
මේ සිද්ධිය එසැනෙහි මුලින්ම පල වුන වෙලාවේ බොහොම දෙනෙක් අදහස් දාල තිබුන ඒ ව්‍යාපාරිකයාට ප්‍රසංශා කරලා ගමේ අයට වැවක් හදල දෙන්න යනවා කියලා. අද ඒ කවුරුත් නිශ්ශබ්දයි. මීයක් කඩන්නේ අත ලෙවකන්න ලු. මෙතැනදී නම් මීයක් කඩලා තියෙන්නේ ලෙවකන්න නෙමෙයි. මී වදයත් එක්කම ගිලින්නයි. හැබැයි සුමනා කියනවා වගේ දඬුවම නම් කැළණි පාලම යටින් යන පොල් ලෙල්ලක්ම තමයි. (ස)
ගොඩක් වටිනා අදහස් ටික, නමුත් මෙවැනි දේ ඉදිරියේදීත් සිදු වේවි. මොකද දඩුවම සුළු එකක් නේ (සුමන කියනවා වගේ පොල් ලෙල්ලක් ගියා වගේ තමයි) (ස)
මොලේ කල්පනා කරලා වැඩ කරනවා නම් මෙන්න වැඩ. මේ ගමන්ම ලක්ෂ 10ක් විතර දඩ ඇඩ්වාන්ස් කරලා ගෙව්වා නම්, ඉතුරු වෙලා තියන තව අක්කර 10ක් විතර කපා ගන්න තිබුනනේ. පොල් ලෙල්ල පාලමෙන් අහනවලු, ඔයාට රිදුනද කියලා. (ස)
මේ අයට සොබා දහමින් හෝ නියම දඬුවමක් ලැබිය යුතුයි. සුලු දඬ මුදලකට පරිසර දූෂකයෝ නිවරදි කළ හැකිද ? . මේ රටේ නීති ගරුක අනාගත පරපුරක් සඳහා වරදට දඬුවම දැඩි කළ යුතුයි. (ස)
හොඳ වැඩේ. (ස)
දැන් මිනිහට සිගිරිය නෙවෙයි තරු පේනවා ඇති නේද ? (ස)
මෙම දඬුවම නම් ඉතාමත් සුළු දෙයක්. දඬුවම් කරන්නේ ආයිත් නොකරන්න පාඩමක් විදිහට. පරිසරයට වෙච්ච අලාබයට හරි යන්න ඔය වගේ දස ගුණයක් දඩ ගහන්න ඕන. (ස)
වැඩේ හැටියට දඩය මදි නේද? (නි)