සීගිරි බිතු සිතුවම් ඡායාරූප ගැනීම අද(30) සිට තහනම් කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියයි. සීගිරි බිතුසිතුවම් ලෙන සම්බන්ධ මෙම තීරණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලැබුණු බව ඔහු පවසයි.
විදුලි ආලෝකය එල්ලකර ඡායාරූප ගැනීමේන් එම සිතුවම්වලට හානි සිදු වෙතියි විශේෂඥයෝ කියති. සීගිරි බිතුසිතුවම් ලෙනේ බදාම තට්ටුවක් පසුගිය දා කඩා වැටිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනුෂා හරි. ෆ්ලෑෂ් නැතුව ගන්න පුළුවන්. (නි)
එහෙනම් සීගිරි ළඳත් අපිට පිටුපෑවා... (නි)
ඒක වෙන්න බැරි දෙයක්. මේ බවලත්තු කවදාවත් අපිට මෙහෙම කරන්නේ නැහැ. (නි)
මේ ගොල්ලන්ගේ තන පටවල් කෝ? ඒ කාලේ හිටපු ගායකයෙක් ළඟට විසි කරලාද ? (බ)
දැන්ද අපේ විශේෂඥයන්ට තේරෙන්නේ (බ)
කාටත් තේරුම් ගන්න බැරි වුනානේ. ඡායාරුප ගැනීම තහනම් කළේ ඔය බදාම ගැලවීම නිසා නෙවෙයි . උඩුකය නිරුවත්ව ඉන්න කාන්තාවන් නිසා අපේ සභ්‍යත්වයට වෙන හානිය වලක්වන්න ගත් පියවරක්. (බ)
අද නිරුවත් සීගිරි ලියන් සිත්තම් කළා කියල කාශ්‍යප රජුන්ට විරුද්ධව කොමිසමක් පත් කරාවිද ,? (බ)
ඔයවගේ දේශීය දේවල් අපේ කොල්ලොන්ට ෆොටෝ ගන්න දුන්නනම් ගුගල් වල ස්ච් කරලා රටේ නම සවුත්තු වෙන්නේ නෑ(ම)
ඉතාමත් කාලෝචිත අදහසක්.නමුත් මෙය ක්‍රියාවට නංවන්නට මෙතරම් කලක් ගතවීමෙන් සිදුවුනේ මේ සිතුවම්වල ගුණාත්මක භාවය ක්‍රමක්‍රමයෙන් දුර්වලවිමයි..ක්ෂණික විදුලි ආලෝක යොදා ජායාරූප ගැනීමේදී මේ චිත්‍ර මතුපිට ස්ථරයේ උෂ්ණත්වය, මොහොතකදී කෙල්වින් අංශක ගණනකින් ඉහළ යනවා.ඒ සමගම ඒ ස්ථරය ඉතාමත්ම සුළු ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙනවා.ඊළඟ මොහොතේදී ඒ කියන්නේ ක්ෂණික ආලෝකය නැති වුණ විට නැවත ඒ ස්තරය සංකෝචනය වී පළමු තත්වයටම පැමිණීමේ සම්භාවයතාවය බොහොමත්ම අඩුයි.මෙනිසා චිත්‍රයේ මතුපිට ස්තරයත් ඇතුලත දෙවැනි ස්තරයත් අතර කාලයක් ගතවීමෙන් හිඩැසක් හැදෙනවා.ඒ සමගම චිත්‍රය විනාශවීම ඇරඹෙනවා.ඉටි වලින් " ඇඹු " ලෝක ප්‍රකට පුද්ගලයන්ගේ ජීවමාන ප්‍රමාණයේ ආකෘති සහිත ප්‍රදර්ශනාගාරවල මේ ක්ෂණික ආලෝක යොදා ජායාරුප ගතකිරීම සපුරාම තහනම්.ඒ ඉටි උනුවිම වලක්වාගැනීම සදහායි.(ම)
මේ පුවත දුටුවහම මේක අර එන්රික්ගේ වැඩක ප්‍රතිඵලයක්වද්ද කියලා හිතුනා මට (නි)
අපි නොදන්නවා වුණාට ඒ ආලෝකයෙන් ඡායාරූප වලට බලපෑමක් වෙනවා ඇති (නි)
කැමරා ගෙනයාම තහනම් කරන්න (නි)
අනේ අපොයි! (නි)
අර එන්රික්ගේ සිද්ධියේ තරහට සීගිරි ලලනාවන්ගෙන් කවුරුහරි පළිගත්තද කියලා හිතෙනවා මට (නි)
මට හිතෙන හැටියට අර එදා ප්‍රසංගයේදී ඒ 'වික්‍රමය' කළ ගැහැණු ළමයාගේ ඡායාරූපයකුත් මේ අතරට එක්කළොත් හොඳයි නේද? එතකොට සීගිරි යන අය මේ ළමයා බලන්නත් යයිද දන්නේ නැහැනේ (නි)
ගොඩක් විදේශිකයෝ ඒ අයගේ සංචාරවල මතක සටහන් එකතු කරනවා. මගේ අදහස නම්, මේ තීරණයෙන් සංචාරකයින්ගේ යම් පසුබෑමක් ඇතිවෙයි කියලයි. බලධාරීන් මේ සම්බන්ධව මධ්‍යස්ථව බලා ක්‍රියාකරනවා නම් තමා හොඳ. (නි)
කැමරා ගෙනයාම තහනම් කරන්න ඕනෑ. ඕවා අපි ආරක්ෂා කරගන්න ඕනෑ දේවල්. (නි)
තව දෙයක් කියන්න තියනවා හැමදෙනාටම. මීටපස්සේ ෆොටෝ ගහන්නේ බලාගෙන. මොකද අපේ කෑලිත් හැළෙයිද දන්නේ නැහැ මේ විදිහට අනාගතයේදී. අපි මොනතරම් ෆොටෝ ගහනවද? දැන් ඉතින් ටෙලි නාටක වලට කවුරුවත් ගෙවල් දෙන එකකුත් නැහැ. (නි)
මේ තරම් ආරක්ෂා කරන්න නම් ඉතින් සීගිරිය වහන්න වෙනවා. (නි)
දැන් සීගිරි නොයා කොළඹදීම අඩු වියදමකින් එම පින්තූර ගන්න පුළුවන්නේ. සීගිරියට කෙටි මඟක් - රසවත් අත්දැකීමක් (නි)
මම දන්නා කාලේ ඉඳලම සීගිරියේ බිතුසිතුවම් ඡායාරූපගත කරනකොට ෆ්ලෑෂ් පාවිචිචි කරන්න දුන්නේ නැහැ. ෆ්ලෑෂ් නොමැතිව ගන්න පින්තූර වලින් නම් චිත්‍ර වලට හානියක් වෙන්න විදිහකුත් නැහැ. (නි)
දැන් කවුද මෙහෙම වෙනවා කියා කියලා තියෙන්නේ? (නි)
එතකොට ජංගම දුරකථන වලින් ගන්න ෆොටෝ? ඒවා ගෙනියන්නත් තහනම් කරන්න ඕනෑනේ. (නි)