IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සීගිරි ළඳ කැමරාවට පස්ස හරවයි

සීගිරි බිතු සිතුවම් ඡායාරූප ගැනීම අද(30) සිට තහනම් කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියයි. සීගිරි බිතුසිතුවම් ලෙන සම්බන්ධ මෙම තීරණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලැබුණු බව ඔහු පවසයි.

විදුලි ආලෝකය එල්ලකර ඡායාරූප ගැනීමේන් එම සිතුවම්වලට හානි සිදු වෙතියි විශේෂඥයෝ කියති. සීගිරි බිතුසිතුවම් ලෙනේ බදාම තට්ටුවක් පසුගිය දා කඩා වැටිණි.

fresco120151230 fresco920151230 Sigiriya_fresco_s20151230 sigiriya_fresco20151230 Sigiriya_TW20151230



අදහස් (0)

සීගිරි ළඳ කැමරාවට පස්ස හරවයි

ඉන්දික Wednesday, 30 December 2015 07:37 AM

දිනුෂා හරි. ෆ්ලෑෂ් නැතුව ගන්න පුළුවන්. (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 30 December 2015 07:41 AM

එහෙනම් සීගිරි ළඳත් අපිට පිටුපෑවා... (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 30 December 2015 07:43 PM

ඒක වෙන්න බැරි දෙයක්. මේ බවලත්තු කවදාවත් අපිට මෙහෙම කරන්නේ නැහැ. (නි)

:       0       0

හේමන්ත Wednesday, 30 December 2015 08:11 AM

මේ ගොල්ලන්ගේ තන පටවල් කෝ? ඒ කාලේ හිටපු ගායකයෙක් ළඟට විසි කරලාද ? (බ)

:       0       0

හේවගේ Wednesday, 30 December 2015 08:25 AM

දැන්ද අපේ විශේෂඥයන්ට තේරෙන්නේ (බ)

:       0       0

ස්ටැන්ලි Wednesday, 30 December 2015 08:26 AM

කාටත් තේරුම් ගන්න බැරි වුනානේ. ඡායාරුප ගැනීම තහනම් කළේ ඔය බදාම ගැලවීම නිසා නෙවෙයි . උඩුකය නිරුවත්ව ඉන්න කාන්තාවන් නිසා අපේ සභ්‍යත්වයට වෙන හානිය වලක්වන්න ගත් පියවරක්. (බ)

:       0       0

හේවාවිතාරණ Wednesday, 30 December 2015 08:33 AM

අද නිරුවත් සීගිරි ලියන් සිත්තම් කළා කියල කාශ්‍යප රජුන්ට විරුද්ධව කොමිසමක් පත් කරාවිද ,? (බ)

:       0       0

සමීර Wednesday, 30 December 2015 08:54 AM

ඔයවගේ දේශීය දේවල් අපේ කොල්ලොන්ට ෆොටෝ ගන්න දුන්නනම් ගුගල් වල ස්ච් කරලා රටේ නම සවුත්තු වෙන්නේ නෑ(ම)

:       0       0

විජිත් Wednesday, 30 December 2015 10:20 AM

ඉතාමත් කාලෝචිත අදහසක්.නමුත් මෙය ක්‍රියාවට නංවන්නට මෙතරම් කලක් ගතවීමෙන් සිදුවුනේ මේ සිතුවම්වල ගුණාත්මක භාවය ක්‍රමක්‍රමයෙන් දුර්වලවිමයි..ක්ෂණික විදුලි ආලෝක යොදා ජායාරූප ගැනීමේදී මේ චිත්‍ර මතුපිට ස්ථරයේ උෂ්ණත්වය, මොහොතකදී කෙල්වින් අංශක ගණනකින් ඉහළ යනවා.ඒ සමගම ඒ ස්ථරය ඉතාමත්ම සුළු ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙනවා.ඊළඟ මොහොතේදී ඒ කියන්නේ ක්ෂණික ආලෝකය නැති වුණ විට නැවත ඒ ස්තරය සංකෝචනය වී පළමු තත්වයටම පැමිණීමේ සම්භාවයතාවය බොහොමත්ම අඩුයි.මෙනිසා චිත්‍රයේ මතුපිට ස්තරයත් ඇතුලත දෙවැනි ස්තරයත් අතර කාලයක් ගතවීමෙන් හිඩැසක් හැදෙනවා.ඒ සමගම චිත්‍රය විනාශවීම ඇරඹෙනවා.ඉටි වලින් " ඇඹු " ලෝක ප්‍රකට පුද්ගලයන්ගේ ජීවමාන ප්‍රමාණයේ ආකෘති සහිත ප්‍රදර්ශනාගාරවල මේ ක්ෂණික ආලෝක යොදා ජායාරුප ගතකිරීම සපුරාම තහනම්.ඒ ඉටි උනුවිම වලක්වාගැනීම සදහායි.(ම)

:       0       0

ඉරේෂ් එස්. කුමාර Wednesday, 30 December 2015 05:19 AM

මේ පුවත දුටුවහම මේක අර එන්රික්ගේ වැඩක ප්‍රතිඵලයක්වද්ද කියලා හිතුනා මට (නි)

:       0       0

අනුර Wednesday, 30 December 2015 05:38 AM

අපි නොදන්නවා වුණාට ඒ ආලෝකයෙන් ඡායාරූප වලට බලපෑමක් වෙනවා ඇති (නි)

:       0       0

ලේල්වල Wednesday, 30 December 2015 05:39 AM

කැමරා ගෙනයාම තහනම් කරන්න (නි)

:       0       0

ටියුඩර් Wednesday, 30 December 2015 05:39 AM

අනේ අපොයි! (නි)

:       0       0

කෙවින් Wednesday, 30 December 2015 05:42 AM

අර එන්රික්ගේ සිද්ධියේ තරහට සීගිරි ලලනාවන්ගෙන් කවුරුහරි පළිගත්තද කියලා හිතෙනවා මට (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 30 December 2015 05:43 AM

මට හිතෙන හැටියට අර එදා ප්‍රසංගයේදී ඒ 'වික්‍රමය' කළ ගැහැණු ළමයාගේ ඡායාරූපයකුත් මේ අතරට එක්කළොත් හොඳයි නේද? එතකොට සීගිරි යන අය මේ ළමයා බලන්නත් යයිද දන්නේ නැහැනේ (නි)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 30 December 2015 05:38 AM

ගොඩක් විදේශිකයෝ ඒ අයගේ සංචාරවල මතක සටහන් එකතු කරනවා. මගේ අදහස නම්, මේ තීරණයෙන් සංචාරකයින්ගේ යම් පසුබෑමක් ඇතිවෙයි කියලයි. බලධාරීන් මේ සම්බන්ධව මධ්‍යස්ථව බලා ක්‍රියාකරනවා නම් තමා හොඳ. (නි)

:       0       0

ගයාන් Wednesday, 30 December 2015 05:49 AM

කැමරා ගෙනයාම තහනම් කරන්න ඕනෑ. ඕවා අපි ආරක්ෂා කරගන්න ඕනෑ දේවල්. (නි)

:       0       1

ශාන සෞදි Wednesday, 30 December 2015 06:01 AM

තව දෙයක් කියන්න තියනවා හැමදෙනාටම. මීටපස්සේ ෆොටෝ ගහන්නේ බලාගෙන. මොකද අපේ කෑලිත් හැළෙයිද දන්නේ නැහැ මේ විදිහට අනාගතයේදී. අපි මොනතරම් ෆොටෝ ගහනවද? දැන් ඉතින් ටෙලි නාටක වලට කවුරුවත් ගෙවල් දෙන එකකුත් නැහැ. (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 30 December 2015 05:58 AM

මේ තරම් ආරක්ෂා කරන්න නම් ඉතින් සීගිරිය වහන්න වෙනවා. (නි)

:       0       0

රාධා Wednesday, 30 December 2015 02:23 PM

දැන් සීගිරි නොයා කොළඹදීම අඩු වියදමකින් එම පින්තූර ගන්න පුළුවන්නේ. සීගිරියට කෙටි මඟක් - රසවත් අත්දැකීමක් (නි)

:       0       0

දිනූෂා Wednesday, 30 December 2015 06:36 AM

මම දන්නා කාලේ ඉඳලම සීගිර‍ියේ බිතුසිතුවම් ඡායාරූපගත කරනකොට ෆ්ලෑෂ් පාවිචිචි කරන්න දුන්නේ නැහැ. ෆ්ලෑෂ් නොමැතිව ගන්න පින්තූර වලින් නම් චිත්‍ර වලට හානියක් වෙන්න විදිහකුත් නැහැ. (නි)

:       0       0

නලීන් Wednesday, 30 December 2015 06:40 AM

දැන් කවුද මෙහෙම වෙනවා කියා කියලා තියෙන්නේ? (නි)

:       0       0

සමන් - ඕස්ට්‍රේලියා Wednesday, 30 December 2015 06:47 AM

එතකොට ජංගම දුරකථන වලින් ගන්න ෆොටෝ? ඒවා ගෙනියන්නත් තහනම් කරන්න ඕනෑනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site