සීගිරිය සීගිරිමුල්ලේ ගල්වළක සුදු තිරිවානා නිධිය කැනීමට අනවසරයෙන් කැටපිලර් යොදා ඇතැයි පොලිසිය ද ගැමියෝ ද කියති.
එවැනි කැටපිලර් යන්ත්‍රයක් හා රියදුරෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සුදු තිරිවානා පිටරට යැවීම සඳහා සකස් කරන බව දැනගන්නට ඇත.
සුදු තිරිවානා කැනීමට බලපත්‍ර ඇතත් කැටපිලර් යෙදීමට බලපත්‍ර ලබා ගෙන නැති බව ව්‍යාපාරික සිරිල් ආරියරත්න මහතා පිළිගනී.
තමා ප්‍රදේශයේ පිරිසකට රැකියා රැසක් මේ ගල් වළෙන් ලබා දී ඇතැයි කියන ඔහු එම ගල් වළේ වැඩ නතර කරන බව ද කියයි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරා විද්‍යාඥයෝ වෙත මෙහි අවධානය යොමු වේවා.(දිල්)
පුරා විද්‍යාව මෙතෙන්ට තියන සම්බන්දෙ මොකක්ද ආයුබෝවන්ට ?මේ කඩන්නේ සිගිරි ගල නෙවෙයිනේ ?.(අ)
සිරිල් ආරියරත්නට ඔහොම කියලා ගොඩින් බේරෙන්න දෙන්න බෑ. සීගිරි පොලීසිය ඔහුට විරුද්දව නඩු පැවරිය යුතුයි. කෝ පුරා විද්යාඥයෝ. ඔන්න රාජකාරිය කරන්න අවස්තාව.(නදී)
රටේ ගොඩක් දේවල් නීතියට අනුකුලව සිදු නොවෙන බව නම් ඉතා පැහැදිලිව පේනවා.(නදී)
ඔය ලබා ගෙන තියෙන බලපත්‍රයේ තියෙනවද සුදු තිරුවානා කැණීමට කැටපිලර් යන්ත්‍ර පාවිච්චි කිරීම තහනම් කියලා ? ඒ කියන්නේ ලේසි විදියට කැනීම් කටයුතු බැහැ. පුරාවස්තු මතුකර ගැනීම් වගේ සියුම්ව කැනීම් කටයුතු කල යුතුයි ? ඒ නිතිය නම් සාධාරණ නැහැ. මට අහන්න තියෙන ප්‍රශ්නය පලපත්‍රයක් තියෙනවා නම්, යන්ත්‍ර සුත්‍ර භාවිතා කිරීම වරදක් වන්නේ කොහොමද ? (නදී)
රණතුංග හරි... (ස)
මෙහෙම බලද්දී සීගිරිය ගැන වුණත් සෑහෙන අවදානමක් තිබෙනවා. (නි)