සීගිරිය සිංහපාදය අසලදී අදත් බඹරුන් ඇවිස්සී කුඩා දරුවන් ඇතුළු විසි දෙනකු රෝහල් ගතකරනු ලැබූහ. විදේශ සංචාරකයෝ දෙදෙනෙක්ද බඹරුන්ගේ ප‍්‍රහාරයට ලක්වූහ. මාසයක් ඇතුළත එහි බඹරුන් ඇවිස්සුණු තෙවැනි අවස්ථාව මෙයයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරුණ්ට අනින්න බෑරි වෙන්න, හොද ආරක්ශක කබා ගන්න ඕන සීගිරිය බලන්න එන අය 5000 කට උනත් දෙන්න පුලුවන් විදියට, ඒ ආරක්ෂක කබා හොද ප්‍රමිතියකට තියෙන්න ඕන, ඒ කියන්නෙ ආරක්ෂාව වගේම පිරිසිදු කමත්. ඊට පස්සෙ ඕකට හොද මාකටින් එකක් දෙන්න ඔන. “ Under Adventure Tourism or Eco friendly tourism ‘‘
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා මා පුද්ගලිකව නොහඳුනන නමුත් එතුමා දක්වන අදහස් අනුව එතුමා බෞද්ධ දර්ශනය පිළිබඳ විද්වතෙකු බව පෙනේ. මා පරිසරය හා ජෛව විවිධත්වය පිළිබඳව පර්යේෂණ ක්ෂේත්‍රයේ නිරතවූවෙකි. එහෙයින් රාළ නැමැති අය කියන පරිදි අප දෙනොගේ අදහස් දැකිවීම් එකිනෙකාට අභියෝගයක් නොවන බව මගේ අදහසයි. රාළ සඳහන් කරන පරිදි මා දක්වන අදහස් කියවා බැලීමට තරම් අවාසනාවන්ත වූ පාඨකයන් සිටිත් නම් මා හට කමා කරත්වා. අදහස් තෝරා බේරා ගෙන කියවන මෙන්ද, ගතයුත්තක් ඇත්නම් පිළිගන්නා ලෙසද, ඔබෙන් කාරුණිකව ඉල්ලමි.
රොහාන්, සීගිරිය කියන්නේ සෞභාව ධර්මයේ උල්පතක්, එතන තිබෙන්නේ නිසංසල නිහඩ පරිසරයක්, ඒ නිසා සීගිරිය බය නැතිව ගොස් බලලා එන්න. සීගිරියේ නිදහස්ව නිසන්සලව හැසිරෙන්න.
දර්ශන, නොදන්නා දේවල් වලට කඩේ යන්න හරි දක්ෂයි නේ. හරි වැරදි ලකුණු කරන්නේ ලියපු ප්‍රමාණය බලල ද ? ඔය නිකම්ම දර්ශන නොවෙයි "ආචාර්ය දර්ශන" වෙන්න වගෙයි හදන්නේ. .
ආචාර්ය වසන්ත හරි, රාළ ගැන දුකයි.
මේක කාගේ වැඩක්ද??
ආචාර්ය වසන්ත ලියනගේ, ඔබගේ අදහස් දැක්වීම, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගේ අදහස් දැක්වීම් වලට මහා අභියෝගයක් ලෙසටයි මටනම් පෙනෙන්නේ. මොකොද ඔබතුමා ප්‍රකාශ කරන්නේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේටත් වඩා අපබ්‍රංස. අපි පාඨකයෝ විදියට මේවා කියවන්න තරම් අවාසනාවන්ත වුනේ ඇයි ...
හිතන්නේ නැතුව කතා නොකර හොදට කල්පනා කරලා බලලා කතා කළොත් නේද හොද?
බඹර වද ටික දියවන්නාවට ගෙනියමු. බඹර පහස සහ බඹර සුවය ලැබේවා ..!!!
බඹරා වීර මලේ රොන් ගන්නයි යන්නේ
ඔය බඹර වද ටික අයින් කරලා සංචාරකයින් ආරක්ෂා කළ යුතුයි.බඹරු අයින් කළා කියලා සිගිරි සිතුව්ම වලට කිසිම හානියක් වෙන්නේ නෑ
තව $50 ක් වැඩි කළානම් හරි. සුද්දෝ එන්නෙත් නැ. බඹරු අනින්නෙත් නෑ.
මේ අයගේ මොලේ කුරුවල් වෙලාද? බඹරු කන්නද තියාගෙන ඉන්නේ, මං අහන්නේ?
ඔය බඹරු කතාවට විසදුමක් නැද්ද තවම....
බලය ඇත්තන්ට මොලේ නෑ මොලේ ඇත්තන්ට බලය නෑ කියනවනේ.......
මට හිතෙන හොඳම දේ විදේශ රටකින් ආධාර ගැනීමයි,,නැත්නම් අපේ ස්වාභාවික සංචාරක තෝතැන්න නැතිවෙලා යයි,
මේකේ තියෙන භයානක බව ඇයි මේ වනජීවී මහතුන්ට නොපෙනෙන්නේ....
බුදල් මි නිවුස් එක බැලීමි බොහෝ දෙනාගේ ප්‍රතිචාර ඇති හෙයින් නොලීමි
මොන එහෙකට යනවද මන්ද. ගෙවල්වලට වෙලා ඉන්නවනම් මොන කරදරයක්වත් නෑනේ...
මේක මාර වැඩක්..කමෙන්ට් කරන ඔක්කොමල ආචාර්‍ය මහාචාර්‍ය වරු !!
ඇමතිතුමා කිව්ව නේද බඹරු හිටපුදෙන් කියලා.....
සීගිරියේ බඹර කූඩු ලස්සනයි.... ඒ බඹර කූඩු කඩන්න බෑ මට දුකයි.. මුලු ගලේ පුරා ඇත්තේ එක කූඩුවයි... මුලු හදවතින්ම බඹරුන් හට ආදරෙයි.....
බඹරා වගේ මට තවම විසේ....බඹරුත් කුඩු ගහලද දන්නේ නෑ....
ලියනගේ මහත්තයගේ හොඳ අදහසක් සහ හොඳ කලමනාකරනයක්....
කාශ්‍යප රජු දවස හිටි සෙබලු තමයි මේක නැවතත් ආරක්ෂා කරන්නේ...
ඇයි බඹරෝ සීගිරිය අතහැරලා....ඔබ නොයන්නේ වෙන තැන් සොයලා...
ලියනගේ මහතාගේ අදහසට මාත් එකඟයි..බලධාරීන්ගේ සිත යොමුවේවා !
බලධරයිනි, පොඩ්ඩක් හොයල බලන්න මේවගේ ප්‍රශ්න ලෝකයේ වෙනත් කොතැනක හරි මීට කලින් වෙලා තියනවද? එසේ නම් ඒවාට ඒ උදවිය ගත්තු විසදුම් මොනවද? කියල. සමහර විට ඒ විසදුම අපිටත් යොදා ගන්න පුළුවන් වේවි.
බඹර පහස ලබන මලක් දෝ....බඹර සුවය සොයන මලක් දෝ...... අපේ අය සීගිරි ගිහින් ඉන්නේ බඹරු වගේනේ...ඒකයා එහේ බඹරුන්ට වුණත් තරහ යන්නේ....බොරුද මන් කියන්නේ...
සීගිරියේ බඹර ජනාවාස ඈත අතීතයේ සිටම පැවතුනා. ඔවුනගෙන් සීගිරියේ වටිනා බිතුසිතුවම්වලට හානියක් වුනේ නැහැ. ඇතැම්විට බිතුසිතුවම්වල ආරක්ෂාවට ඔවුනගෙන් යම් මෙහෙයක් වුනාද යන්න සිතාබැලිය යුතුයි. මම කියන්නේ හුදු ආරක්ෂක ක්‍රමවේදයක් ගැන නෙමෙයි. ජෛව පාලනය වැනි ක්‍රතමයක් මගින් බිතුසිතුවම් වලට හානි ගෙනදෙන කුඩා ජීවීන් මර්ධනයට මෙම බඹරුන්ගෙන් යම් සේවයක් සිදුවූවා නම් ඔවුන් ඉවත් කිරීම සුදුසු දෙයක් නොවේ.අද වන විට සීගිරියට යන සංචාරකයන් නිරන්තර බඹර ප්‍රහාරවලට ලක්වීමත්, අතීතයේදී එවන් අවස්ථා සුලභ නොවීමත් පරිසරයේ වෙනස්වීම් සහ නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසාම සිදුවනවා වියහැකියි. අප කළයුත්තේ සංචාරක ව්‍යාපාරය නැංවීමේ අරමුනින් බඹර ජනාවාස ඉවත්කිරීම නොව, පරිසරය සමග සහජීවනයෙන් කටයුතු කරමින් අනතුරු සිදුවීමේ ඉඩකඩ අවම වන පරිදි කටයුතු කිරීමයි. මී මැසි සහ බඹර කුලයේ සතුන්ගේ චර්යාවන් පිළිබද විද්වතෙකු වන රුහුණ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංජිත් පුංචිහේවා මහතා මේ ගැන අදහසක් දක්වන්නේ නම් මැනවි.
ඕක සංචාරක කර්මාන්තයට මාරු පහරක්
ඔය සීගිරි බඹරු ටික අයින් කරලා දෙන්නම් කියල අර කට්ටියක් කියන්නේ, ඒ කට්ටියට දුන්නනම් ඔය සත්තු ටික අයින් කරලා දෙයි. සත්තු මැරෙන්නෙත් නැ. වැඩෙත් කෙරෙනවා