IMG-LOGO

සාගර තරංගා මරියසෙල්ගේ හඬින්...

2016-10-08-ent-167

2016-10-08-ent-168ඉමිහිරි සිංහල ගීත ගණනාවකින් මෙන්ම බටහිර ගීත ගායනයෙන්ද ජනප‍්‍රියත්වයට පත් මරියසෙල් ගුණතිලක පසුගියදා හිරු ටීවී අන්ප්ලග් වෙනුවෙන් සාගර තරංගා ගීතය ගායනා කළාය.

රොඞ්නි විදානපතිරණ රචනා කළ සුනිල් ධර්මසේන සංගීතවත් කළ සාගර තරංගා නිරතුරුවම ගායනා කළේ ජගත් වික‍්‍රමසිංහය.මරියසෙල් මෙම ගීතය ගායනා කළේ ඉඳහිටයි.කාලයකට පසු ඇය මෙම ගීතය ගැයීම නිසා බොහෝ දෙනා ඇසුවේ ජගත්ගේ සාගර තරංගා හදිසියේම ඇය ගායනා කළේ ඇයි කියායි.එහිදී ඇයට සිදුවුණේ සාගර තරංගා ගීතයේ අතීත කතාව කියන්නටයි.

”මේ ගීතය අනූව දශකයේදි ජගත් වගේම මමත් පටිගත කළා. ඒ රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ සාගර තරංගා ටෙලිනාට්‍යයටයි. එය ශ‍්‍රී ලංකා - මාලදිවයින් නිෂ්පාදනයක්. රූගතකිරීම් තිබුණේ මාලදිවයින් පත්වලයි. සංගීත කණ්ඩායමක් වටා ගෙතුනු මෙම ටෙලිනාට්‍යයේ ජගත් ගී ගයමින් රඟපෑවා. මට තිබුණේ ප‍්‍රධාන නිළිය වූ නිල්මිණි තෙන්නකෝන් වෙනුවෙන් ඒ ගීතය ගයන්නයි ඊට අමතරව මාලදිවයින් නිළියක්ද මෙහි චරිත නිරූපණය කළා. පසුබිමින් ඇයට ඇසෙන ගීතය හැටියටත් මගේ සාගර තරංගා යොදා ගත්තා.

”ඒත් මේ ටෙලිනාට්‍යය අතරමග නතරවුණේ මාලදිවයින මුහුදේදි හටගත් දරුණු කුණාටුවක් නිසයි.කුණාටුවෙන් අනූ නවයෙන් දිවි බේරාගත් නිෂ්පාදක කණ්ඩායම නැවත ලංකාවට ආවා. ටෙලිනාට්‍යය නැවතුණත් ගීතය ඉතිරි වුණා.”

මේ ගීතය පහුගිය කාලයේ මට ගයන්න ඕනැකම තිබුණත් ඊට අවස්ථාවක් තිබුණේ නැහැ. අවස්ථාව ලැබුණු ගමන් මේ ගීතය මම ගායනා කළා.ඊට අමතරව තවත් රූපවාහිනි වැඩසටහන් කීපයකම මම මේ ගීතය ගායනා කරලා තියෙනවා. රසිකයනුත් මේ ගීතයට කැමැතියි. එහෙම නැතුව ජගත්ගේ ගීතයක් මම ගායනා කළා නෙමෙයි. මේ මගේ ගායනා ශෛලිය අනුව පටිගත කළ මගේ සාගර තරංගා ගීතයයි. ඒත් එහි පද මාලාව, තනුව සියල්ල සමානයි.



අදහස් (0)

සාගර තරංගා මරියසෙල්ගේ හඬින්...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1019 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site