සීගිරි බිතු සිතුවම් ලෙනෙහි බදාම තට්ටුවක් ගැලවී වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමති අකිල විරාජ් කාරියවසම් අද (02) සීගිරියට ගියේය.
ඔහු අදාල බළධාරීන්ගෙන් සංරක්ෂණ කටයුතු පිළිබඳ විමසන විට බළධාරීන් කියා සිටියේ බදාම තට්ටුව දිරාපත්දැයි බැලීමට අතින් තට්ටුකර බලන බවයි.
අතින් තට්ටු දමා මෙවැනි ඉපැරණි සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කළ නොහැකි බවත් ඒ සඳහා කඩිනමික් දෙස් විදෙස් විශේෂඥ දැනුම උපයොගී කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතු බවත් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ නිලධාරියො මුනුත් දේශපාලනෙන්ම ආපු එවුන් වෙන්න ඇති (බ)
අනේ ශෝක් බලදාරියෝ. මිටියකින් වගේ තට්ටු කරලා බැලුව නම් යන්තමින් දිරනකොටම දැනගන්න තිබුනා.(කෞ)
අනේ ඇමතිතුමනි, පළමුව සුදුසු බලධාරින් පත්කරන්න (නි)
ඔතන බලධාරියෝ කියන්නේ නොයෙකුත් ආකාරයේ උපාධි සමත් උගත්තු නොවැ. අතින් තට්ටු කරන්ටත් උපාධි සහතිකයක් අවශ්‍යද? ලැජ්ජයි අපේ රටේ උගතුන්ගේ තියෙන පුහු උගත් කබාය සහ තොප්පිය ගැන . අපි කුඩා කාලයේ තාර ගා විනාස කරපු බිතු සිතුවම් නැවත ප්‍රකෘති කිරීමට මෙහි ගෙනා ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි මහත්තයා මතක් වෙනවා. (කෞ)
මම දන්නා තරමින් අකිල විරාජ් මෙවැනි දේ ගැන තාක්ෂණික දැනුමක් ඇති කෙනෙක් නොවෙයි. නමුත් ඔහුගේ කතාව හරි. බලධාරීන් ලජ්ජා වෙන්න ඕන මෙහෙම කතා කීම ගැන. සමහර ඇමතිවරු නිලධාරීන්ව පහත් කරලා කතා කරන එක බලනකොට හරි වගේ.(කෞ)
දේශපාලන පැලැස්තර නම් ඕවාට හරියන්නේ නැත. (නි)
මොකද මේ සීගිරි අප්සරාවන් ගැන හදිසියේම උනන්දුවක්? (නි)
ඕනෑම මෝඩයෙකුට තේරෙනවා අතින් තට්ටු කළොත් තවත් බුරුල් වෙනවා කියලා කනට දෙකක් තට්ටුකරන්න ඔය කියපු කෙනාට. (බ)
අකිල මේ ගැන බලන්න ගිය එක හොඳ වැඩක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ දැනුමක් ඇති පුද්ගලයන් මෙයට පිළියම් යොදන්න පරක්කු ඇයි? (නි)
අකිල මහත්තයා හරියටම හරි (නි)
අනේ විල්පත්තු විනාශය ගැනත් මේ වගේම හොයලා බැලුවා නම්! (නි)
මේවා ගැන සොයාබලන්න තිබුණේ විනාශ වෙන්න පටන්ගන්න කලිනුයි (නි)
මේ අපේ ජාතික උරුමයන්ය... (නි)
ප්‍රමාදවෙලා හරි මේ තීරණය ගත් එක හොඳයි (නි)
අවදානමට කලින් සූදානම් වෙලා හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? (නි)
ඔක්කොම හොඳට තිබුන දේවල් කඩාවැටෙන කාලයක්. එහෙම තිබෙද්දී ආයු දිකරගන්න හදන කාලයක්. රටට නරක කාලයක් උදාවෙලා. (නි)
ඡායරූපකරණය මගේ ප්‍රියතම විනෝදාංශයක්. සීගිරි සිතුවම් වල ඡායාරූප ගැනීම තහනම් කළ බව දැනගත්තහම පොඩි දුකක් ඇතිවුණා. ඒත් දන්නා නිසා කියන්නෙ, ෆ්ලෑෂ් යෙදීමෙන් සිතුවම් වර්ණක වලට සිදුවන්නේ නැවත සැකසිය නොහැකි තරම් වූ හානියක්. වෙනත් රටවල මෙවැනි සිතුවම් කිසිසේත්ම ඡායාරූප ගතකරන්න ඉඩ නොදෙන්නේ එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමට සාමාජීය වටිනාකමක් ලබා දෙන්නයි. පහුවෙලා හෝ ඒ ගත් තීරණය අගය කළයුතුයි. (නි)
ඇමතිතුමාගේ ප්‍රකාශය හරි. මෙම බදාම තට්ටු සහ ගල අතර හිඩැසක් ඇත්නම් හෝ බුරුල්වීමක් ඇත්නම් එය පරික්ෂා කිරීමට එම බදාම තට්ටු විනිවිද යන (කොන්ක්‍රීට් පරික්ෂා කිරීමට භාවිතා කරන) රාඩර් උපකරණයක් හෝ අල්ට්‍රා සවුන්ඩ් උපකරණ භාවිත කළයුතුමයි. අතින් තට්ටු කිරීමෙන් වෙන්නේ දුර්වල බදාම තට්ටු තවදුරටත් බුරුල්වීම හෝ ගැළවී වැටීමයි. මේ සඳහා විශේෂ පළපුරුද්දක් ඇති සහ තාක්ෂණ ක්‍රමවේදයන් වැඩිදියුණු කළ ආයතන ලොවේ තිබෙනවා. මේ සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවුවත් මෙම ජාතික උරුමය ආරක්ෂා කරගැනීමට එය කළයුතුමයි. (නි)
මම අදහස් පළකරන්නේ මෙම ජාතික උරුමය රැකගැනීමට ඇති උනන්දුව නිසාම අදාල බලධාරින් හට ඉක්මන් පිළියමක් සඳහා උපකාරීවීමටයි. ඉතාලියේ මෙම කටයුතු සඳහා නම්දරා ඇති ආයතනයක් තිබෙනවා. එය ඉතාලි රජය යටතේ පවතින ආයතනයක්. ඔවුන් 1905- 1907 සමයේ අජන්තා බිතු සිතුවම් සංරක්ෂණයටත්, 1987-2004 සමයේ තුර්කියේ බිතු සිතුවම් සංරක්ෂණයටත්, යුනෙස්කෝ ඇතුලු ආයතන සහ රටවල් ගණනාවක් සමඟ සම්බන්ධ වී කටයුතු කර තිබෙනවා. අපගේ මෙම ජාතික දායාදය රැකගැනීමට ඉතාලි රජයේ ආධාරයක් ලබාගෙන හෝ මෙවැනි ආයතනයක් හා වහාම සම්බන්ධවීම වටිනවා. (නි)
මේ ජාතික උරුමයන් අපි රැකගත යුතුයි (නි)
බොහොම හොඳයි (නි)
සීගිරි ලියන්ට ඉතාලියෙන් ආධාර ඉල්ලන්න (නි)
බලධාරීන්ගේ ඔළුවට මිටියකින් තට්ටු කරලා බලන්න ඕනෑ අතුල බොල්ද කියලා බලන්න (නි)