බෙන්තර ප්‍රාදේශිය සභා සභාපතිගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ගත්තැයි ඇප මත මුදා හැර සිටින වලල්ලාවිට ප්‍රාදේශිය සභා සභාපති උදේනී අතුකෝරල අද (21) ප්‍රාදේශිය සභා රැස්වීමට පැමිණි අවස්ථාවේ සන්ධානයේ විමලසේන අතුකෝරල මහතා හා විපක්ෂය හැර සෙසු සියලු මන්ත්‍රීවරු සභාව වර්ජනය කරමින් පිටව ගියහ.
අල්ලස් චෝදනාවක් එල්ල වී ඇති පුද්ගලයකු රැස්වීමට පැමිණිමේ සදාචාරාත්මක ප්‍රශ්නයක් ඇතැයි පිට වී ගිය උප සභාපති නාලක තරංග සමරවික්‍රම ඇතුළු පිරිස කීය. විපක්ෂ මන්ත්‍රීවරු හතර දෙනා පැවසුයේ සභාවේ තවතවත් දුෂණ හෙළිකැර ගැනීම සඳහා තමන් රැදී සිටින බවයි.
අධිකරණයේ ඇති ප්‍රශ්නයක් ගැන කතා කිරීම නුසුදුසු බව සභාපති අතුකෝරාල කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැනගෙන හිටියා ඕක වෙන බව. (නි)
ආශ්චර්යයක් නේ! (නි)
අනිත් දුෂණයන් එළියට ආවොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හොදයි. (නි)
'ලෝක පාලක ධර්ම' කියලා කියන්නේ "ලැජ්ජාව සහ භය" කියලා මං අහලා තියෙනවා. එහෙම කියන්න ඇත්තේ වැදගත් හේතු ඇතුව වෙන්න ඇති නේද? අර ජපන් අගමැති කෙනෙකුට අල්ලස් චෝදනා එල්ල වුනා විතරයි, එයා ඉල්ලා අස්වුණා. සමහරු ඉන්නවා ලෝක පාලක ධර්ම වලින් පාලනය වෙන. (ස)
උපාලි මහත්තයෝ, ඒ ජපානයේ සහ ඉස්සර ලංකාවේ හිටපු ඩඩ්ලි මහත්තයා වගේ ශ්‍රේෂ්ට නායකයෝ. දැන් ඉන්නේ දේශපාලන මුදලාලිලා.මේ ගොල්ලෝ ඉල්ලා අස්වෙනවා තියා පැන්නුවත් යන්නේ නැහැ. (නි)
මෙයා කොහොමත් බොළඳ වැඩ වලට හරි දක්ෂයා . (නි)
සගයන්ගේ කොටස පිලිබඳ ප්‍රශ්නයක් වෙන්නැති! (ස)
සබාපති සම සමව හරියට කටයුතු නොකළ නිසා යාලුවො ටික තරහ වෙලා ගියා! (නි)