කරාපිටියේ පිළිකා ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා ආධාර එකතු කිරීමට යාපනයේ පේදුරුතුඩුවෙන් ඇරැඹි ‘තරණය‘ පාගමන දින 28කට පසු අද මාතර දෙවුන්දර තුඩුවෙන් අවසන් විය.
එම ප්‍රතිකාර ඒකකය සඳහා අවශ්‍ය රුපියල් කෝටි 75න් රුපියල් කෝටි 40ක් පාගමනේ දී එකතු වී තිබිණි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එහි සන්නාම තානාපතිවරු ලෙස කටයුතු කරති.
අද පාගමන පිළිගැනීම සඳහා දෙවුන්දර ප්‍රදීපාගාරය අසල දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පුතුන් ලක් දෙරණට වාසනා! (නි)
චතුරිලාට තියෙන්නේ මහා පුදුම අදහස් තමයි (නි)
මෙවන් පුතුන් ලක් දෙරණට වාසනා! (ම)
ෆස්රූල් ගපූර්, ඔබගේ අදහස් ටිකට මට කඳුලු ආවා (නි)
ඔබට තෙරුවන් සරණයි! (නි)
පා ගමනට එකතුවුණු සංගක්කාර මහේල ඇතුළු සියලුම වීරයන් රටට ආදර්ශයක්. ඉතිරි මුදල එකතු කිරීමට රට මැදටත් පා ගමනකින් එන්න. ජනතාව දේශපාලකයන්ට නැති ගෞරවයක් ඔබ දෙදෙනාට දක්වාවි (නි)
ඔබට අපගේ ආචාරය! (නි)
ඔය සල්ලි කොමිස්කාරයන්ගෙන් බේරාගනිමු (නි)
පින් සිදුවේවා! (නි)
ඔබට සුබ පැතුම්! (නි)
ඔබ දෙපලගෙ කැපවීම ප්‍රශංසනීයයි. එයට අපගේ ප්‍රණාමය! (නි)
සමහරු කටින් බතල හිටවද්දී මහේලලා වැඩ කරලත් ඉවරයි. ඔබ සදා රටට ආඩම්බරයක් (නි)
සමන්ත සහෝදරයට මගේ ස්තුතිය! සිසිල් සහෝදරයාගේ අදහස් සමඟත් එකඟයි (නි)
මහේල, සංගා, ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රත්නයන් දෙකක්. අනේ ඔබ දෙපල දේශපාලන බිලීබෑම් වලට නම් අහුවෙන්න එපා. දේශපාලනයෙන් ඈත්වී සිටිනාතුරු ඔබ දෙපල අප සැමහේ හද අඹරේ සදා දිළෙනු ඇත. ඔබ දෙපලට මගේ සුබ පැතුම්. (නි)
මහේල සහ සංගා දෙදෙනා විතරක් නොවෙයි තවත් බොහෝ දෙනෙක් ඔය දේ වෙනුවෙන් මාසයකට ආසන්න කාලයක් සහභාගි වුණා. මෙයට සහභාගිවුණ සියලුම දෙනා ගරුකටයුතුයි. අනෙක, අදහස් දැක්වීමෙන් පමණක් නොවෙයි දායකවීමෙනුත් සහභාගිවුණොත් ඒ අයටත් ගරු කරනවා. (නි)
මහේලට සහ සංගාට තුති අපේ ප්‍රණාමය රටේ ආණ්ඩුවකින් කළයුතු දේ පෞද්ගලිකව කිරීමට ඉදිරිපත්වීම ගැන. රටේ ආණ්ඩුවට මේවට වඩා වැදගත්නේ ඇමතිලට රටේ මිනිසුන්ගෙම සල්ලි වලින් සුපිරි වාහන ගෙන්වීම. පිළිකා රෝහලට මිනිසුන්ම මුදල් සොයා දුන් ස්කෑනර් යන්ත්‍රයත් තවම ගෙනවිත් නැහැ නේද? ඔන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ආණ්ඩුවල වැඩ. ඇමතිලට මොකද එයාලා බෙහෙත් ගන්න යන්නේ සිංගප්පුරුවටනේ හෙම්බිරිස්සාවක් කැස්සක් හැදුනත්. (නි)
අපේ දේශපාලකයන්ට කරන්න බැරවුණ වැඩ මේවා! (නි)
මෙන්න රටට ජනතාවට ආදරය කරන මිනිස්සු. ඔය දියවන්නාවේ ඉන්න කාක්කෝ ටික පිටරටින් කරපිටිය රෝහලට ගන්න බඩුවලින් කොමිස් ගහන්න බලාගෙන ඉන්නවා ඇති. අනේ ඔය හොරුත් එක්ක ඔය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිලා බහින්නේ නැහැනේ. (නි)
අනුන්ගේ සල්ලි වලින් ගොඩනැගිලි හදලා, සල්ලි ගහලා විවෘත කරන්න ලැජ්ජා නැතුව දේශපාලකයෝ එනවා. දුප්පත් මිනිස්සු අත් දෙකෙන්ම කතුර දෙනවා පටිය කපන්න.පුතේ, මනුස්සකම් උගන්නපල්ලා.
තුණුරුවන්ගේ පිහිටෙන් සියලුම කටයුතු සාර්ථකම වේවා! (නි)
රටේ හොර ඇමතියෝ ගන්න අලුත් වාහන ප්‍රතික්ෂේප කළා නම් මේ වගේ ඒවා 3 ක් හදන්න පුළුවන් . ඔබගේ ක්‍රියාව දැක ඇසට කඳුලකුත් අවා. ඔබලාට තෙරුවන් සරණයි .(අ)
අනේ ඔය සල්ලි ටික මහා බැංකුවට දීලා අපිව වැට් බද්දෙන් නිදහස් කරගන්න. (නි)
බන්දුල රණ විරුවකුට දෙන්න වන්දිමුදලක් හිඟා නොකා හිගා කෑවා , ඒ පොඩි මුදලට කල්පයක්. ගියා මිනිසුන්ගේ පිළිගනිම මේකෙන් පේනවා (අ)
ගරු මහේල සහෝදරයාණෙනි..! ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට අපේ රට නියෝජනය කරමින් ඔබෙි ක්‍රීඩා දිවියේ උපරිම දස්කම් දක්වමින් මෙි පුංචි රට ක්‍රිකට් ක්‍රිඩාව තුලින් ගිනස් ලෝක වාර්තා කරා රැගෙන ගිය අවස්ථාවන් තිබුණා. ඒ ඔබට උපතින්ම ලැබූ හැකියාවෙි දායාදයේ ප්‍රතිඵලයක්. ක්‍රීඩකයන් හැටියට මෙි රටට ඔබත් සංගක්කාරත් කළ සේවය නිසා ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී හමාරය.ක්‍රීඩාවෙන් සමුගත්තත් එතැනින් නොනැවතී අසරණ රෝගීන් වෙනුවෙන් මෙි කළ අති උතුම් කැපවීම් ඔබෙි ශ්‍රේෂ්ඨත්වය තහවුරු කළ අවස්ථාවක් හැටියට දකිමි. අපේ රටෙි ටිකක් සමහර ක්‍රීඩකයන් හෝ කලාකරුවන් ටිකක් ජනප්‍රියත්වයට පත් වූ විගසම යම් යම් දේශපාලකයන්ගේ පාමුලට දණින් වැටෙමින් ආත්මාර්ථකාමී ප්‍රතිලාභ බලාපොරොත්තු වන රටක ඔබත් සංගක්කාරත් ශ්‍රී ලාංකිකයන් අතර සැමදාම මහත්වරුන්ය. ශ්‍රිමත් ඩොනාල්ඩ් බ්‍රඩ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඩි සෝබර්ස්, ශ්‍රීමත් විවියන් රිචර්ඩ්, ශ්‍රීමත් ඉයන් බොතම් සමඟ ඔබ දෙපලත් නොබෝ දිනකින් ශ්‍රීමත් නාමයෙන් පිදුම් ලබනු ඇත. එය අපේ සිහිනයක් නොව ප්‍රර්ථනාවකි...ඔබට දෙවි පිහටය් බුදු සරණයි (අ)
මහේල, සංගා, ඔබ දෙපලට බුදු සරණයි! (නි)
ලංකාවේ ජරාජීර්ණ දේශපාලනය! ඔවුනට ඡන්දය දෙන ලංකාවේ මිනිසුන්ගේ ඇස මෙවන් උදාහරණ වලින් හෝ අැරේවා...!! (නි)
ඔබ දෙපලගේ නාමයන් සදාකල් වැජඹෙනවා ඇති.
මෙතන පිළිගන්න ඉන්න ඕනෑ නේද සෞඛ්‍ය ඇමතිතුමාත්? (නි)
ඔබ දෙදෙනා කළ මෙම සත්ක්‍රියාවට ඔබට බොහොම පින්! මෙවැනි සත්ක්‍රියාවලින් ඔබලා රටට කළ සේවය ඉතා අගනේය. (නි)
මහේල සහ සංගා යනු මේ රටින් බිහිවුණ ලෝකපූජිත ක්‍රිකට් විශිෂ්ටයෝ පමණක් නොව ශ්‍රේෂ්ඨ මිනිසුන් බව දැනෙනවිට අපට වඩාත් සතුටුවිය හැක. ඔවුන් උරදී ඇති මේ ශ්‍රේෂ්ඨතම සත්ක්‍රියාව සාර්ථක වෙනු නිසැකය. චිරං ජයතු! (නි)
දේසපාලන කම්බා හොරුන් රටේ ධනය සාක්කුවේ ඔබා ගන්නා අතර අහිංසක මිනිසුන් ඔවුන්ගේ මුදල් රටේ සද්කාරියකට පරිත්‍යාග කරනවා. මේවා දකින අහන මේ හොරුන් ලජ්ජා විය යුතුයි . (අ)