පුත්තලම් ගල් අඟුරු බලාගාරයට ගත් අඟුරු සැපයීමේ ටෙන්ඩරය එහි ටෙන්ඩර් පටිපාටියට පටහැනිව ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් සිංගප්පූරු සමාගමක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ,ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
සිංගප්පූරුවේ ග්ලෝබල් රිසෝස් ඉන්ටර්නැෂනල් ( පෞද්ගලික ) සමාගම විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා කෝල් කොම්පැනි සමාගම ,අමාත්‍ය මණ්ඩලය ඇතුළු 74 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. වැරදිකරුවන් සියල්ල ප්‍රසිද්ධයේ හෙළිකරන්න (නි)
ඉස්සර නම් තිබුණේ සහෝදර සමාගම්නේ ඉතින් (නි)
දුමින්ද, දැන් තියෙන්නේ යහපාලනයනේ(නි)
සහෝදර පාලනය කාලේ නම් සිංගප්පූරු සමාගම් වලට ඔහොම නඩු දාන්න බැහැනේ. එහෙත් දැන් මොන ඇමතිද වැඩිපුරම වැරැද්ද කරලා තියෙන්නේ කියලා කියමු බලන්න(නි)
වරදක් කර ඇති සියල්ලන්ටම විරුද්ධව කටයුතු කරන්න කියා මම ඔය සමාගමට කියමි. (නි)
වැරැද්දක් කර ඇත්නම් දඬුවම් ලැබිය යුතුයි. (නි)