
(අංජුල මහික වීරරත්න)
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පවතින සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නීතිපති සංජය රාජරත්නම්, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර, යන මහත්වරු සහ රේඛීය ආයත ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS
එතකොට පොහොට්ටුවේ සෙට් එක ඒකටත් අත උස්සයිද?
එහෙම කළාම අපට කැමැති භාණ්ඩයක් සිංගප්පූරුවෙන් ලංකාවට ගෙන එන්න පුළුවන්ද?
ඒ කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් ආයෙත් මහබැංකුවේ අධිපති වෙනවද?
මොන පිස්සු කතාද.? මේවා කවුද විස්වාස කරන්නේ.
පහුගිය කාලේ සිංගප්පුර් ගිවිසුමට එරෙහිව සමාජය නොමග හැරපු මාෆියා දොස්තර කල්ලිය දැනුත් විරුද්ධ වෙයිද දන්නේ නැහැ. හැමදේටම විරුද්ධ වෙන ජේවීපී රැලත් විරුද්ධ උනා. මේ සැරෙත් ඉතින් මොන රිලා නැටුමක් නැතැයිද දන්නේ නැහැ. අනික අපට මතකයිනේ සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය පමණක් නොවෙයි මේ දෙගොල්ලෝ එකතු වෙලා ඒ ආයතනයම විනාශ කළා. ඒ නිසා, කොපමණ සිසුන් පිරිසක් විදේශ ගත උනාද? අදටත් ලංකාවෙන් ඩොලර් ප්‍රමාණයක් ඒ සඳහා රටින් පිටවෙනවද? බලාගෙන ගියාම හැමෝම ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාකරලා තියනවා මිසක්, මේ රට හෝ ජනතාව වෙනුවෙන් කිසිම සේවයක් ඉටුකොට නැහැ.