රුපියල් ලක්ෂ 44 කට ආසන්න වටිනාකමකින් යුත් සිංගප්පුරු ඩොලර් 40000 ක් නීති විරෝධි ලෙස තම ගමන් මල්ලේ සඟවාගෙන විදේශ ගතවීමට උත්සාහ කළ කොරියානු ජාතිකයකු අද(6) අලුයම කටුනායක ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා පවසයි.
සැකකාර කොරියා ජාතිකයා එස් .කිව්.469 අලුයම 1.10 ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව සිටි අතර ඔහුගේ හැසිරිම පිළිබඳ සැක සිතු රේගු නිලධාරින් ඔහු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී අදාළ මුදල් හමුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd