සිග්නීස් සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වූ ප‍්‍රවීණ සිනමා නිළි පුණ්‍යා හීන්දෙනිය මහත්මියට ප‍්‍රවීණ සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය තිළිණයක් පිරිනමමින්...
ජයන්ත චන්ද්‍රසිරිට සම්මානය ඔහුගේ පුත‍්‍රයා ලබාගෙන හොඳම නළුවා සහ නිළිය සමග ඡායාරූපයකට මුහුණදුන් අවස්ථාව.
|
රංග කුසලතා ස්වර්ණ සම්මානය හිමිකරගත් ජගත් චමිල සිය පුත‍්‍රයා සමග |
සිග්නීස් ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කළ සිග්නීස් උත්තමාචාර 2015 සිනමා සහ ටෙලි සම්මාන උළෙල ප‍්‍රවීණ සිනමා නිළි පුණ්‍යා හීන්දෙණියගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 27 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
සමනල සංධ්වනිය චිත‍්‍රපටයේ රඟපෑ උද්දික පේ‍්‍රමරත්න සහ යශෝධා විමලධර්ම හොඳම නළුවා සහ නිළිය හැටියට එහීදී සම්මාන හිමිකරගත්හ.
ජගත් මනුවරණ සහ සුලෝචනා වීරසිංහ හොඳම සහාය නළුවා හා නිළිය හැටියට සම්මාන හිමිකරගත්හ.
”සැමීගේ කතාව” චිත‍්‍රපටයේ රඟපෑ ජගත් චමිල නිර්මාණශීලි රංග කුසලතා ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබීය. ”සමනල සංධ්වනිය” චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණශීලි අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස ගුණවර්ධන සර්ගේ ගෝලයෝ ගොඩක් අද රංගනයෙන් සිය වික්‍රමයන් පෙන්වනවා. චමිල නරකද මේ අය එකතුකරගෙන තිස්ස සර්ගේ කර්තව්‍යය ඉදිරියට ගෙනගියොත්. (නි)
මාගේ සුබපැතුම් සියලු දෙනාටම. (ර)
නියමයි ජගත් මල්ලි! (නි)