IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සංගීතා සියතේ.....

ජනපි‍්‍රය  සහ සම්මානනීය රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මවක වූ පසු රංගනයට හා කලා   අංශයේ වෙනත් කටයුතුවලට පසුගිය කාලයේදී දායක වුණේ නැහැ. ඒත් බොහෝදෙනා නැවතත් ඇය ගැන කතා කිරීමට පටන් ගත්තේ ‘ධීවරී’ චිත‍්‍රපටය නිසයි. ඊට අමතරව සංගීතා සියත ටී.වී. ආයතනයේ අලූත් වැඩකටයුත්තකටත් සම්බන්ධ වෙනවා. මේ නිසා ඇය නැවතත් කාර්යය බහුල වෙලා. සංගීතාගේ මේ අලූත් වැඩකටයුතු මෙන්ම ඇයගේ කලා ජීවිතයේ ඉදිරි කටයුතු මොනවගේද? ඇය ඒ ගැන කියාවි. සංගීතා කෙහොමද ජීවිතය ? බොහොම හොඳයි. බොහොම සුන්දරයි. දියණිය නිසා දවස තරමක් කාර්යය බහුලයි. ඊට අමතරව සියත ටී.වී වැඩසටහන් නිසා හොඳටම කාර්යය බහුල වෙලා. මොන දේ වුණත් හැමදාම වගේ ජීවිතය සුන්දරයි. සියත ටී.වී වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරනවාද ? සියත ටී.වී වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් අධීක්‍ෂණය කරනවා. එහි අරමුණ සියත ටී.වී වෙනුවෙන් හොඳ ප‍්‍රතිචාර ලබා ගැනීමද ? නැත්නම් සියත ගොඩ දැමීමද? කාන්තාවක ලෙස මේ දක්වා මම සෑහෙන මාධ්‍ය අත්දැකීම් ලබපු කෙනෙක්. ඒ නිසා පේ‍්‍රක්‍ෂකයන්ට ලබාදිය යුත්තේ මොන වගේ දෙයක්ද යන්න පැහැදිලි අදහසක්, දැක්මක් තිබියදී ඇයි මං නිකං ඉන්නෙ කියලා හිතුව. දැනුම අපතේ යවනවාට වඩා ඒ දැනුමෙන් යමක් ජනතාවට දිය යුතුයි. එය ජනතාවට දැනෙනවා කියල හිතනවා ද? ඔව්, තිබුණට වඩා මේ වැඩසටහන් නිසා සියතට සෑහෙන ප‍්‍රතිචාර ලැබෙනවා. බොහෝ විට මේ වැඩසටහන්වලින් කතා කරන්නේ හරය ගැනයි. ඉතින් ජීවිතයේ සෑම දෙයකටම අවශ්‍ය වන්නේ හරවත් බවයි. ශ්‍රී ලාංකීය ජනතාව මෝඩ නැහැ. එම නිසා හරයක් ඇති වැඩසටහන් කිරීම වෙනුවෙන් ජනතාව සතුටුවීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. මේ සියල්ල නිසාද ඔබ අද වඩාත් කාර්යය බහුලයි කිව්වෙ? අවුරුදු එකහමාරක් විතර දුව නිසා එයාගෙ වැඩ කටයුතුවලට කාර්යය බහුල වුණා. අද ඒ වැඩවලට අමතරව සතියේ දින පහ පුරාම මේ වැඩසටහන් අධීක්‍ෂණය කිරීම වගේම ඒ වෙනුවෙන් වැඩමුළු පවා පවත්වනවා. ඒ නිසා තරමක් කාර්යය බහුලයි. ඔබ මෙලෙසින් හෝ රූපවාහිනී තිරයට මුහුණ දෙනවා. ඒත් අපේ සමහර ප‍්‍රවීණ ශිල්පිනියන්  කියන්නේ ටෙලි නාට්‍යවල රඟපාන්න අකමැතියි කියලයි. ඔබත් එහෙමද? එහෙම කියන්නේ අලූත් අය එක්ක හැප්පෙන්න බැරි නිසාද? සිනමාව සහ රූපවාහිනිය කියන්නේ අහසට පොළව වගේ හාත්පසින්ම වෙනස් මාධ්‍ය දෙකක්. රූපවාහිනිය හරහා සිනමාවෙන් බිහි වූ ආකාරයේ ලොකු තරු බිහිවූණේ නැහැ. සිනමා චරිත වෙතින් බිහිවන ප‍්‍රතිරූපය තරම් පුංචි තිරයේ ප‍්‍රතිිරූපය දැවැන්ත නැහැ. සිනමා තිරයේ රසයට, දෘශ්‍යයට කැමැති වූ රසික පිරිස රූපවාහිනිය නැරඹුවාට වඩා කැමති සිනමාවටයි. මේ නිසා කෙතරම් චරිත දුටුවත් ඇතුළාන්තයෙහි තැන්පත් වෙලා තියෙන්නේ අර සිනමාවේ දැවැන්ත දර්ශන ගැඹුරයි. මෙකී සියල්ල නිසා සිනමාවේ කෙනා රූපවාහිනියට ඇවිත් යමක් කරනවාට වඩා රූපවාහිනී චරිත සඳහා වැඩිපුර දායක වෙන කෙනා සිනමාවට ඇවිත් යමක් කරන්න ආසයි. නමුත් ඔබ ඇහුවේ රූපවාහිනියේ චරිත සමග ගැටෙන්න බැරිද කියලනේ. ඇත්තෙන්ම මට එතැන තරගයක් නැහැ. ප‍්‍රශ්නයකුත් නැහැ. ප‍්‍රතිරූපය ඊට වඩා වැදගත්. ඒ කියන්නේ ඔබගේ ප‍්‍රතිරූපය රැකගන්න  ඕන නිසා ටෙලි නාට්‍ය රඟපෑමට අකමැතියි කීමද? දැන් මම වැඩ කරන්නේ සියත නාලිකාවත් එක්ක. මේ හා සාපේක්‍ෂව මගේ කාලය මට කළමනාකරණය කරගන්න සිදු වෙනවා. ඊට අනුකූලව ලැබෙන චරිත සහ සියල්ල ගැන මට හිතන්න සිදුවෙනවා. කොහොමටත් ලැබෙන නිසාම මම චරිත රඟපෑව කෙනෙක් නෙවෙයි. චරිතයෙහි ගුණය සහ හරය ගැන බැලූවා. ඒ වෙලේම ඊට ලැබෙන වටිනාකම ගැනත් බැලූවා. එදා ඉඳලම මං වැඩ කළේ වෘත්තීය ගරුත්වය ඇතිවයි. මොකද මම එක පාරටම රංගනයට කඩා පාත්වෙච්ච චරිතයක් නෙවෙයි. සංගීතා චරිතයක් රඟපාන්න ගන්නෙ බෙහොම අඩු මුදලක් නෙවෙයි. ඒ වටිනාකම ගැන මම ගොඩාක් දුරට හිතන කෙනෙක්. මේ නිසාම මට වත්මනෙහි බෙහෝ දේ නොලැබී තිබෙනවා. ඒත් ඒවා මට ප‍්‍රශ්න නෙවෙයි. කලාව මගේ ජීවිතය වුණත්, කලාවට හදවතින්ම ආදරය කළත් මම යැපෙන්නෙ ඒ මතින් නෙවෙයි. ඊට වඩා එහි හරය- ගුණය- විනය රැකීම මගේ අරමුණයි. එය අපි නව පරම්පරාවට දිය යුතු ලොකුම ආදර්ශයයි. මේ දිනවල තිරගත වෙන ‘ධීවරී’ චිත‍්‍රපටය ගැනත් යමක් සඳහන් කරමුද ? මේ චිත‍්‍රපටයේ මම රඟපෑවේ අවුරුදු 15 කට පමණ පෙරදීයි. එදා මුල් වතාවට මහා රංගවේදීන් වන ජෝ අබේවික‍්‍රමයන්, සිරිල් වික‍්‍රමගේ, ටි‍්‍රලීෂියා ප‍්‍රනාන්දු, ජැක්සන් ඇන්තනි වැනි කලාකරුවන් සමග රඟපාන්න ලැබුණා. එය එදා මගේ රංගන ජීවිතයට ලැබුණු මහා ලොකු අවස්ථාවක් වුණා. අද එය නරඹන විට දැනෙන සතුට හරි ඉහළයි. ජෝ අබේවික‍්‍රමයන් සමග ඔබට චිත‍්‍රපටයක රඟපාන්න ප‍්‍රථම වතාවට අවස්ථාව ලැබුණේ මේ චිත‍්‍රපටයෙන් කිව්වනේ? ඔහු එදා පැවසූ දේවල් මතකද? ඇත්තටම එදා මට ලොකුම ප‍්‍රශ්නය වුණේ ඔහුව ආමන්ත‍්‍රණය කළ යුත්තේ කොහොමද කියලයි. අපේ තාත්තා චිත‍්‍රපට කරන අවදියේදී මම ඔහුට කතා කළේ ජෝ අංකල් කියලයි. ඒත් ශිල්පිනියක් ලෙස මට එහෙම කරන්න බැහැ. ඒ ගැන අහන්න තතනමින් සිටියදී ඔහු ඇවිත් ‘කමක් නැහැ, මට ජෝ අංකල් කියන්න දුව’ කීවා. ඊට පස්සෙ ඔහු සමග රඟපෑමේදී පළමු දෙබස සඳහා පිටු තුනක් විතර තිබුණා. මම එහි පෙළගැසීම ගැන ජෝ මහතා සමග කතා කරන්න ගියේ පිටපත සමගයි. ඒත් ජෝ මහතා ඒ සියල්ල කළේ පිටපත නැතිවයි. මට අදහගන්නවත් බැරි වුණේ ඔහු කොච්චර නම් චරිතය සඳහා ලැහැස්තියක් තිබෙන රංගන ශිල්පියෙක්ද යන්න වැටහුණු නිසයි. ඇත්තටම ඒ වගේ ශ්‍රේෂ්ඨ චරිතයක් සමග රඟපාන්න ලැබීමත් වාසනාවක්.

හැඩගැන්වීම :ධනංජය බණ්ඩාර -- සටහන/ජායාරූප : සඳුන් ගමගේ
   



අදහස් (0)

සංගීතා සියතේ.....

ක්‍රිෂ් Wednesday, 09 January 2013 11:10 AM

ඔබ විශිෂ්ඨ රංගන ශිල්පිනියක්. සුබ පතනවා ඉදිරි අනාගතයට (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි
2025 මැයි මස 06 627 0

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්


කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු
2025 මැයි මස 06 252 0

කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


ජනපති මුළු ලොවටම බෞද්ධ දර්ශනයේ අගය කියයි
2025 මැයි මස 06 359 0

යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර


තුසිත හල්ඔළුව හෙට සී.අයි.ඩීයට
2025 මැයි මස 06 774 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී


ලොකු පැටිගේ නිවසින් බෝම්බයක් හමුවෙයි
2025 මැයි මස 06 755 0

පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 797 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 206 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1247 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site