IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සංගාත් මහේලත් ක්‍රිකට් ලොක්කන්ගේ විකට් කඩති

විස්සයි විස්ස ලෝක කුසලානය වැනි විශේෂ තරගාවලියකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්  මානසිකව ඇඳ දැමීම ගැන කනගාටු වන බව බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළි හිටපු නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංග්කකාර කටුනායක ගුවන් තොටුපොළේ පැවැති මාධ්යක සාකච්ඡාවක දී පැවසීය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී මහේල ජයවර්ධන මෙසේ ද කීවේය.

‘අැත්තම කතා කරමු නේද? අවාසනාවකට මටයි සංගටයි අපේ කළමණාකාරතුමා ඒ වන විට මධ්‍යයට කතා කිරීම තහනම් කර තිබුණා. ඒ නිසා ඒ පිළිබඳව මාධ්‍යයට කියන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් මම හිතනවා එම තහනම කාලෝචිත දෙයක් කියලා. එතුමාට ඕනෑවෙලා තිබුණා අපේ අවධානය තරගාවලියට යොමු කරන්න.‘

‘ලෝක කුසලානයට ලංකාවෙන් යද්දී අපි රාත්‍රී 1.00 ටත් දැනගෙන හිටියේ නෑ කණ්ඩායම් හැටියට යනවා ද කියලවත්. අපට අවස්ථාවක් නෑ ඒක මාධ්‍යයට කියන්න. නමුත් අපි බංගලිදේශයට ගියාට පස්සේ අපෙන් ඇහුවා ප්‍රශ්නයක්, මෙය අවසාන ලෝක කුසලාන ද කියා. ඉතින් මට අවුරුදු 37 ක් වෙනවා. මම බැලූවා මට තව ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න බෑ, මා කිව්වා මේ මගේ අවසන් ලෝක කුසලාන තරගව කියලා. මම එච්චරයි කිව්වේ. නැතුව මාධ්‍ය කැඳවලාවත්,  මාධ්‍යවලින් මුදල් අරගෙන කියපු දෙයකුත් නොවෙයි. අහපු ප්‍රශ්නයකට එක පිළිතුක් දුන්නා.‘

‘සොයන්නේ බලන්නේ නැතුව ඒ පිළිබඳව නගපු චොද්නාවට ගොඩක් කණගාටු වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියාත්, ලේකම්තුමාත්  මාධ්‍යයට ගිහිල්ලා අපි ගැන විවේචනය කිරීම පිළිබඳ ගොඩක් කණගාටු වෙනවා. වගකීමක් තියෙන නිලධාරීන් නම් අපෙන් අහන්න ඕනෑ එවැනි ප්‍රකාශයක් කළාද, නැද්ද කියා. අපි මීට පෙරත් මාධ්‍යවලට කියලා තිබුණා අපේ අවසන් ලෝක කුසලානය මෙය බව.‘

‘විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බවට මම අද ලියුමක් ගෙනත් තියෙනවා. අද මම එය බාර දෙනවා. නමුත් ගොඩක් කණගාටුවට පත්වෙනවා මෙවැනි තරගාවලියටකට පෙර අපිව එවැනි මානසිකත්වයට පත්කිරීම ගැන.‘

කුමාර් සංගක්කාර මෙසේ ද පැවසීය.

‘මට කියන්න තියෙන්නෙත් මහේල කියපු දෙයමයි. මොකද මමත් පුවත්පතක් නගපු ප්‍රශ්නයකටයි කිවේවේ මේ මගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලාන කියලා. එතනින් එහාට මා හෝ මහේල හෝ අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නා මිසක් එතනින් ඔබ්බට ගිහින් නෑ. මහේල කිපු කතාවට මම එකඟ වෙනවා.‘

‘අපිට අවශ්‍ය වුණා එක පුද්ගලයකු සමග පමණක් සාකාච්ඡා කරන්න, ඒ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය. ඒ සාකච්ඡාවේදී තමයි එතුමාටත් අපි දෙදෙනාටත් තේරුණේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අවාසානවකට ඒකට වකියන්න ඕනෑ අප දෙදෙනා නොවෙයි.‘  



අදහස් (0)

සංගාත් මහේලත් ක්‍රිකට් ලොක්කන්ගේ විකට් කඩති

ජූඩ් Tuesday, 08 April 2014 10:29 PM

ශ්‍රී ලාංකික ක්‍රිකට් ආයතනයට වෙනත් නිලධාරී මඩුල්ලක් පත් කළා නම් හොඳයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

මෙන්ඩිස් Wednesday, 09 April 2014 09:22 AM

අතිගරු ජනාධිපතිතුමාගේ හෝ ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානය මේ සම්බන්ධයෙන් ඉක්මනින් යොමු වේ යයි අපේක්ෂා කරනවා. මේ තත්ත්වය යටතේ කුහකත්වය ප්‍රකට කරන නිලධාරීන්ගේ අවශ්‍යතාවලට දක්ෂයින්ගේ හැකියාවන් නැවැත්විය යුතු නැහැ. ක්‍රීඩකයෙක් ජනප්‍රියත්වය මත ක්‍රීඩා කිරීමත් දක්ෂතාවලින් පූර්ණ ක්‍රීඩකයෙක් ජනප්‍රිය වීමත් ඒ තුලින් රටට කිර්තියක් ඇතිකර දෙනවා කියන්නේ දෙකක්. මේ නිසා කුහක නිලධාරීවාදයට මෙවැනි ක්‍රීඩකයන් ඉදිරියේ දිත් ලක් විය හැකියි. සමහරවිට මහේල හා සංගා ටෙස්ට් හා එක්දින තරගවලින් සමුගන්නවා යයි ‍ඔවුන් ප්‍රකාශ කළත් එහි පුදුමයක් නොවිය හැකිය. ඒ නිසා මොවුන්ගේ දක්ෂතා රැක ගැනීමට ඉහල නිලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතු බව මාගේ හැඟීමයි. නමුත් මහේල හා සංගාට තවදුරටත් රට වෙනුවෙන් ක්‍රිඩා කිරීමට අවශ්‍ය වාතාවරණය ඉතා ඉක්මනින් සලසා දිය යුතු වේ.(නදී)

:       0       0

තුෂාරිකා Wednesday, 09 April 2014 09:49 AM

කොහොම හරි අපේ මහේලයි, සංගයි ආයෙත් 20-20 සෙල්ලම් කරනවා නම් අපිට ඒ ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site