බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් පදවිය බාර ගන්නැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති යෝජනා කිරීම ගැන තමා විස්මයට පත්වූ බවත් ඒ සම්බන්ධයෙන් ජනපති සමග සාකච්ඡා කිරීමෙන් පසුව තීරණයක් ගන්නා බවත් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
අද සංගක්කාරගේ සමුගැනීමේ උත්සවයට සහභාගීවූ ජනපති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරය බාර ගන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණවලට පැමිණ ප්‍රේක්ෂකයන් සමග තරග නරඹමින් නවක ක්‍රීඩකයන් දිරි ගැන්වීමට බලාපොරොත්තුවන අතර මත්ද්‍රව්‍ය නිවාරණ සන්නාම තානාපති තනතුරේ දිගටම කටයුතු කරන බවත් මත් රකුසාගෙන් තරුණ පරම්පරාව බේරාගැනීමට තමන්ට හැකි සියල්ල කරන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හිතපු ආකාරයත්, සංගක්කාරගේ පැත්තෙන් එය කෙළින්ම ප්‍රතික්ෂේප නොවීමත් ධනාත්මක ප්‍රවේශයක් කියලා. කුමාර් සංගක්කාර කියන්නේ ලෝක පුජිත වස්තුවක්. තානාපතිකමක් නොවෙයි රටක් පාලනය කරන්න වුණත් සුදුසු හා දක්ෂ පුද්ගලයෙක්. පසුගිය පාලන සමයේදී බ්‍රිතාන්‍යයට යැව්ව තරමක් යැව්වේ දේශපාලන හෙන්චයියෝ. ඒ අය රටේ නම වැඩිදුරත් කෑවා. හොඳ පළපුරුදු නියෝජ්‍යය තානාපති කෙනෙකු සමඟ සංගාට මේ අතිශයින්ම වැදගත් දූත මණ්ඩලය බාර දුන්නහොත් ඔහු එය ඉතාමත් හොඳින් හා රාජ්‍ය තාන්ත්‍රිකව කරන බව අපට විශ්වාසයි. ඔහුට ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා. (නි)
මහකොමසාරිස් කාර්යාලයට දේශපාලන අතපෙවිම්වලින් අඩුවක් නැහැ. ඔබවෙනි මහත්මයකුට එය සුදුසුතෙනක් නොවේ. (අ)
විදේශ සේවය දීමෙන් ජනාධිපති හිතන්න ඇත්තේ සංගක්කාරට රට වෙනුවෙන් තව දුරටත් සේවය කරන්න අවස්ථාවක් ලබා දීම. මගේ පෞද්ගලික විස්වාසය සංගාට තව ගොඩක් දේවල් ක්‍රිකට් වෙනුවෙන් කරන්න පුළුවන්. ඔහුට තියෙන විදේශීය පිලි ගැනීම මත මේ තනතුරෙන් රට වෙනුවෙන් සේවයක් කරන්නත් පුළුවන්.(ම)
දේශපාලන තනතුරක් භාර ගැනීමට තරම් මේ ගරු කටයුතු ක්‍රීඩකයා පහතට නොවැටෙන බව ඉර හඳ සේ මට විස්වාසයි.(හේ)
සංගා කරුණ කරලා විශේෂ අභාදිත ඇති ක්‍රීඩා කරුවන්ගේ මානසික සහ කායික දියුණුව සඳහා වැඩ පිළිවෙලක් සකස් කරන්න. පසු ගියදා ඔවුන් ඇමරිකාවට ගොස් රන් පදක්කම් පවා දින ඇවිත් ඇත. ඔබටට ජය.(හේ)
මේ තනතුර දේශපාලයට ද ඈදෙන රාජ්‍ය ත්‍රාන්ත්‍රික තනතුරක්, ඔබ ප්‍රගුණ කළ විෂය පථයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වපරිසරියක්. ඒ නිසා කළබල නොවී දෙපාරක් නෙවෙයි දහ පාරක්වත් හිතල බුද්ධිමත් තීරණයක් ගැනීම සුදුසුයි..(හේ)