එරිකේ ඉග්ලීෂියස් නම් ස්පාඤ්ඤ ගායකයා මෙරටට ගෙන්වා පැවැත් වූ ප්‍රසංගය සඳහා සහභාගී වූ පිරිසට සිදු වූ අපහසුතාවය ගැන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරු ෆේස්බුක් ඔස්සේ කනගාටුව ප්‍රකාශ කරති.
ඔවුන් දෙපළට අයත් සමාගමකින් එම ගායකයා මෙරටට ගෙන්වා තිබුණි.
එම ප්‍රසංගය නැරඹීම සඳහා සහභාගී වූ පිරිසට එම අවස්ථාවේදී මහත් අපහසුතා රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බව වැර්තා වුණි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දී අදාළ ප්‍රසංගය සඳහා සහභාගී වූ පිරිසට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ද ඔවුන් ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.
විනෝද බදු ද අඩුවෙන් ගෙවී යැයි කොළඹ නගර සභාව කියයි. මේ අතර කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පවසනුයේ කොළඹ නගර සභාවට ගෙවිය යුතු මුදල් සඳහා සියලු තොරතුරු ඉදිරිපත් කරන බවයි. නගර සභාව පවසනුයේ රුපියල් 35000 ටිකට් වැඩියෙන් මුද්‍රණය කර අඩුවේන පෙන් වූ බවක් පෙනෙන බවයි.
විනෝද බදු වශයෙන් රුපියල් 6,400,000 ක් ගෙවා ඇතත් ටිකට් අලෙවිය අනූව තවත් රුපියල් 29,100,000 ක් කොළඹ නගර සභාවට ගෙවීමට ඇති බවත් නගර සභා ආරංචි කියයි. මේ අතර මහේල හා සංගක්කාර කියනුයේ කනගාටුව පළ කිරීමෙන් හෝ ටිකට්පත් මුදල් ආපස් ගෙවීමේන හෝ ප්‍රේක්ෂකයන්ට සිදු වූ දොම්නස හො කළකිරීම මුළුමනින්ම පහව නොයන බවයි.
ප්‍රසංගය නැරඹීමට අධි මිල ටිකට් ගත් නරඹන්නවුනට කණගාටුව පළ කිරීම ප්‍රමාණවත් නොවන හෙයින් අපට සිදු වන මූල්‍යමය අපහසුව නොසලකා සුදුසු පරිදි අලාභය ගෙවීමට සංවිධායකයන් එකඟත්වය පළ කර ඇතැයි ද ඔවූහු කියති. ඔබටත් රටටත් ඔබ සියලු දෙනාටත් අප මුළුමනින්ම ඇපකැප වන බවත් කනස්සල්ට හේතු වු සියලු කාරණා ගැන සොයා බැලීමට දැන් පූර්ණ අභ්‍යන්තර පරීක්ෂණයක් සුදු කෙරෙන බවත් සංගක්කාරගේ හා මහේලගේ ෆේස්බුක් වෙබ් අඩවියේ කියයි.
ලොව ධනවත්ම ගායකයා එන්රිකේ (එරිකේ) බවත් ඔහු සතු ධනය ඇමරිකා ඩොලර් කෝටි 8.5 ක් (රුපියල් කෝටි 1220) බවත් ‘ද රිචඩ්ස් ‘වෙබ් අඩවිය කියයි.
2014 දී ඔහුගේ වත්කම් අතර මියාමි වෙරළේ ඉදිකළ මහා මන්දිරය අයත්වේ. එහි වටිනාකම ඇමරිකා ඩොලර් දෙකෝටි හැට ලක්ෂයකි. (රුපියල් 3,7339,63703)
ඔහුගේ සෙකස් ඇන්ඩ් ලව් ප්‍රසංග මගින් ඉපැයූ ඇස්තමේන්තුගත මුදල ඇමරිකා ඩොලර් 480000කි. (රුපියල් 6,8934,714)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල ඔය සල්ලි වලින් පිළිකා රෝහලේ ඔබ පොරොන්දු වුණ ගොඩනැගිල්ල හදාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහේල සංගා පුලුවන් නම් අපේ රණවිරු ආබාධිතයින් වෙනුවෙන් යමක් කරන්න, බොරු සෝබන ලෝකෙට පෙන්වන්නේ නැතුව. (නි)
සල්ලි තණ්හාවට රට විනාශ කරන්න එපා මහත්වරුනේ. සල්ලිවලින් රටට වැදගත්වන වැඩක් කරන්න මේ රට විනාශ කරන්න එපා ජනාධිපතිතුමා තරාතිරම නොබලා කිවුව පරිදි මෙයාලට උපරිම දඩුවම් දෙයි කියල බලාපොරොත්තුවෙනවා රටේ ජනතාව (බ)
ඔයාලා ක්‍රිකට් වලින් හම්බකළා නම් හොඳ දේවල් කරලා දියුණුවෙන්න බලන්න. මොනවාහරි ආයෝජනයක් කරලා රටේ දරුවන්ට රස්සා ඇතිකරන්න. මේ වගේ වැඩ කරන්න එපා (නි)
මම නම් මේ සංගීත සංදර්ශනයේ කිසිම වරදක් දකින්නේ නැහැ. කැමති කෙනෙකුට නිර්වස්ත්‍ර නොවී , ඕනෑම විදියට සතුටුවන්න පුළුවන්. (නි)
බහුතරයක් ක්‍රීඩකයන් ගෙවන්නේ සංස්කෘතිය ආරක්ෂා කරන්න බැඳුන පුද්ගලික ජිවිතයක් නොවෙන කොට ඔවුන්ගෙන් රටේ සංස්කෘතිය රැකෙවී කියා සිතන එකත් මෝඩ කමක්. (බ)
සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඔයදෙන්නා තෝරගත්ත තේමාව එක 'ලව් ඇන්ඩ් සෙක්ස්' ... මේකට නේ අපේ රට දැන් ගොඩක් ප්‍රසිද්ධ .. හොදයි හොදයි ඔහොම යමු (ම)
මගේ නම් මතය මේකට සංගාට සහ මහේලට විතරක් දොස්නඟන එකම වැරදියි. මොකද අද අපේ රටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලන්ටම රසවින්දනයක් ලබන්න තේරෙන්නේ නැහැ. ඔහේ මත්වෙන්න බීලා බීලා නටනවා විතරයි. (නි)
තමන්ගේ ගෙවල් වල බවලතුන් ආණ්ඩු මට්ටු කරගන්න එක තමන්ගේ වැඩක්. ඕකත් ආණ්ඩුවෙන් නීති දාලා කරන්න ඕනෑ වැඩක් කියලා බලා ඉන්න ගියාම තමයි මෙහෙම ගිනි විජ්ජුම්බර වෙන්නේ. (නි)
තුසිතගේ කතාවට මම සියයට දෙසියක්ම එකඟයි. (ර)
තානාපති කමට මේ දෙන්නාම සුදුසු වගෙයි දැන් පෙනෙන්නේ. (ර)
මේවා ප්‍රශ්නද? (ර)
මේක තමා කීර්තිමත් ක්‍රීඩකයන් දෙදෙනෙක් අනාගත දරු පරපුරට දුන් ආදර්ශය. (ම)
මේක නෙලුම් පොකුණේ වගේ තිබුනානම් මෙහෙම වෙන්නේ නැනේ. (ර)
එන්රික්ව හොයාගෙන ලංකාවට ගෙන්නල්ලා මඩු වලිගෙන් ගහමු. (ර)
සල්ලි තණ්හාවට අපේ සංස්කෘතිය විනාශ කරන්න දෙන්න බැහැ (නි)
මේ වගේ ලාබ වෙළඳාම් අපි අනුමත නොකරමු (නි)
මෙතන තියන ප්‍රශ්නය 95% ක් ම තේරුම් ගෙන නැහැ. මේගොල්ලෝ කතා කරන්නේ ටිකට් එකේ ගාන හැටියට පහසුකම් නොලැබීම ගැන. සදාචාර පරිහානිය ගැන කතාකලොත් 50% කට වැඩියෙන් හිටියේ සංචාරකයෝ. මේකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ පරිපාලන නිලධාරීන්. උදාහරණයක් වශයෙන්, ඩුබායි වල එකොන් ගේ සංගීත සංදර්ශනයේදී ඔහු කමිසය ගලවල ප්‍රේක්ෂකයන්ට විසිකලා. මොකද දන්නවද උනේ ? තත්පරයෙන් සි අයි ඩි ඇවිත් ඔහුව නවතා ඇඳුම ඇඳ ගන්න උපදෙස් දුන්නා. මම ඒ වෙලාවේ එතන හිටියා. කාගේද වරද ? මහේල සංගා මේක කලේ ඇත්තෙන්ම සංචාරක ආකර්ශනය මත වෙන්න පුළුවන්. හැබැයි සදාචාරය රැකිය යුත්තේ මෙයට වැඩියෙන් කල්පනා කරලා රටක තියෙන නීතියෙන්. (ර)
පසුගිය දවස් වල මහේල ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වීදියක යනකොට අපි හදිසියෙන් එයාව දැකපු සතුටට මුහුණ බලලා හිනා වුණා. අපොයි නොදැක්කා වගේ ගියා. මාත් එක්ක එවෙලේ හිටපු වෙනත් රටක මිතුරා හොඳ වෙලාවට ක්‍රිකට් ගහන රටක නෙමෙයි. නැත‍්නම් මට පොළොව පලාගෙන යන්න වෙන්නේ (නි)
අපේ සංස්කෘතියට ගැළපෙන ප්‍රසංග ඉදිරියේදී කරන්නට වග බලාගන්න. (නි)
කනගාටුව ප්‍රකාශ කරන්නේ අන්න අර ප්‍රසිද්ධ ගායිකාවක් සිදුවූ අපහසුතාවට නඩු දානවා කිව්වා නිසා මිසක් අර සංදර්ශනයේදී මතුවුන සංස්කෘතික ප්‍රශ්නය නිසා නෙවෙයි. (බ)
අනේ මන්දා. බැරි වැඩ නොකර හිටියා නං ඉවරනේ. ක්‍රිකට්වලට දක්ෂ වුණු පළියට සම්පූර්ණයෙන් වෙනස් ක්ෂේත්‍රයක් වූ මේ වගේ දේවල් කරන්න ඔබලාට ලේසි නැහැ. (බ)
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත... (නි)
කොහොමත් සමහරුන්ගේ නම් ඔලුව ඉදිමිලානේ (නි)
නිලංග, ගොඩක් අය මාධ්‍ය වලට පෙන්වන මනුස්සකම සැබෑ ජීවිතයේදී නැහැ. ඒක නිසා කණගාටු වෙන්න එපා. (නි)
කවුරුහරි එක්කෙනෙක් දැලි පිහියක් අරගෙන බෙල්ල කපාගත්තොත් පිහිය ගෙනාපු මිනිහාද වැරදි? අසංවර තමන්ගේ සීමාව දන්නේ නැති අය හින්දනේ මේ ප්‍රශ්න. (නි)
සල්ලි හම්බවෙනවා නම් ඕනෑම දෙයක් විකුණන රටක සංස්කෘතිය වළපල්ලට ගියාදෙන්. තවත් හොඳ හොඳ සෙල්ලම් ටිකක් පෙන්නලා මල්ල පුරවාගන්නකෝ (නි)
අපේ සංස්කෘතියට වූ හානියට කණගාටුව පළකරන්නේ නැද්ද? (නි)
යමක් සිදුවුණාට පස්සේ කණගාටුව ප්‍රකාශ කළා කියලා සිදුවුණ වැරැද්ද හදන්න පුළුවන්ද? (නි)
තවමත් පසුගාමීව හණමිටි අදහස් කරේ තියාගෙන හිතන්නේ අපේ උදවිය. බටහිර රටවල සංගීත ප්‍රසංග වල ඕවා සාමාන්‍ය දේවල්, 60 ගණන් වල සිට. නමුත් මේ ගැහැණු ළමයා කළේ අපිට ගැළපෙන දෙයක් නම් නොවෙයි. එය ඔවුන්ගේ හැදියාව ලොවට පෙන්නුම්කර ඔවුන්ම අපහාස ලබාගැනීමක්. මෙය මහේල, සංගාගේ වරදක්වත් ගායක එන්රික්ගේ වරදක්වත් නොවෙයි. මොවුන්ගේ උන්මාදය පාලනය කරගැනීමට ඇති නොහැකියාව. කෙසේවෙතත්, මේ වැනි දේ පාලනය කිරීම, තහංචි දැමීම නම් නොකළ යුතුයි. (නි)
කවුරුහරි ඔන්න ඔය විල්පත්තුව දිහාවටත් තිසරපටක් විසිකරන්නකෝ. එතකොට බලධාරීන්ගේ අවධානය ඒ ගැන යොමුවෙයි (නි)
මට නම් තිබෙන ප්‍රශ්නය ඔය තනපටිය නෙමෙයි. කටුනායක කලාපයේ සංගීතයක් අවසන්වුණාම පිට්ටනියේ තිබෙන දේවල් ඔය කවුරුවත් දැකලා තිබෙනවද? (නි)
ක්‍රිකට් වලින් සමුගත් පසු දේශපාලනය හෝ ව්‍යාපාර මඩ ගොහොරේ නොවැටී නම්බු පිටින් අද ඉන්නේ රන්ජන් මඩුගල්ලේ , රොෂාන් මහානාම වැනි අතලොස්සක් පමණයි. ඔවුනට මගේ ආචාරය ! (ම)
දුප්පත් මිනිස්සු වෙනුවෙන් දෙයක් කරානම් පින් සිද්ද වෙනවා (ම)
ලක්විදු ඇයි සඟවන්නේ. (ර)
ඔබ දෙදෙනා විසින් අප සංස්කෘතියට කරන ලද අවමානයට ඔබ දෙදෙනා වග කිව යුතුය. එයට කණගාටුව ප්‍රකාශ කිරීමෙන් පමණක් ප්‍රමාණවත් නෙත. (කෞ)
සංස්කෘතියට ගැලපෙන ප්‍රසංග මොනවද? දැන් ඔය එළිවෙනකම් නිදාගන්න දෙන්නෙ නැතුව එලිමහනේ තියෙන එව්වද? (ම)
ජනාධිපති තුමා මඩුවල්ගයෙන් තලන්න කතා කරන්නේ බ්‍රිතාන්‍යයේ,ශ්‍රී ලංකා මහා කොමසාරිස් තනතුර භාර ගන්න කියල කියපු එක්කෙනාට නේද? (කෞ)
උඩඟු කම ඕනෑම කෙනෙකුගේ විනාශයේ මුල තමා. (ම)
සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි. සමහර නළු නිළියොත් දැක්කහම හිනාවෙන්නෑ (බ)
හක්කේ බුදුරැස් මුන්ගේ බොක්කේ දඩමස් ....කණගාටු වෙන්න බබලාද? කරන්න කලින් හිතුවා නම් හරි නේ (ම)
ප්‍රසංගයක් හරියට නරඹා රස විඳීමට නොතේරෙන නොහික්මුණු අයෙක් කළදේට මහේල ,සංගා මොනවා කරන්නද? (නි)
ක්‍රිකට් ගැහුවා කියලා ආඩම්බර වෙන්න එපා. අපි ඔයගොල්ලන්ව ගණන් ගන්නේ නැහැ. ඔයගොල්ලන් පිටරට ආවම කවුරුත් ගනන් ගන්නේ නැහැනේ (ම)
උසස් යැයි සම්මත සමාජයේ දැන් මේවා සාමාන්‍ය දේවල් බවට පත්ව හමාරයි (නි)
නමුත් මින් රටට වූ අපකීර්තියට මොකද කරන්නේ? (නි)
සේනක, එයා ඒ බව දැනගෙන ඉන්න නැතුව ඇති. මඩු වලිගෙන් තලන්න ඕනෑ අර යට ඇඳුම ගලවපු කෙනාට නේද? (නි)
"අනේ මෙහෙම තණ්හාවක් - අනේ මෙහෙම ආසාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් ....." (ම)
අපිට නම් කණගාටුයි ඔබ දෙපළ ගැන. ඕක ගොඩක් වෙලාවට ඔයාලා වගේ මධ්‍යම පන්තියේ නැත්තම් දුප්පත්ම මිනිසුන්ට සල්ලි ලැබුනහම වෙන දෙයක්. ලංකාවේ දියුණුවට කරනවා නම් ඔයාලගේ ජනප්‍රියත්වයත් එක්ක මිටවඩා කරන්න ඕනෑතරම් දේවල් තිබෙනවා (නි)
මේ දෙන්නා අපේ රටට වුණ අපකීර්තියට කණගාටු වෙන්නේ නැහැනේ. ඒත් මොවුන්ගේ සන්දර්ශනයට සහභාගි වුණ පිරිසට වුණ අපහසුතාවයට කණගාටු වෙනවලු. (නි)
මේවගේ ලුනුදෙහි සංදර්ශනයක් කලකට පෙර කොළඹ පිට්ටනියක තිබුනාලු .අපට අමතකයිද ? (අ)
දැන් අපේ රටත්, සංස්කෘතියත් විනාශවෙලා ක්‍රිකටුත් විනාශවෙලා යනවා. ජනතාවාදී රජයක් ආවහම මේවා ගැන හොයන්න ඕනෑ. (නි)
ඔබලාට රට වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවාට සහභාගි වෙනවා නම් හොදා. රටේ සංස්කෘතියට හානි වෙන දේවල් නොකර. අපි හැමදාම ගරු කරන ඔබේ ප්‍රතිරූපය විනාස කරගන්න එපා.(අ)
ලංකාවට මොනවා කළත් ඉන්දියාවට නම් යන්න සෙට් වුණා නේද ගංවතුර ආධාර දෙන්න මෙයා අපරාදේ ඉතින් හොඳ මිනුස්සු නිකන් චාටර් වෙනවා, (අ)
ප්‍රේක්ෂකයින් අපහසු තාවයට පත් කළේ ගායකයද නරඹන්නන්ද? අනේ දන්නා කෙනෙක් කියන්න. ගායකයා තනපට ගලෙව්වද නරබන්නන් තනපට ගලෙව්වද? මට මේක අලි ප්‍රස්නයක් (අ)
මටත් සල්ලි තිබුනා නම් අනිවාර්යයෙන් යනවා බලන්න. (නි)
දුප්පත් මිනිස්සු වෙනුවෙන් දෙයක් කළා නම් පින් සිද්ද වෙනවා. හැමතිස්සෙම දුප්පත් මිනිස්සු වෙනුවෙන් කොර කොර ඉන්න බැහැ. (අ)
මේ කට්ටිය මොන සන්කිර්තියක් ගැනද කතා කරනේ? සංගීත ප්‍රසංගයක තියන සංස්කෘතික ප්‍රශ්නය මොකක්ද? කරුණාකරල දනත්මකව හිතන්න.. මෙයාලත් ගයන්නේ ස්වර 7 (අ)
මිනිසෙකුට තම ගරුත්වය ආරක්ෂා කර ගන්න හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. ක්‍රිකට් වලින් කෝටිපතියන් වුනු අයගෙන් අපේ රටේ දියුණුවට සිදුවූ සේවය කුමක් ද ? ඔවුන්ගේ කුසලතාවය රටේ අභිවුර්ධියට උපකාර වන අයුරින් නීති අවශ්‍යයි. (කෞ)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ මල්ලි. විශේෂයෙන් ඔයාල වගේ උදවිය පනින්න පෙර සිතා බැලිය යුතුයි.බැරි වෙලාවත් මෙයාල රට රටවල තානාපතිවරු කරල යැව්ව නම් හබක් තමයි. ලද දෙයින් සතුටු වෙලා මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න බලන්න. (කෞ)
අපිට නම් කණගාටු ඔබ දේපල ගැන .ඔයාලගෙත් සුසන්තිකගේත් අර්ජුනගේත් අතර වෙඩි වෙනසක් නැහැ කියලා ඔය දෙන්නා අපිට ලස්සනට පෙන්නලා දීල තියනවා .(කෞ)
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයෙන් සපිරි පරමාදර්ශී වූ අපේ "කැප්ටන් කූල්" දැන් දේශපාලනයට ඇවිල්ල මඩ නාමින් අපිට විහිළු මුදාහරිනවා. (කෞ)
මෙම සිද්ධියෙන් ලංකාවට අපකීර්තියක් වෙන්නේ නැහැනේ. ලෝකයා දකින්නේ ලංකාව බටහිර රටවල් තරම් සංස්කෘතියෙන් දියුණු රටක් කියායි (නි)
මෙයාලගේ සැබෑ මුහුණු දැන් තමයි පෙනෙන්නේ. හිතාගන්න පුළුවන්නේ මොන ලෝක වලද ජීවත්වෙන්නේ කියලා. නමට විතරක් ශ්‍රී ලංකන් වෙලා වැඩක් නැහැ කකුල් පොළව උඩ නැත්නම්. මුළු රටකට නිගා දුන්නහම ඕවා විපාක දෙන්නේ මහා භයානක විදියට. (නි)
දැන් ඔය දෙන්නට හොඳට යමක් කමක් තිබෙනවනේ. එමනිසා තමන්ගේ තත්වය තියාගෙන හොඳ දෙයක් කරන්න. ඕනෑතරම් හොඳ ව්‍යාපාර තියනවානේ කරන්න. (නි)
මහේලගේයි සංගාගේයි කිසිම වරදක් නැහැ. සහභාගි වු අයනේ නරක විදිහට හැසිරුනේ. සංවරව එය රසවින්ඳා නම් ඉවරනේ..!! (නි)
සංගක්කාර චෙන්නායි ගංවතුර ආධාර සඳහා කෝටි ගානක් මේ ළඟදි යවලා තිබුනා. ඇයි දෙයියනේ මේ ලංකාවේ අහිංසක අසරණ අයටත් උදවු කරන්නකෝ (නි)
දැන් කණගාටුව ප්‍රකාශ කළා කියලා මොනවා කරන්නද? (නි)
දැන් මේ වරද නිවැරදි කරගන්න මේ දෙන්නා මොකක්ද දන්නෙ නැහැ කරන්න බලාපොරොත්තු වෙන්නේ? (නි)
නරඹන්නන්ට වූ අපහසුතාවට මෙතනට කොහෙත්ම වැදගත් නැහැ. වැදගත් වෙන්නෙ රටට වූ අපකීර්තියයි. ඒවට කවුද වගකියන්නෙ? තරාතිරම නොබලා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ප්‍රශංසනීයයි. (නි)
තමන් අතින් වරදක් වුණ බව පිළිගැනීමත් ලොකු දෙයක්නේ (නි)
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් තනතුර තාම හිස්. සංගක්කාර එම තනතුර භාර ගැනීම නිහතමානීව ප්‍රතිෂේප කළානේ.(අ)
මහේල ලංකාවේ ප්‍රධාන සිංහල බොදු පාසලක ඉගෙනගෙන මේ වගේ දෙයක් කළ එක ගැන නාලන්දේ කෙනෙක් ලෙස මට නම් තිබෙන්නේ කණගාටුවක්, කළකිරීමක්, තරහක් සහ පිළිකුලක්. (නි)