ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව හිමිවිය.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි ටේස්ට් තරගය ආරම්භයේදී එම අවස්ථාව සංගක්කාරට හිමිවූ අතර එම අවස්ථාවට එඩිම්බරෝ රජ කුමරු පිලිප් ඇතුළු රාජකීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.
ලෝඩ්ස් පිටියේ දී එසේ සීනුව නාද කිරීමේ ඵෛතිහාසික අවස්ථාව හිමිකර ගත් 7 වැනි ශ්‍රී ලාංකිකයා ලෙසද සංගක්කාර ඉතිහාසගතවෙයි.
මීට පෙර සනත් ජයසූරිය, මාවන් අතපත්තු, චමින්ද වාස්, සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග හා කුෂිල් ගුණසේකර එම අවස්ථාව හිමිකරගත් ශ්‍රී ලාංකිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම් ශ්‍රී ලාංකිය නාමය ලොව බැබලීම ගැන ආඩම්බරයි (බ)
මේකෙන් රටට ඇති ප්‍රයෝජනය මොකක්ද? ක්‍රිකට් වලින් වගේම අපේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් යමක් කළා නම් වටිනවා සල්ලි පස්සෙම යන්නේ නැතුව. (බ)
මම නම් කියන්නේ මෙහෙම වැඩ නොකර අපේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් මීටවැඩිය වැඩ කරන්න පුළුවන් නේද? (නි)
ලෝඩ්ස් පිටිය කියන්නේ ක්‍රිකට් වල මහ ගෙදර. ඔය අවස්ථාව බොහොම සීමිත පිරිසකට තමයි හම්බවෙන්නේ. (හේ)
මේ අවස්ථාව ලැබෙන්නේ සීමිත පිරිසකට.අත්තටම අපට මෙය මහත් ගෞරවයක්.(හේ)
ඔබට ජය (හේ)
මම කුහක නැහැ ජයන්ත. නමුත් මම මුල ඉඳල දැක්ක දේ තමයි මෙයාල රටට වඩා සල්ලිවලට ආදරේ බව. පොඩි ළමයින්ට නුසුදුසු ප්‍රචාරක දැන්වීම් වලට කිසි පැකිලීමක් නැතුව පෙනී ඉන්නවා. අපේ රටට නොගැලපෙන මිනිස්සු ගෙනත් ප්‍රසංග කරනවා . මටනම් අනුගේ රටකට ගිහින් සීනුවක් ගහන එකේ කිසිම වටිනාකමක් නැහැ. (බ)
ඔබට සුබ පැතුම්! (නි)
නිම්මි, මේ ඔහු උපයාගත් දේ. ඔය විදියට කුහක වෙන්න එපා. (නි)