ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (3) ආරම්භ වු තුන්වැනි ටෙස්ට් තරගයේදී හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 9000 කඩඉම පසු කිරීමට සමත්විය.
ඒ අනුව වසර 134 ක් වන ලෝක ටෙස්ට් ක‍්‍රිකට් වංශ කතාවේ ලකුණු 9000 පසු කළ 11 වැනි පිතිකරුවා සංගක්කාර විය. සංගක්කාර ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 9000 පසු කළ දෙවැනි ක‍්‍රීඩකයා ද වෙයි. මහේල ජයවර්ධන ලකුණු 9895 ක් ලබා ලකුණු 10000 සීමාව අබියස සිටින්නේ එම කඩඉම පසු කරන පළමු ශ්‍රී ලංකා කී‍්‍රඩකයාවීමේ ද අපේක්‍ෂාවෙනි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd