IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර මුල් තැනට ළගාවෙයි

පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක් ලබාගත් කුමාර් සංගක්කාර නැවත වතාවක් අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය කරා නැවතත් ළගා වෙමින් සිටී. පසුගිය ගාල්ල ටෙස්ට් තරගයෙන් අනතුරුව, පසුගිය අගහරුවාදා නිකුත් කරන ලද නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර ප‍්‍රසාද ලකුණු 850 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානය ලබාගෙන ඇත. ගාල්ල ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ප‍්‍රසාද ලකුණු 779 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ සිටියේය.  ලයිස්තුවේ පළමු ස්ථානය ගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක ෂිව්නරීන් චන්දර්පෝල්ට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 856 කි. ඒ අනුව ලබන සෙනසුරාදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී තවත් දිගුඉනිමක් කී‍්‍රඩා කිරීමට හැකි වුවහොත් නැවත වතාවක් අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය ගැනීමේ අවස්ථාව සංගක්කාරට තිබේ. ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා වන සංගක්කාර අවසන් වතාවට ටෙස්ට් පිතිකරුවන් අතර පළමුවැනි ස්ථානය ලබාසිටියේ 2011 නොවැම්බර් මාසයේදීය. මේ අතර ගාල්ල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් (28), ප‍්‍රසාද ලකුණු පුවරුවේ ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ සිටින අතර මහේල ජයවර්ධන (13) ස්ථාන දෙකකින්ද, ප‍්‍රසන්න ජයවර්ධන (45) ස්ථාන හතරකින්ද ඉදිරියට පැමිණ සිටිති. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අපි‍්‍රකාවේ ඬේල් ස්ටෙයින් තවමත් පෙරමුණේ රැඳී සිටින අතර පාකිස්තානු දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල් දෙවැනි ස්ථානයේ සිටී. සුරාජ් රන්දිව් ස්ථාන 12 ක් ඉදිරියට එමින් ටෙස්ට් පන්දු යවන්නන් අතර 41 වැනි ස්ථානය ලබා සිටින අතර නුවන් කුලසේකර 43 වැනි ස්ථානයේ සිටී. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ස්ථානය 01. ෂිව්නරීන් චන්දර්පෝල්  (බටහිර කොදෙව්)  -  856 02. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකා) - 850 03. ඒ. බී. ඩිවිලියර්ස් (දකුණු අප‍්‍රිකාව ) -  821 04. ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව) -  819 05. යුනිස් ඛාන් (පාකිස්තානය) -808 06 මයිකල් ක්ලාක් (ඕස්ටේ‍්‍රලියාව) -771 07. හෂිම් අම්ලා (දකුණු අප‍්‍රිකාව) - 763 08. රොස් ටේලර් (නවසීලන්තය) - 761 09. ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය) - 756 10. ගේ‍්‍රඒම් ස්මිත් (දකුණු අප‍්‍රිකාව) - 753 11. සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) - 749 12. තිලාන් සමරවීර (ශ්‍රී ලංකාව) - 742 13. මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) -  735 14. මිස්බා උල් හක් (පාකිස්තානය) -  734 15. ඉයන් බෙල් (එංගලන්තය) - 723 16. කෙවින් පිටර්සන් (එංගලන්තය) -  718 17. ජොනතන් ට්‍රොට් (එංගලන්තය) - 709 18. මයික් හසි (ඕස්ටේ‍්‍රලියාව) - 705 19. අසාර් අලි (පාකිස්තානය)  - 703 20. රිකි පොන්ටින් (ඕස්ටේ‍්‍රලියාව) - 691 තෝරාගත් ශ්‍රේණිගත කිරීම් 28. තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව) -  617 31. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)  - 580 36.  මොහොමඞ් හෆීස් (පාකිස්තානය)  - 551 38. අසාඞ් ෂෆීක් (පාකිස්තානය) -  544 45. ප‍්‍රසන්න ජයවර්ධන (ශ්‍රී ලංකාව) -  505 46 තවුෆීක් උමාර් (පාකිස්තානය) -  502 48. තරංග පරණවිතාන (ශ්‍රී ලංකාව) -  500 75. අද්නන් අක්මල් (පාකිස්තානය) -  336  



අදහස් (0)

සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර මුල් තැනට ළගාවෙයි

‍ඩෝග් Friday, 29 June 2012 11:04 AM

ඔයා මාරයි අයියේ....

:       0       0

කෝසල Thursday, 28 June 2012 04:01 AM

කුලසූරියට තව උඩට එන්න තිබුණා......

:       0       0

අශාන් Friday, 29 June 2012 11:50 AM

මරේ මරු.ඔයාට තව පුලුවන් සංගා

:       0       0

අශාන් Friday, 29 June 2012 11:50 AM

මරු මරු ඔයාට තව පුළුවන් සංගා..

:       0       0

රාජ් Thursday, 28 June 2012 06:11 AM

යන්න සංගා .ඉදිරියටම යන්න‍‍‍‍‍..... .නියමයි !!

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 28 June 2012 02:01 PM

සංගෝ ගහන්න තව ටිකයි..ආදරේටයි එහෙම කිව්වේ..

:       0       0

සුභාෂිනි Thursday, 28 June 2012 08:50 PM

සංග !ඔය ගැන අපිට ආඩම්බරයි .ජය ජය

:       0       0

හේමන්ත රන්දිමල් Thursday, 28 June 2012 09:58 PM

විශිෂ්ටයි සංග

:       0       0

ලෙස්ලි තමෙල් Thursday, 28 June 2012 11:47 PM

කෝසල මොනවද ඔයා කුලසුරිය ගැන කතා කරන්නේ

:       0       0

වරුණ Thursday, 28 June 2012 03:27 PM

කෝසල, කවුද මේ අපි නොදන්න කුලසූරිය....

:       0       0

ප්‍රියන්ත විජේසිංහ Thursday, 28 June 2012 04:08 PM

එන තරගයේදී සංග එකට එනවමයි.බුදු සරණයි. කදසුරිදු පිහිටයි ......

:       0       0

පුෂ්ප කුමාර බටන්ගල , Friday, 29 June 2012 12:49 AM

සංග..........

:       0       0

පුංචා Thursday, 28 June 2012 11:39 AM

ඔයා නියමයි අයියා

:       0       0

සිටිසන් Friday, 29 June 2012 08:51 AM

මම අගය කරන ක්‍රීඩකයෙක් තමයි සංගා.

:       0       0

රෙජිනෝල්ඩ් Thursday, 28 June 2012 05:09 PM

ඉතුරු තරග දෙකේදි ඔබ අනිවාර්යයෙන් පළවැනි වෙනවා.ඔබට ජය!

:       0       0

දිනේෂ් Thursday, 28 June 2012 11:48 AM

යමු සංගා ඉදිරියටම යමු ..පළමු තැනට පත්වෙන්න ඕන....

:       0       0

නිපුණ Wednesday, 27 June 2012 09:59 PM

ආ........... තව ටිකයි තව ටිකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site