IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සංගක්කාර 500 කඩඉම පසු කරයි

කුමාර් සංගක්කාර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 36 ක් ලබා ගැනීමත් සමග විදෙස් රටකදී පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලික ලකුණු 500 පසුකළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්විය. සංගක්කාර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියේ අබුඩාබි’හි පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් අතර සාජා’හි දැන් පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශතකයක් ලබා ගැනීමට සමත්විය. මීට පෙර හිටපු ටෙස්ට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා 1991 වසරේදී නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී ලකුණු 493 ක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකාවෙන් පිටතදී පැවැති තරගාවලියක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්ව සිටියේය. සනත් ජයසුරිය 1997 වසරේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ලකුණු 571 ක් ලබා තරගාවලියකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වී සිටියි. මහේල ජයවර්ධන 2006 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරග දෙකකදී ලකුණු 510 ක් ලබා තිබේ.



අදහස් (0)

සංගක්කාර 500 කඩඉම පසු කරයි

Mohamed Nifal Monday, 07 November 2011 10:31 AM

සංගා ඔබ ගැන ආඩම්බරයි සුබ පැතුම් - Doha Qatar

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site