ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (21) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 314 ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිල කඩුලූ පහක් දැවී ලකුණු 298 ක් ලබා ලකුණු 16 ක් පිටුපසින් සිටියේය.
සිවුවැනි දිනය අවසන් වන විට කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 161 ක් ද, ප‍්‍රසන්න ජයවර්ධන නොදැවී ලකුණු 25 ක් ද ලබා සිටියහ. සංගක්කාර සහ ප‍්‍රසන්න අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගී තිබුණි.
සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 295 කදී හතරේ පහර 16 ක් සමගින් ලකුණු 161 ක් ලබා සිටියි. මෙම ශතකය සංගක්කාරගේ 26 වැනි ටෙස්ට් ශතකයයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd