IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් එම පුද්ගලයාගෙන් ඊයේ (20) පැය දෙකකට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පුද්ගලයා අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එහි නිලධාරී පත් කිරීම් ඇතුළු විවිධ කටයුතුවලට පවා සම්බන්ධවී කටයුතු කර ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු සොයා බලාගෙන යයි.

මොහු මේ ආකාරයට කටයුතු කිරීම අභිරහසක් හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (5)

සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ

ලුම්බිණි Friday, 21 March 2025 07:33 AM

මේක පුදුම රටක් ඔයි

:       0       20

ජිල්බු Friday, 21 March 2025 10:22 AM

ඔව් ඕයි

:       0       14

වින්සන්ට් කජ්ජා Friday, 21 March 2025 09:07 AM

අයියෝ දැන්ද භූතයො ගැන දැනගත්තේ?? මේ ලඟදි භූතයො කීදෙනෙකුට ගෙදර නතරවෙන්න උනාද!!!

:       1       21

කව්ද බෝයි Friday, 21 March 2025 09:36 AM

ෆෙරාරි සීයා වගෙ පස්සදොරෙන් රිංගලා ටෙම්පරියක් කරපු පොරක්ද කොහෙද?

:       2       24

Bunny Preena Saturday, 22 March 2025 10:30 AM

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න තරමක් ඉන්නේ භූතයොයි, කුම්භාණ්ඩයොයි, පෙරේතයොයි තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site