
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දඹුල්ල රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයිකාවක ලෙස සේවය කරන කාන්තාවකට එම රෝහලේ විදුලි සෝපානය තුළදීලිංගික අතවරයක් සිදු කළේ යැයි කියමින් එම රෝහලේම සේවය කරන සෞඛ්‍ය කාර්යය සහයක වරයෙකු දඹුල්ල මුලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(17) දහවල් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මහවෙල පොලිස් වසමේ පදිංචි 37 හැවිරිදි අයෙකි. මෙම සේවිකාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.
මෙම සේවිකාවගෙන් සිද්ධියට අදාළව ලබාගත් ප්‍රකාශ මත පරීක්ෂණ පවත්වාසැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි දඹුල්ල මුලස්ථාන පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි සෝපානයේ CCTV කැමරා නැද්ද?