
(සුජිත් හේවාජුලිගේ)
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇත්තේ 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී බව එම වාර්තාව සඳහන් කරයි
මේ අතර කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව එහි සඳහන්වේ.
ලිට්ල් හාට් ව්‍යාපෘතිය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද 2023 වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි අටක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
තවද අපේක්ෂා රෝහල සඳහාවූ පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහක් පැවති බවත් 2022 හා 2023 වර්ෂයන්හිදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවත් විගණන වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
නිසල් Thursday, 06 February 2025 07:06 AM
ඔය පරිත්‍යාග වශයෙන් ලැබෙන ආධාර මුදල් සෘජුව ලැබෙන්නෙ රෝහලට. රෝහල් වල අධ්‍යකෂ නනතුර සහ පරිපාලනය හොබවන්නෙ වෛද්‍යවරු. බහුතර දොස්තරල කැමති නෑ රජයේ රෝහල් වල බෙහෙන් තියෙනවට සහ දියුණුවෙනවට. එහෙම උනොත් එයාලගෙ පුද්ගලික රෝහල් වල කරන සැත්කමි බෙහෙත් විකිනීමි ආදිය බහුතරයක් අඩු වෙනව. ඒ නිසා ඕවගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව අත ඇරල දානව. දේශපලකයො විතරක් නෙවෙයි මෙවැනි නිලධාරීනුත් වග කියන්න ඕනි. ඒ වගේම තව දෙයක් තම රෝහල් වල ගෙනියන වෛද්‍ය ඒකාධිකාරිය. රෝහලක අධ්‍යක්ෂ තන්තුරු ලැබීමට තිබෙන සුදුසුකම තමයි මූලික උපාධියක් තිබීම. ඒක තමා බහුතර වෛද්‍යවරු සහ GMOA ඒක හෙදියන්ට සහ සම සෞඛ්‍ය පිරිස් වලට දැනට ලබා දෙන ඩිප්ලොමාව උපාධියක් දක්වා ඉහල දමනවාට විරුද්ධ. එහෙම උනොත් ජ්‍යේෂ්ඨත්වය අනූව හෙද සහ සමසෞඛ්‍ය පිරිස් වලට උනත් රෝහල් අධ්‍යක්ෂ තනතුරු වලට එන්න පුලුවන්. එහෙම උනොත් මෙයාල මෙහෙම ගෙනියන දෙබිඩි පිලිවෙත් නැති වෙනව.