නොතිසි නිකුත් කර තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය පාලිත මහීපාල මහතා ලබන ජනවාරි මස 10 වැනිදා කොළඔ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් මල්ලාකම් මහේස්ත‍්‍රාත් ඒ ජූඩ්සන් මහතා දෙවැනි වරටත් නොතිසි නිකුත් කළේය.
යාපනය චුන්නාකම් කර්මාන්තශාලාවකින් විස රසායනික ද්‍රව්‍ය පිටවීම හා ඒවා ජලයට මුසුවීම සම්බන්ධයෙන් විභාග වූ නඩුව සදහා ඉදිරිපත් වන්නැයි පාලිත මහීපාල මහතාට නොතිසි නිකුත් කැර තිබිණි.
මෙම ප‍්‍රදේශයේ පිරිසිදු ජලයට මෙතුළින් හානි සිදුව ඇතිදැයි හා පානයට හා අවශ්‍යතාවන්ට සුදුසුද යන්න තහවුරු කර ගැනීම සදහා පරීක්‍ෂණයක් සිදුකර තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයාට නියෝග කර තිබුණු අතර මෙම වාර්තාව මෙතෙක් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට 12 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතිසි නිකුත් කර තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට යළි නොතීසි