IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


‘සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත් කරනවා’

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ජනතාව වෙනුවෙන් තම සේවාව නිබදව ඉටුකරණ සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බවද අමාත්‍යවරයා කීය.

එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන්  මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන් ම ලැබෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ  සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන සාකච්ඡාමය වැඩසටහන් අතරතුර දී ය.

වෘත්තීය සමිති සමග පවත්වන විශේෂ සාකච්ඡා මාලාව යටතේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමග  අමාත්‍යවරයා සාකච්ඡා  පවත්වනු ලැබීය.

 



අදහස් (7)

‘සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත් කරනවා’

PGPThilak Tuesday, 14 January 2025 05:58 PM

මෙයාලා සූදානම් වෙන්නේ සල්ලි අච්චු ගහන මැෂින් බෙදා දෙන්න...! දැනටමත් ලක්ෂ ගණන් පඩි, දීමනා ගන්න මේ හැතිකරය මේ රටට ඔරොත්තු දෙන්නේ නැති බව මේ ගොබිලයින්ට නොතේරෙනවා නොවෙයි මොවුන් ඇත්ත කතා කරලා මහජනයා සමග හිට ගන්නවා වෙනුවට වෘත්තීය සමිති මාෆියාවට බියෙන් රටේ ආර්ථික අභිවෘද්ධිය පාවා දෙනවා...!

:       15       11

ලක්විදුTuesday, 14 January 2025 08:04 PM

තිලක් මහත්තයෝ, ඔයාගෙ පුතාට මෙඩිකල් කොලේජ් යන්න බැරිඋනා නේද?

:       6       2

kanishka Wednesday, 15 January 2025 09:34 AM

මේ මෝඩ ආණ්ඩුවත් කළින් ඒවා වගේම සෞඛ්‍ය වෘත්තිකයො විතරක් තෘප්තිමත් කර කර හිටපල්ල. රටේ ආර්තිකය, නිෂ්පාදන කෘෂිකර්මය කරන වෘත්තිකයන් අඩු කුලේ කියල සලකලා රටින් යන්න ඇරපල්ල. ඊට පස්සෙ කලින් වගෙම වෙන රටවලින් ණයට කකා හිටපල්ල. ගොඩ ඒමක් නෑ. වෙන කිසිම රටක මේ වගේ වෘත්තීය භේදය නෑ. සෞඛ්‍ය වෘත්තිකයො තෘප්තිමත් කරන්න නම් මහ බංකුව එයාලට ලියල දෙන්න වෙයි. මොකද ලංකාවෙ දොස්තරල එහෙම කොච්ච්‍ර පඩි දුන්නත් සෑහීමකට පත්වෙන්නෙ නෑනෙ

:       2       6

Saadara Wednesday, 15 January 2025 12:51 PM

නොමිලේ මෙඩිකල් කොලේජ් ගිය අය සල්ලි වලට බෙහෙත් දෙන්නේ ඇයි?

:       0       9

Rajakaruna Wednesday, 15 January 2025 01:30 PM

මේ රටට ඇත්තටම නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය ලැබෙන්න නම් පුද්ගලික ටියුෂන් සහ පුද්ගලික ඩිස්පෙන්සරි තහනම් කරන්න. වෙනත් විසඳුම් පැලැස්තර පමණි .

:       0       4

Namal Wednesday, 15 January 2025 02:02 PM

මේ රටට ඇත්තටම නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය ලැබෙන්න නම් private tution සහ private dispensary තහනම් කරන්න. වෙනත් විසඳුම් පැලැස්තර පමණි.

:       0       4

Kamal Koyrala Wednesday, 15 January 2025 03:23 PM

"සෞඛ්‍ය සේවකයන් තෘප්තිමත්. වර්තමාන සමිති තෘප්තිමත් නැහැ, හැකි නම් වෛද්‍යවරුන්ගේ පැමිණීමේ සටහන් යොදන්න ෆවුසි මහත්තයෙගෙන් ඉගෙන ගන්න."

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි
2025 මැයි මස 01 101 0

ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.


ගිනි අවි පෙන්වා කොල්ල කෑ පොලීසියේ දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 01 256 0

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්


‘ස්වාධීන වෙස් මුහුණ දාගත්තට ජනතාව පිළිගන්නේ නෑ‘
2025 මැයි මස 01 134 0

පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්‍


අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු
2025 මැයි මස 01 516 0

ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව


ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ
2025 මැයි මස 01 301 0

හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.


බටලන්ද විවාද දින තීරණයට පක්ෂ නායක රැස්වීමක් හෙට
2025 මැයි මස 01 125 0

බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 324 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 84 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1110 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site