
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොයුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් අද(6) ප්‍රකාශ සටහන් කර ගත්තේය.
ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22500ක් මෙරටට ගෙන්වන ලදැයි කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් රැසකගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම එන්නත් තොගයේ වටිනාකම රුපියල් කෝටි 100ක් පමණ වන බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd