කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් විනාශයට පත් කොස්ගම රෝහල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සිදුවූ විනාශය පිළිබඳ සොයා බැලීමට මහීපාල මහතා එහි ගිය අතර මාස තුනක් ඇතුළත රෝහල යළි අලුත්වැඩියා කරන තෙක් කොස්ගම මාතෘ සායන ගොඩනැගිල්ලේ තාවකාලික රෝහලක් ස්ථාපිත කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
රෝහලේ ගිලන් රථයකටද දැඩි හානි සිදුවී ඇත. සාලාව කඳවුර අවට ළිංවල ජලය භාවිතයට සුදුසුද යන්න පිළිබඳ විශේෂ පරීක්ෂාවක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. පරීක්ෂණ වාර්තාව කඩිනමින් ලබාදෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතන අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.