සිරස සුපර් ස්ටාර් තරු මාවත ආ සුපිරි තරු අතරේ සංඛ දිනෙත්ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. ගෙවුණ වසර කිහිපයේදී අලුත්ම ආරේ ගීත රැසක් නිර්මාණය කරමින් ක්ෂේත්රය තුළ නමක් දිනාගත් සංඛ, මේ දිනවල අලුත් ගීතයක් නිර්මාණය කරමින් සිටිනවා. "හුස්මක් පවා" නම් වූ මෙම ගීතය යුග ගීතයක්. සංඛ සමගින් මෙහි නිරාෂා ඒකනායක ගීත ගායනයෙන් සහාය වී තිබෙනවා. සිය අලුත්ම ගීතය පිළිබඳව සංඛ "සාරවිට" අපිට දැක්වුයේ මෙවැන්නක්.
"හුස්මක් පවා" ගීතය නිර්මාණය කරන්න මූලික අඩිතාලම යෙදුණේ නිරාෂා ඒකනායක. නිරාෂා දැනට ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්න කෙනෙක්. ඒත්, නිරාෂා කියන්නෙ අපේ කලා ක්ෂේත්රයට අලුත් කෙනෙක් නෙමෙයි. ස්වර්ණවාහිනියේ විකාශය වුණ "හාට්බීට්" සංගීත වැඩසටහන තමයි නිරාෂා පළමු වතාවට දැක්කේ. එහි නිවේදන කටයුතු සිදු කළේ ඇයයි. ඊට පස්සේ "සඳ ඔබ මගේ" ටෙලි නාට්‍යයේ ඇය රඟපෑවා. නමුත්, 2002 අවුරුද්දේ ඇය විවාහ වෙලා ඇමෙරිකාවේ පදිංචියට ගියා. නිරාෂාගේ සැමියා මගේ හිතවතෙක්. ඔහු නිරාෂා එක්ක ගීතයක් කරමුද කියලා යෝජනාවක් කළා. ඔය විදිහට තමයි "හුස්මක් පවා" ගීතය නිර්මාණය වුණේ. නිරාෂා ලංකාවට ආවාට පස්සෙ තමයි මෙහි පටිගත කිරීම් කටයුතු සිදුවුණේ. දැන් මෙහි ඕඩ්යෝවේ වැඩකටයුතු සියල්ල නිමා වෙලා තියෙනවා. නමුත්, නිරාෂාත් මාත් අදහස් කරමින් ඉන්නවා මේ ගීතයට රූප රචනාවකුත් නිර්මාණය කරන්න. මම හිතන්නෙ නිරාෂා ලංකාවෙන් යන්න කලින් ඒ වැඩ ටික සියල්ල අවසන් වේවි කියලා. ඉතින් මගේ ආදරණිය රසික, රසිකාවියන්ට මතක් කරන්න ඕනා මේ ගීතයටත් මගේ අනෙකුත් ගීතවලට දැක්වූ ප්‍රතිචාර ලබා දේවි කියලා."
බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - සංඛගේ ෆේස්බුක් ගිණුම



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.