IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සංඛ පද්ම බහිරව පූජාව පෙර සිරිතට

අභයගිරි විහාරයේ වළගම්බා රජ සමයේ සිට පැවැත්වෙන සංඛ පද්ම භෛරව දේවතාවුන් උදෙසා වාර්ෂික පූජා මංගල්‍යය මෙවරත් පැවැත්විණි.

වළගම්බා මහ රජු රට එක්සේසත් කිරීමෙන් අනතුරුව අභයගිරි දාගැබ ගොඩ නැගීමට වැඩ ඇල්ලූ අවස්ථා රැසක්ම කඩා කප්පල් වූ බවත්, ඊට හේතුව දිවා කාලයේ දී කරන ලද ඉදිකිරීම් රාත්‍රී කාලයේ දී කිසිවකු විසින් කඩා බිඳ දැමීම බවත්, මෙය සිදු කරන ලද්දේ ඉන්දියාවෙන් පැමිණි සංඛ හා පද්ම යන භෛරවයන් දෙදෙනා විසින් යැයි සොයා ගත් රජු ඔවුන් වෙනුවෙන් පූජාවක් පැවැත්වූ බවත් ඉතිහාසයේ සඳහන්ය.

එම පූජාවලින් පසු චෛත්‍යයේ වැඩ ඉක්මන් වූයෙන් එම භෛරවයන් දෙදෙනා වෙනුවෙන් සෑයේ දකුණු දොරටුවේ දේවාල දෙකක් ඉදි කළ බවත්, එදා සිට අද දක්වා භෛරව පූජා පැවැත්වෙන බවත් කියති.

අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අභයගිරි විහාරාධිකාරී කල්ලංචියේ රතනසිරි නාහිමියෝ සහ දායක සභාව මෙවර පූජාව සංවිධානය කළහ.

 



අදහස් (0)

සංඛ පද්ම බහිරව පූජාව පෙර සිරිතට

මනෝජ්- සාජා Thursday, 12 September 2013 02:23 PM

ඔව් පද්මේ මටත් එහෙමයි .ජයන්ත නියමයි අපි හිනැස්සුවට ගොඩක් ස්තූතියි. (ස)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 12 September 2013 02:51 PM

ජයන්ත, ඔබේ කටට මසුරන් දාන්න වටිනවා. තැනට සුදුසු කාලයට ඔබින කියමනට (ස)

:       0       0

පිටිගල් Thursday, 12 September 2013 07:31 PM

මටත් පෙන්නේ ඒ විදිහටමයි. ජයන්ත හරි මයේ හිතේ. (දී)

:       0       0

අවන්ති Thursday, 12 September 2013 03:32 PM

ජයන්තගේ කතාවට මටත් හිනා යනවා අනේ (දී)

:       0       0

පද්මේ Thursday, 12 September 2013 03:33 PM

කැලුම් ගේ නෑදෑයෙක් වගේනේ තදවෙන්නේ.අඩ නිරුවත්නම් හැමතැනම කැලුම් හින්දි නිලියෝ වෙන්නම ඕනේ නැහැ. දවසක එන්න හොඳට බහිරවයෝ කුම්බන්ඩයෝ පිසචයෝ ගැන කියල දෙන්නම්. (දී)

:       0       0

චන්දි Friday, 13 September 2013 09:28 AM

මේ ලංකා පෙට්ටියක් ගැන කියපු නිසා මං ආපස්සට ‍ෆොටෝස් ටික ගෙනල්ලා බැලුවා. කෝ පෙට්ටියක් නැහැනේ (මගේ යාලුවනේ ලංකා මේ පෙට්ටිය කියලා තියෙන්නේ අභයගිරි වෙහෙර වහන්සේට ''ද ''.....?) (ස)

:       0       0

සිල්වා Thursday, 12 September 2013 11:34 AM

අගය කරනවා මේ වැඩේ

:       0       0

අජන්ත Thursday, 12 September 2013 12:14 PM

මොකද්ද අනේ මේ වැඩේ මට තේරෙන්නේ නැහැ (දී)

:       0       0

ලංකා Thursday, 12 September 2013 12:44 PM

අර පෙට්ටිය ඇතුලේ කව්ද ඉන්නේ (දී)

:       0       0

ප්‍රියන්ත Thursday, 12 September 2013 12:45 PM

රජ කලේ ඉදන්ම ඉන්දියවෙන් අපිට සිදු උනේ කෙනහිලිකම්මයි .තාමත් ඉතින් එකේ අඩුවක් නැ. (දී)

:       0       0

වජිර Friday, 13 September 2013 11:36 AM

නියම කෙසෙල් කැනක් තියෙන්නේ, ඇඹුලක් වගේ නේද??? (ස)

:       0       0

ජයන්ත Thursday, 12 September 2013 01:19 PM

ලංකා ඒ පෙට්ටියේ ඇතුලේ ඉන්නේ භෛරවයා

:       0       0

පද්මේ Thursday, 12 September 2013 01:45 PM

ජයන්ත සුපිරි කමෙන්ට් එක.තාමත් හිනායනවා (දී)

:       0       0

දන් ඇසෙ Thursday, 12 September 2013 01:46 PM

ලංකාවෙ බුදු සසුන පිරිහෙන්න පටන් ගත්තෙ අභයගිරියෙන්.. තවමත් මහායානික පුජා ක්‍රියත්මක කරමින් සිටිනවා.. (දී)

:       0       0

කැලුම් Thursday, 12 September 2013 01:52 PM

ඔයාලට මේව දැක්කම හිනා නේ...හින්දි නිලියක් අඩ නිර්වතින් ඉන්නවා නම් කට ඇරගන බලගන ඉදියි ඔයගොල්ලෝ මේවා දන්නැත්නම් අම්මා තාත්තාගෙන් අහල දැනගන්න..හොඳ දෙමුපියෝ මේවා දන්නවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site