අභයගිරි විහාරයේ වළගම්බා රජ සමයේ සිට පැවැත්වෙන සංඛ පද්ම භෛරව දේවතාවුන් උදෙසා වාර්ෂික පූජා මංගල්‍යය මෙවරත් පැවැත්විණි.
වළගම්බා මහ රජු රට එක්සේසත් කිරීමෙන් අනතුරුව අභයගිරි දාගැබ ගොඩ නැගීමට වැඩ ඇල්ලූ අවස්ථා රැසක්ම කඩා කප්පල් වූ බවත්, ඊට හේතුව දිවා කාලයේ දී කරන ලද ඉදිකිරීම් රාත්‍රී කාලයේ දී කිසිවකු විසින් කඩා බිඳ දැමීම බවත්, මෙය සිදු කරන ලද්දේ ඉන්දියාවෙන් පැමිණි සංඛ හා පද්ම යන භෛරවයන් දෙදෙනා විසින් යැයි සොයා ගත් රජු ඔවුන් වෙනුවෙන් පූජාවක් පැවැත්වූ බවත් ඉතිහාසයේ සඳහන්ය.
එම පූජාවලින් පසු චෛත්‍යයේ වැඩ ඉක්මන් වූයෙන් එම භෛරවයන් දෙදෙනා වෙනුවෙන් සෑයේ දකුණු දොරටුවේ දේවාල දෙකක් ඉදි කළ බවත්, එදා සිට අද දක්වා භෛරව පූජා පැවැත්වෙන බවත් කියති.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අභයගිරි විහාරාධිකාරී කල්ලංචියේ රතනසිරි නාහිමියෝ සහ දායක සභාව මෙවර පූජාව සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් පද්මේ මටත් එහෙමයි .ජයන්ත නියමයි අපි හිනැස්සුවට ගොඩක් ස්තූතියි. (ස)
ජයන්ත, ඔබේ කටට මසුරන් දාන්න වටිනවා. තැනට සුදුසු කාලයට ඔබින කියමනට (ස)
මටත් පෙන්නේ ඒ විදිහටමයි. ජයන්ත හරි මයේ හිතේ. (දී)
ජයන්තගේ කතාවට මටත් හිනා යනවා අනේ (දී)
කැලුම් ගේ නෑදෑයෙක් වගේනේ තදවෙන්නේ.අඩ නිරුවත්නම් හැමතැනම කැලුම් හින්දි නිලියෝ වෙන්නම ඕනේ නැහැ. දවසක එන්න හොඳට බහිරවයෝ කුම්බන්ඩයෝ පිසචයෝ ගැන කියල දෙන්නම්. (දී)
මේ ලංකා පෙට්ටියක් ගැන කියපු නිසා මං ආපස්සට ෆොටෝස් ටික ගෙනල්ලා බැලුවා. කෝ පෙට්ටියක් නැහැනේ (මගේ යාලුවනේ ලංකා මේ පෙට්ටිය කියලා තියෙන්නේ අභයගිරි වෙහෙර වහන්සේට ''ද ''.....?) (ස)
අගය කරනවා මේ වැඩේ
මොකද්ද අනේ මේ වැඩේ මට තේරෙන්නේ නැහැ (දී)
අර පෙට්ටිය ඇතුලේ කව්ද ඉන්නේ (දී)
රජ කලේ ඉදන්ම ඉන්දියවෙන් අපිට සිදු උනේ කෙනහිලිකම්මයි .තාමත් ඉතින් එකේ අඩුවක් නැ. (දී)
නියම කෙසෙල් කැනක් තියෙන්නේ, ඇඹුලක් වගේ නේද??? (ස)
ලංකා ඒ පෙට්ටියේ ඇතුලේ ඉන්නේ භෛරවයා
ජයන්ත සුපිරි කමෙන්ට් එක.තාමත් හිනායනවා (දී)
ලංකාවෙ බුදු සසුන පිරිහෙන්න පටන් ගත්තෙ අභයගිරියෙන්.. තවමත් මහායානික පුජා ක්‍රියත්මක කරමින් සිටිනවා.. (දී)
ඔයාලට මේව දැක්කම හිනා නේ...හින්දි නිලියක් අඩ නිර්වතින් ඉන්නවා නම් කට ඇරගන බලගන ඉදියි ඔයගොල්ලෝ මේවා දන්නැත්නම් අම්මා තාත්තාගෙන් අහල දැනගන්න..හොඳ දෙමුපියෝ මේවා දන්නවා (දී)