සිරිපා වන්දනා කාලය අද අළුයම ආරම්භ කැරිණි. පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව හා දේව අභාරණ රැගත් පෙරහැර ශ්‍රී පාද මළුවට වැඩම කරවනු ලැබීය.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් විසින් ශ්‍රී පාදස්ථානය සුවද පැණින් නහවා සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කිරිමෙන් පසු වන්දනා කටයුතු ආරම්භ කෙරිණි.
බෙංගමුවේ ධමිමදින්න නාහිමියන් සියලූම වන්දනා කරුවන්ගෙන් ඉල්ලා සිටිනුයේ විනීතව ශ්‍රී පාදස්ථානය කරැණාවේ යෙදෙන ලෙසයි පොලිතීන්, මත් පැන්, දුම්වැටි හා සංගීත භාණ්ඩ ආදිය ශ්‍රී පාදස්ථානයට රුගෙන යාමට ඉඩ නොලැබෙන දේ අතර වෙයි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඳ ගනු සකිය සිරිපා ගල නැගෙනහිර. (ස)
සාදු සාදු සාදු. (ස)