IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


සෙක්ස් ඇන්ඩ් ලව් ප්‍රසංග වන්දි නඩුව කල් යයි

කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ දී 2015 දෙසැම්බර් 20 වැනි දා පැවති ලෝ ප‍්‍රකට පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස්ගේ ප‍්‍රසංගයේ ටිකට් පත් අලෙවියේ ගිණුම් වාර්තා සහ ‘සෙක්ස් ඇන්ඩ් ලව්’ ප‍්‍රසංගය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට් ආයතනයේ වත්කම් අන්සතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලීම ලබන අගෝස්තු 12 වැනි දා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය තීන්දු කළේය.

ප‍්‍රසංගය නැරඹීමට ප්‍රභූ (වී.අයි.පී) ටිකට්පත‍්‍ර ලබාගෙන ගිය තමන්ට ගිවිසගත් වරප‍්‍රසාද ලබා නොදීමෙන් සිදුවූ මානසික අසහනකාරී තත්ත්වය සඳහා රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වන්දියක් ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ කැඳවිණි.

වගඋත්තරකාර සමාගම අධිකරණය හමුවේ  සිය වත්කම් හෙළිකිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අධිකරණයෙන් කල් ඉල්ලා සිටිති. මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර මෙම සමාගමේ අධ්‍යක්ෂකවරු වෙති.

ප‍්‍රසංගය නැරඹීමට තමා සහ බිරිඳ රුපියල් 35000ක් ගෙවා වී.අයි.පී ටිකට් පත‍්‍ර ලබා ගත්තද  එහිදී සිදුවූ යම් යම් අශෝබන සිදුවීම් නිසා තමන් මානසික හා ශාරීරික අසහනයට පත්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.



අදහස් (0)

සෙක්ස් ඇන්ඩ් ලව් ප්‍රසංග වන්දි නඩුව කල් යයි

ජයතු Friday, 29 July 2016 08:05 PM

මුලු රටම අාදරය කරන මහේල සංගා මුදලට කෑදරව මෙිවැනි අශික්තිත සංදර්ශන පවත්වා පින්බිම කැත කල ඔබ දෙපල ජනතාව පිලිකුල් කරයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 396 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 846 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site